News Line| Off Air
Generic placeholder image

Apr
17

පරණ අවුරුද්දේ මඟ හැරිච්ච ටිකක් මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/xlxl1enBhYo


Apr
17

මහියංගනය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් 10ක් මරුට

Generic placeholder image

මහියංගනය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.අද අලූයම 01.30ට පමණ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් මියගිය පිරිසට අයත්. […]


Apr
17

පංජාබ් කණ්ඩායමට තවත් ජයක්

Generic placeholder image

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය රාජස්ථාන් රෝයල් සහ කිංගස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම් අතර ඊයේ චන්දිගාර් හීිදී පැවැත්වුණු තරගයෙන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 12 ක ජයඝ්‍රහණයක් වාර්තා කළා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුු වාර 20 අවසානයේ කඩුල් 06 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 182 ක්. ලෝකේෂ් රාහුල් පන්දු 47 කදී ලකුණු […]


Apr
17

ගිනිගත් දේවස්ථානයේ නවතම තත්ත්වය මෙන්න

Generic placeholder image

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් නොට්රඩාම් දේවස්ථානය යළි පිළිසකර කිරීම සදහා ලොව නන් දෙසින් ආධාර ලැබෙමින් පවතිනවා. යුනෙස්කෝ සංවිධානය ද සදහන් කලේ මෙම කරතව්‍ය සදහා ප්‍රංශය සමග අත්වැල් බැද ගන්නා බවයි. ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යුරෝ මිලියන 300 බැගින් ලබා දීමට දානපතියන් දෙදෙනෙකු ද ඉදිරිපත් වී සිටිනවා. කතෝලික ජනතාව සිය හදවත ලෙස සලකන නොට්රඩාම් […]


Apr
17

බීලා වැඩ දාන අයට වැඩ වරදියි

Generic placeholder image

බීමතින් කලහාකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පසුගිය දින වල දී එවැනි සිදුවීම් රැසක් වාර්තා වීම ඊට හේතුව බවයි. මේ අතර පසුගිය 11 වනදා සිට සිදු කල මෙහෙයුම් වලදී බීමත් රියදුරන් 1 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලබා ගෙන ඇති […]


Apr
17

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ලබන 18 වනදා දක්වා තද වැසි ඇති විය හැකි බවයි. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික් වලත් ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් […]


Apr
17

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගෙන් විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

සිය ගැටලු සදහා විසදුම් නොලැඛෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසනවා. සමෘද්ධි බැංකු වල සේවකයින් ඊයේ සංඛේත වැඩ වර්ජනයක නිරත වුණා. මේ හේතුවෙන් ඊයේ දිනයේ අලුත් අවුරුදු ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සමෘද්ධි බැංකුවල සිදුකිරීමට නොහැකි වුණා.


Apr
17

ලෝක කුසලානයට එංගලන්තේ යන බංගලි කණ්ඩායම නම් කරයි

Generic placeholder image

මැයි මස අගදී එංගලන්තයේ අරම්භවෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවෙන බංග්ලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ Mashrafe Mortaza හටයි. මෙවර ලෝක කුසලාන තරගාවලිය තුලදී කොයි මොහොතේ හෝ පෙරළියක් ඇති කිරීමට සමත් කණ්ඩායමක් ලෙසයි ක්‍රිකට් විචාරකයින් බංගලි කණ්ඩායම හඳුන්වාදෙන්නේ.


Apr
17

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජාත්‍යන්තරයට

Generic placeholder image

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව අද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිතයි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සිසුවා සහ දුලානි චාමිකා විතානගේ සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. එය නිපදවා ඇත්තේ ජපානයේ ක්යූෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටයි. කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වන මෙය ඝනක චන්ද්‍රිකාවක් […]


Apr
17

අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන පහසුකම්

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මකයි. ලංගම බස් රථ සේවා වැඩි වශයෙන් ධාවනයට යොදා ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ. කෙටි දුර ගමන් සේවා වලට මෙන්ම දිගු දුර ගමන් සඳහා ද මේ වන විට ප්‍රවාහයන සේවා ක්‍රියාත්මක වනවා. සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර […]


Apr
17

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අද

Generic placeholder image

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අද ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 22 වනදා ආරම්භ වන බවයි. පසුගිය 05 වනදා රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල පළමු පාසල් වාරය අවසන් වුණා. මුස්ලිම් පාසල් සදහා පළමු පාසල් වාරය […]


Apr
17

ගින්නට විනාශ වී නොට්‍රා ඩාම් දේවස්ථානයේ වටිනාකම

Generic placeholder image

ඓතිහාසික නොට්‍රා ඩාම් දේවස්ථානයේ ඇති වූ ගින්න මුළු මහත් ලෝකයම ජාති ආගම් භේදයකින් තොරව කැළඹීමටත් ශෝඛයටත් පත් කරන ලද පුවතක් වුණා. ශුද්ද වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙහි තැන්පත් කර තිබුණ අතර එම ඔටුන්න නිරුපද්‍රිතව බේරාග් ගැනීමට හැකි වුණා. ඊට අමතරව එහි තැන්පත් කර තිබූ මිල කළ නොහැකි භාණ්ඩ බේරා ගැනීම වෙනුවෙන් හදිසි සේවාවක්ද ක්‍රියාත්මක කර […]


News Articles
Latest Videos
Most Popular Post