බීමතින් කලහාකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පසුගිය දින වල දී එවැනි සිදුවීම් රැසක් වාර්තා වීම ඊට හේතුව බවයි. මේ අතර පසුගිය 11 වනදා සිට සිදු කල මෙහෙයුම් වලදී බීමත් රියදුරන් 1 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලබා ගෙන ඇති […]
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ලබන 18 වනදා දක්වා තද වැසි ඇති විය හැකි බවයි. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික් වලත් ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් […]
සිය ගැටලු සදහා විසදුම් නොලැඛෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසනවා. සමෘද්ධි බැංකු වල සේවකයින් ඊයේ සංඛේත වැඩ වර්ජනයක නිරත වුණා. මේ හේතුවෙන් ඊයේ දිනයේ අලුත් අවුරුදු ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සමෘද්ධි බැංකුවල සිදුකිරීමට නොහැකි වුණා.
මැයි මස අගදී එංගලන්තයේ අරම්භවෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවෙන බංග්ලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ Mashrafe Mortaza හටයි. මෙවර ලෝක කුසලාන තරගාවලිය තුලදී කොයි මොහොතේ හෝ පෙරළියක් ඇති කිරීමට සමත් කණ්ඩායමක් ලෙසයි ක්‍රිකට් විචාරකයින් බංගලි කණ්ඩායම හඳුන්වාදෙන්නේ.
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව අද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිතයි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සිසුවා සහ දුලානි චාමිකා විතානගේ සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. එය නිපදවා ඇත්තේ ජපානයේ ක්යූෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටයි. කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වන මෙය ඝනක චන්ද්‍රිකාවක් […]
උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මකයි. ලංගම බස් රථ සේවා වැඩි වශයෙන් ධාවනයට යොදා ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ. කෙටි දුර ගමන් සේවා වලට මෙන්ම දිගු දුර ගමන් සඳහා ද මේ වන විට ප්‍රවාහයන සේවා ක්‍රියාත්මක වනවා. සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර […]
මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අද ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 22 වනදා ආරම්භ වන බවයි. පසුගිය 05 වනදා රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල පළමු පාසල් වාරය අවසන් වුණා. මුස්ලිම් පාසල් සදහා පළමු පාසල් වාරය […]
ඓතිහාසික නොට්‍රා ඩාම් දේවස්ථානයේ ඇති වූ ගින්න මුළු මහත් ලෝකයම ජාති ආගම් භේදයකින් තොරව කැළඹීමටත් ශෝඛයටත් පත් කරන ලද පුවතක් වුණා. ශුද්ද වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙහි තැන්පත් කර තිබුණ අතර එම ඔටුන්න නිරුපද්‍රිතව බේරාග් ගැනීමට හැකි වුණා. ඊට අමතරව එහි තැන්පත් කර තිබූ මිල කළ නොහැකි භාණ්ඩ බේරා ගැනීම වෙනුවෙන් හදිසි සේවාවක්ද ක්‍රියාත්මක කර […]
ඩුබායි අත්අඩංගුවේ පසුවූ තවත් පුද්ගලයින් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. මොහොමඩ් රිසාන්, මොහොමඩ් බදුර්දීන් , මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමොඩ් හිබිර්, මොහොමඩ් ජබීර් , සුරේෂ් වසන්ත, රණසිංහ , රූපදාස සයිමන් හේවගේ සහ නිිලාන් රොමේෂ් රණසිංහ නැමැති පුද්ගලයින් මෙලෙස දිවයිනට පැමිණ තිබුණා. එම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ පොර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දිවයිනට පිටුවහල් […]
හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (17) උදෑසන 7.40 ට උදා වුණා. දිවයින පුරා මේ සම්බන්ධයෙන් ආගමික ස්ථානවල කටයුතු සූදානම් කර තිබුණ අතර කොල්ලුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය පැවතුණේ මේ ආකාරයටයි.
ලොව සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට ගොස් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටිනවා.ගිය වසරේ මුල් මාස 3ට සාපේක්ෂව සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව 300%කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තා වල සඳහන්.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ දැමීම වෙනුවෙන් නව කෙටුම්පතක් ඉක්මනින් සකස් කරන බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරනවා. මෙම වැටුම් සංශෝධනයේදී වතුකම්කරුවන්ටද එය අදාල වන පරිදි සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.