News Line| Off Air
Generic placeholder image

Mar
25

සරසවි සිසු පාගමනක් නිසා කැලණියේ සිට කොළඹ දෙසට රථ වාහන තදබදයක්

Generic placeholder image

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් නිසාවෙන් නුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කැලණියේ සිට කොළඹ දක්වා රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. විරෝධතා පාගමනේ නිරත සිසුන් මේ වනවිට පෑලියගොඩ පාලම පසු කරමින් කොළඹ දෙසට ලඟා වෙමින් සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේය. ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනතට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් […]


Mar
25

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්ධි කරන වෙලාව මෙන්න

Generic placeholder image

දිවයින පුරා විදුලිය විසන්ඳිවන වෙලාවන් සහ ඒ හා අදාල ප්‍රදේශ සඳහන් කරමින් ලංකා විදුලිබල මන්ඩලය විසින් කාලසටහනක් නිකුත් කර ඇත.


Mar
25

ලංකාවේ වාහන ගණන මිලියන 7 ඉක්මවයි

Generic placeholder image

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය යටතේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (25) පෙරවරුවේ ආරම්භ වුණා. එහිදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ “අද වන විට අපේ රට තුළ මෝටර් රථ මිලියන 7කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේක නිසා තමයි මේ ප්‍රවාහන තදබදය ඇතිවෙලා තියෙන්නේ.” යනුවෙනි.


Mar
25

මීලඟ ජනපති ගැන රතන හිමිගෙන් ඉඟියක්

Generic placeholder image

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කරා. ගම්පහ සණස ශාලාවේදී පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් උන්වහන්සේ එසේ පැවසූවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමි ප්‍රකාශ කළේ, “මේ පුජනීය පින්බිම වස විසෙන් තොර කරලා […]


Mar
25

චොකලට් කෑ අගමැති සමාව ඉල්ලයි

Generic placeholder image

සිය රජයට විරුද්ධව පවතින දූෂණ චෝදනාවක් හේතුවෙන් කැනේඩියානු පාර්ලිමේන්තුවේ තිබූ චන්ද විමසීමක් අතරතුර හොර රහසේ චොකලට් අනුභව කිරීමේ වරද පිළිගත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලාතිබෙන බව විශෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාත්‍රී කාලයේ තිබූ ඡන්ද විමසීමකදී මේසෙ යට සඟවාගෙන අගමැතිවරයා කෙටි කෑමක් අනුභව කරන බව විපක්ෂ මන්ත්‍රී ස්කොට් රීඩ් අගමැතිවරයා සභාවට පවසා තිබෙනවා. […]


Mar
25

ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා රන්බීර් හොඳම නිළිය ආලියා

Generic placeholder image

බොලොවුඩ් සිනමාවට ගොඩක් වැදගත් උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල 64 වන වරටත් මෙවර පැවැත්වුණා. ‘රාසි’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනාගත්තා. හොඳම නිළියට හිමි සම්මානය ලබාගත්තේ රාසි චිත්‍රපටය වෙනුවෙන් ආලියා බාත්. හොඳම අධ්‍යක්ෂවරයා රාසි චිත්‍රපටය වෙනුවෙන් මේඝානා ගුල්සාර්. හොඳම නළුවා සංජු චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් කපූර්. හොඳම නවක නිළිය කෙදර්නාත් චිත්‍රපටය වෙනුවෙන් සාරා අලී […]


Mar
25

ජෙෆ්රි ඇලෝසියස් අත්අඩංගුවට

Generic placeholder image

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සමගාමිව අද පෙරවරුවේදී මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


Mar
25

”රෑ දොර අරිනකොට හිටපු සතාව දැකලා මම බය වුණා” – නිට්ටෑ බියෙන් රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යයි

Generic placeholder image

දැනට මාස කිහිපයක පෙර ඇති වූ ”නිට්ටෑවන්” පිළිබඳ කතාබහ මේ වෙනකොට අඩුවෙලා තිබ්බත් ආයෙත් නිට්ටෑවන් පිළිබඳව කතාවක් ඉස්මතු වී තිබෙනවා. එහි නවතම සිදුවීම ලෙස ගලගෙදර පොලිස් බල ප‍්‍රදේශයට අයත් රිලාගල වතු යායට නිට්ටෑවන් පැමිණි බව කියමින් එම වතුයායේ ජනතාව නිවෙස් හැර යාමට පෙළඹී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව එම වතු යායේ හුදෙකලා ව […]


Mar
25

Bump N Grind තෙවන වරටත්

Generic placeholder image

දක්ශ Hip hop ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ඉවෙන්ට් එකක් තමයි Bump N Grind කියලා කියන්නෙ. මාර්තු 29 වෙනිදා මේ ඉවෙන්ට් එක තුන්වෙනි පාරටත් සංවිධානය කිරීමට එම සංවිධාන මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.Voice Lounge Colombo 07  එකේ තමයි මෙවර bump n grind තියෙන්නෙ. මෙවර bump n grind පැවැත්වෙන්නෙ supun, Basecraft, loopout, Minil Dee කියන ආර්ටිස්ලගෙ සහභාගීත්වයෙන්.


Mar
25

විභාග කිහිපයක් ONLINE ක‍්‍රමයට

Generic placeholder image

විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට ඔන්ලයින් ක්‍රමය පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කිරීම උදෙසා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 2017 වසරේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් […]


Mar
25

නිවෙස්වලදීම අත්අඩංගුවට පත් වූ බැඳුම්කර වංචාවේ සැකකරුවන් ගැන විශේෂ හෙළිදරව්වක්

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවන් සිවු දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Mar
25

ජනපතිගෙන් ආරාධනයක්

Generic placeholder image

රටත් ජනතාවත් වෙනුවෙන් පුළුල් මෙහෙවරකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විද්වතුන්ට ආරාධනා කරනවා සිටිනවා. විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මෙම ඇරයුම සිදු කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදු කළ සේවය ඇගයීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ පැවැත්වෙනවා. එය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post