විදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකශ කරනවා. දෛනිකව විදුලිය විසන්ධි කරන ප්‍රදේශ නම් වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුළදී පැය තුනක කාලයක් […]
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු සමග පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරු 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙනවා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා මිය ගොස් තිබෙනවා.රෝහල් පොලීසිය සදහන් කලේ අද පෙරවරුවේ ඔහු මිය ගිය බවයි. බෙලිඅත්ත දෙබොක්කාවල ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී පසුගිය 20 වනදා වෙඩි වැදීමෙන් බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා බරපතල තුවාල ලැබුවා. ඔහු සිය කාමරයේ වෙඩි වැදී වැටී සිටිනු දුටු මව ප‍්‍රතිකාර […]
මේ දිනවල රටම කතාකරන මාතෘකාවක් බවට විල්පත්තුව සුරකිමු සටන පත්වෙලා තියෙනවා. ඒ නිසාම මේ විල්පත්තු කැලයේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හැමෝම හොයනවා. මේ වීඩියෝව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ පිලිබදව අදහස් දක්වමින් අද සමාජ ජාල වෙත මුදාහරින ලද්දක්.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ලබන 24 වැනිදා ආරම්භ කරන බැවින් ඊට සහභාගී වන්නැයි දන්වමින් තමන්ට ආරාධනා පත්‍රයක් ලැබී ඇතැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද(21දා) පැවසීය. ඕමාන් රාජ්‍යය විසින් එම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ප්‍රතික්ෂේප කිරීම ගැන තමන් නොදන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය. ආරාධනා පත්‍රයට අනුව ලබන 24 වැනිදා ඉදිකිරීම් […]
තමන්ද උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් වුවත් තමන්ට වෙනස් ලෙස සැලකීමක් අවශ්‍ය නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින ඔහු මේ බව අද (21දා) සඳහන් කළේය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සාධාරණත්වය, සමානාත්මතාව හා යුක්තිය බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් යමක් පිනට ලබාගැනීමට […]
ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රිවරුන් ජිනිවා නුවරට ගොස් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට විරුද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය. මේ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙන බවත්,ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් […]
හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (21) ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කළා. ඒ හෙරොයින් ග‍්‍රැම් 04 කට ආසන්න ප‍්‍රමාණයක් ළඟ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනා දෙකකට වරදකරු කරමින්. පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ 2012 අගෝස්තු මස 21 වනදා කොළඹ මැගසින් පාරේ දි සිදුකළ වැටලිමකින්.
වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැදී සිටින බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක බව සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ […]
ජනතාව මේ වන විට පවතින ගැටලුවලින් උඩට ඒමට අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ඇති පිළිතුර තමන් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඊයේ (20දා) කොළඹදී පැවැති ආගමික වැඩසටහනකින් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මෙම උත්සව සභාවට අමාත්‍ය නවින් දිසානායක මහතාද එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා සඳහන් […]
උණුසුම් කාලගුණය සහ අකුණු සහිත තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් දෙකක් නිකුත් කර තිබෙනවා. උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කෙරෙන්නේ වයඹ පළාත මෙන්ම මන්නාරම සහ මොණරාගල යන දිස්ති‍්‍රක්කවලටයි. මිනිස් සිරුරට දැනෙන තරම් උණුසුම් කාලගුණික තත්ත්වයක් හෙට දිනය තුළ අපේක්ෂා කරන බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙයසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. […]