කසළ තේ කිලෝ 4000කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිසීය වෙත භාරදී තිබෙනවා.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට ලොරි රථයකින් නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරි රථයේ තිබී යකඩ කිලෝ 1500 ක ප්‍රමාණයක් සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 39 ත් අතර වයස් සීමා වල අම්බලන්තොට සහ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තුන් දෙනෙක්. වැටලීම […]
ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම රිය අනතුරු සිදුව ඇත්තේ මාන්කුලම් ඇල්ල ඇඹිලිපිටිය වත්තල හා මොණරාගල ප්‍රදේශ වලයි. වසරේ ගතවූ මාස 05 ක කාලය තුළ සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 1, 164 දෙනෙතු මිය ගොස් තිබෙනවා. එම කාල සීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 1, […]
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව තුළින් සිදු වු සියලු මනුෂ්‍ය ඝාතන සියල්ලම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඊට අදාලව දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රකාර ” මිනිමැරුම් චෝදනා” යටතේ ඉදිරිපත් කල ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත්වරිය ගන්නා ලද පියවරට එරෙහි ප්රතිශෝධන අයදුම්පතක් මහාධිකරණය හමුවේ […]
කුරුදු /ගම්මිරිස් සහ ගොරකා මිල සීඝ්රයෙන් පහත ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සුලූ අපනයන ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සදහන්. ගොරකා කිලෝවක් මීට වසරකට පමණ පෙර රුපියල් 350කට පමණ අලෙවි වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට ගොරකා කිලෝවක් අලෙවිවන්නේ රුපියල් 100 ක් වැනි මිලකටයි.
ශී‍්‍ර ලාංකිකයින් යනු රුපියලක් සංවර්ධනයට වැය කරන විට රුපියල් තුනක් ණය ගෙවීමට සිදුවන ජාතියක් බව මහනගර හා බස්නාහිර සංගම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. ජනතාව දෙනවා කියන තැනට ඇදෙන බවත් එලෙස ඇදෙන විට දේශපාලඥයින් ජනතාව ඇදගන්න ක්‍රමය එය බවත් සිතන අතර අද දේශපාලනය බලු කපුටු දානයකට සමාන බව ඔහු කියා සිටියා. මෙලෙස ඡන්ද […]
ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අදාල නඩුව මේ වන විට ගම්පහ මහාධිකරණයේ විභාගයට ගැණෙන අතර ඒ සඳහා ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි නීතිපතිවරයා […]
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි අනු තුන්දහසක් වන අතර එම ජල ධාරිතාවන මේ වන විට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහල බැස […]
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැුස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. මෙහිදී අතුරලියේ රතන හිමියන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූණා. ඒ රතන හිමි විසින් ආරම්භකළ මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් […]
නව ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ආණ්ඩුව මෙරට ඉඩම් අමෙරිකාව ඇතුළු බහු ජාතික සමාගම් වලට විකිණිමට යන බවට දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා චෝදනා කරනවා.ඒ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වමින්ය. එ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාද සදහන් කලේ මෙම ඉඩම් පනත මගින් සිදුවන හානිය සෝෆා ගිවිසුම මගින් සිදුවන හානියට සමාන බවයි.
දෙමළජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද යලි රැස් වනවා. ඒ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායි. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා. නමුත් එහිදී තීරණය කෙරුනේ විශ්වාසභංගය පිළිබඳ තවදුරටත් සළකා බලා පසුව තීරණයක් ගැනීම යෝග්‍ය බවයි. ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදීමත් දෙමළ ජනතාවගේ විශ්වාසය […]
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට සහය පළ කරමින් පක්ෂ භේදයකින් තොරව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද දිනයේ දී හා හෙට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගැනීමට වෙන් කර ඇති අතර මෙයට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දිමට තමන් සුදානම් බවත් එක්සත් ජනතා […]