රුපියල් ලක්ෂ 20 ක්ට අධික වටිනාකමකින් යුතු තහනම් තංගුස් දැල් තොගයක් (28) අද පුත්තලම නගරයේදී සහ මුල්ලිපුරම්වලදී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධිවර සහකාර අධ්යක්ෂ කාර්යාල ප්‍රකාශ කළා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම නගරයේ අලෙවි සැලක අලෙවි කිරීම සඳහා රහසිගතව සඟවා තිබු තංගුස් දැල් තොගයක් හා එම ව්‍යාපාරිකයාට අයත් මුල්ලිපුරම් ප්‍රදෙශයේ ගබඩාවක සඟවා තිබු දැල් තොගයක්. […]
නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා, සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වන බව සදහන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී යුද […]
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කොළඹ – කොටුව ලෝටස් මංසන්ධියේදී පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මෙම පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දැමීමටද පොලීසිය පියවර ගත් අතර, මෙම විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ – කොටුව සහ පිටකොටුව අවට දැඩි රථවාහන තදබදයක්ද […]
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙලෙස අදාළ නාමය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සදහන්. එම දෙපාර්තමේන්තුවට මෙරට ජාතික බුද්ධිමය දේපල පද්ධතිය පාලනය කිරීමේ […]
අද පෙරවරුවේ මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයින් හතර දෙනෙකුගේ වැඩතහනම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අනතුරට ලක් වූ මරදාන සිට කලුතර බලා ධාවනය කෙරුණු දුම්රියේ රියදුරු, රියදුරු සහායක සහ නියාමකවරුන් දෙදෙනායි. සංඥා නොමැතිව මෙම දුම්රිය ධාවනය […]
විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන සහ ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බව සදහන්. විරෝධතාවය ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කර කොළඹ ලෝටස් මාර්ගය හරහා ගමන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හෝ පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජනතාව සහය පල කල යුතු පක්ෂයන් තෝරා ගත යුතු ආකාරය පිළිබද අත් පත්‍රිකා බෙදා දීමක් ටි.එම්.කේ පක්ෂය විසින් මේ දිනවල ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව උතුරේ දෙමල ජනතාව සිය අනාගතය ගැන සිතා මෙම මැතිවරණයේදී කටයුතු කල යුතු බවයි එම පක්ෂය සදහන් කරන්නේ.මෙම අත් පත්‍රිකා […]
මෙම වසර අවසානයට පෙර ශ්‍රී ලංකා අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර් 100 කට අධික ප්‍රමාණයක් අලුතින් එක් කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මාතර සිට මත්තල දක්වාත් , කඩවත සිට කෙලවරපිටිය දක්වාත් මෙයට ඇතුලත් වන අතර එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේහි මාතර සිට අපරැක්ක දක්වා කොටස ලගදීම ජනතා අයිතියට පත් කරන බවයි එම අධිකාරිය වැඩි […]
2006 වර්ෂයේ ජනවාරි මස 01 වෙනිදා දින සිට 2018 වර්ෂයේ ජනවාරි 31 වෙනි දින දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමගම් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා සම්බන්දයෙන් පත් කල ජනපති කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය […]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ සිදු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ට්ටුව එකතුව ඇතිකර ගැනීමට යන සන්ධානය පිළිබද වැඩි වශයෙන් කරුණු සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කලේ සිය පක්ෂය අතහැර යන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා එකම ආකාරයකින් දැඩි පියවර ගන්නා බවයි. විශේෂයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පක්ෂය විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ද සිය පක්ෂය දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා බවද එම මහතා වැඩි […]
ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් තුවක්කුකරුවන් පිරිසක් යොදවා ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි කරණ අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් නමැති වෛද්‍යවරයා යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම වෛද්‍යවරයාගෙන් […]