සිය රජයට විරුද්ධව පවතින දූෂණ චෝදනාවක් හේතුවෙන් කැනේඩියානු පාර්ලිමේන්තුවේ තිබූ චන්ද විමසීමක් අතරතුර හොර රහසේ චොකලට් අනුභව කිරීමේ වරද පිළිගත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලාතිබෙන බව විශෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාත්‍රී කාලයේ තිබූ ඡන්ද විමසීමකදී මේසෙ යට සඟවාගෙන අගමැතිවරයා කෙටි කෑමක් අනුභව කරන බව විපක්ෂ මන්ත්‍රී ස්කොට් රීඩ් අගමැතිවරයා සභාවට පවසා තිබෙනවා. […]
බොලොවුඩ් සිනමාවට ගොඩක් වැදගත් උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල 64 වන වරටත් මෙවර පැවැත්වුණා. ‘රාසි’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනාගත්තා. හොඳම නිළියට හිමි සම්මානය ලබාගත්තේ රාසි චිත්‍රපටය වෙනුවෙන් ආලියා බාත්. හොඳම අධ්‍යක්ෂවරයා රාසි චිත්‍රපටය වෙනුවෙන් මේඝානා ගුල්සාර්. හොඳම නළුවා සංජු චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් කපූර්. හොඳම නවක නිළිය කෙදර්නාත් චිත්‍රපටය වෙනුවෙන් සාරා අලී […]
මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සමගාමිව අද පෙරවරුවේදී මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැනට මාස කිහිපයක පෙර ඇති වූ ”නිට්ටෑවන්” පිළිබඳ කතාබහ මේ වෙනකොට අඩුවෙලා තිබ්බත් ආයෙත් නිට්ටෑවන් පිළිබඳව කතාවක් ඉස්මතු වී තිබෙනවා. එහි නවතම සිදුවීම ලෙස ගලගෙදර පොලිස් බල ප‍්‍රදේශයට අයත් රිලාගල වතු යායට නිට්ටෑවන් පැමිණි බව කියමින් එම වතුයායේ ජනතාව නිවෙස් හැර යාමට පෙළඹී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව එම වතු යායේ හුදෙකලා ව […]
දක්ශ Hip hop ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ඉවෙන්ට් එකක් තමයි Bump N Grind කියලා කියන්නෙ. මාර්තු 29 වෙනිදා මේ ඉවෙන්ට් එක තුන්වෙනි පාරටත් සංවිධානය කිරීමට එම සංවිධාන මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.Voice Lounge Colombo 07 එකේ තමයි මෙවර bump n grind තියෙන්නෙ. මෙවර bump n grind පැවැත්වෙන්නෙ supun, Basecraft, loopout, Minil Dee කියන ආර්ටිස්ලගෙ සහභාගීත්වයෙන්.
විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට ඔන්ලයින් ක්‍රමය පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කිරීම උදෙසා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 2017 වසරේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් […]
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවන් සිවු දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රටත් ජනතාවත් වෙනුවෙන් පුළුල් මෙහෙවරකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විද්වතුන්ට ආරාධනා කරනවා සිටිනවා. විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මෙම ඇරයුම සිදු කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදු කළ සේවය ඇගයීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ පැවැත්වෙනවා. එය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ […]
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂන දෙපාර්තුමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කර තිබුණා. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට 01. පත්තිනීගේ සමරසිංහ (මහ බැංකුවේ හුටපු නියෝජ්‍ය අදිපති ) 02. පුශ්පමිත්‍ර සිරිවර්ධන ( අධ්‍යක්ෂක පර්චුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් ) 03. චිත්‍රා […]
ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 2017 වසරේදී කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි අට ලක්ෂ නවදහස් අට සීයක් වැයකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශයෙන් අසන ලද ප‍්‍රශ්නයකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පිළිතුරෙහි මේ බව සඳහන්කර තිබෙනවා. […]
කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා. මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. කෘත්‍රිම වැසි ඇති කිරීමේ රසායනික ද්‍රව්‍ය යෙදූ […]
දකුණු ප්‍රදේශයෙ හමු වු ඉරාන යාත්‍රාව මගින් මාකදුරේ මදුශ්ගේ මත් කුඩු තොගයක් සොයා ගෙන ඇති බවට තොරතුරු හෙලි වී තිබෙනවා. කලක් සිට ඔහු මෙම යාත්‍රාව මගින් මෙරටට මත් කුඩු ප්‍රවාහනය කර ඇති බව සදහන් වෙන්නෙ. කුලී පදනම මත අදාළ යාත‍්‍රාව ලබාගෙන මත්කුඩු ප‍්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස ද […]