News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
21

ගූගල් සමාගමට යළිත් දඩයක්

Generic placeholder image

යුරෝපා සංගමය, ගුගල් සමාගමට යුරෝ බිලියන 1.49ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, ගූගල් සමාගම දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීමේදී තුන්වන පාර්ශ්වයේ ප‍්‍රතිවාදීන් සීමා කිරීම මගින් වෙළඳපොළ ආධිපත්‍ය අනිසි ලෙස භාවිත කර ඇතැයි චෝදනා කරමින්. යුරෝපා කොමිසමේ රෙගුලාසිවලට අනුව එය නීති විරෝධි කටයුත්තක් වනවා. වසර 02ක කාලය තුළ යුරෝපා සංගමය විසින් ගූගල් සමාගම වෙත පැනවූ තුන්වන දඩය මෙයයි.


Mar
21

බණ්ඩාරවෙලත් පිරිසිඳු නගරයක් කරයි

Generic placeholder image

බණ්ඩාරවෙල නගරයත් පෝස්ටර් ගලවා නගරය පිරිසිදු කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අපට හමු වුණා. මෙම ක්‍රියාවලිය මුල් වරට අපට දැකගත හැකි වූවේ නුවර නගරයේදීයි. මේ ආකාරයෙන්ම අනිකුත් නගරත් පිරිසිදු කොට ශ්‍රී ලංකාව දීප්තිමත් පිරිසිදු රටක් වනවා දැකීම අප සැමගේ බලාපොරොත්තුවයි.


Mar
21

විල්පත්තුව ගැන ජනපති අවධානය යෙමුකළ යුතුයි

Generic placeholder image

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බවයි. මෙම ගැටලුව පරිසර ගැටලුවක් පමණක් නොව සාමාජීය ගැටලුවක් බවට පත්ව […]


Mar
21

විල්පත්තුව අපිට වටින්නේ ඇයි..?

Generic placeholder image

1317km2 විශාලත්වයකින් යුක්ත වූ විල්පත්තුව සැලකෙන්නේ ලංකාවේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙසයි. නමුත් අද වන විට මේ 1317km2 වු භූමි ප්‍රදේශයෙන් කොතරම් ප්‍රමාණයක් විල්පත්තු වනයට අයත් දැයි මා නොදනිමි. ප්‍රධානම ලෙස දේශපාලඥයන් නිසාද, ඔවුන් අදහන ශ්‍රී ලාංකික මිනිසුන් නිසාද මේ සුන්දර වන කොමලිය අද වනවිට මියැදෙමින් සිටි. අලි ඇතුන්, ශ්‍රී ලාංකික දිවියන් ගේ ප්‍රධානම නිජබිම වන […]


Mar
21

ෆේස්බුක් එකේ හැමෝම කතාවෙන විල්පත්තුව

Generic placeholder image

විල්පත්තුව විනාශය අද ඊයෙක සිදුවෙන්නක් නෙවෙයි. ෆේස්බුක් කියන්නෙ අද වෙනකොට ගොඩක් ශක්තිමත් ඒ වගේම ජනමතා විසුරුවලා හැමෝටම දනවන්න පුළුවන් මාධ්‍යක්. විල්පත්තු විනාශෙ ගැන මේ දවස් වල වැඩිපුර ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙ කතා වෙනවා. මේ ඒ විදිහට කතා වුණ දේවල් ටිකක්.


Mar
21

මන්නාරම් සමූහ මිනීවලේ අවසන් තීරණය හෙට

Generic placeholder image

මන්නාරම් සමූහ මිනීවලේ කැනීම් ඉදිරියට සිදුකරනවාද සම්පූර්ණයෙන්ම නවත්වන්නේද යන්න අවසන් තීරණය ගැනීම සඳහා වූ සාකච්ඡාව හෙට (22) පැවැත්වීමට නියමිතයි. මන්නාරම් අධිකරණ ශාලාවේදී මහෙස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවත්වෙන බව සමූහ මිනීවලේ කැනීම් භාරව සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. සාකච්ඡාව සඳහා මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් සිදු කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු කැනීම් […]


Mar
21

විදුලිය කප්පාදු කරන්නෙ නෑ – විදුලි ඇමතිගෙන් පොරොන්දුවක්

Generic placeholder image

විදුලිය කප්පාදුවක් සිදුවන බවට අනිසි බියක් ඇතිකර නොගන්නැයි විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවට දැනුම් දෙනවා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇතිවූ බිද වැටීම පැය 36ක් වැනි කාලයකදිී යථාතත්වයට පත්කිරිමට හැකිවුණා. අඛණ්ඩ විදුලි කප්පාදුවක් කිසිසේත් සිදුනොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ නිරික්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළා.


Mar
21

ලෝකයේ සතුටින් සිටින රටවලින් ලංකාව පස්සට

Generic placeholder image

ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ජිවත්වන රටවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳව නිකුත් කරන දර්ශකයේදි ශ්‍රී ලංකාව 2018 වසරට සාපෙක්ෂව 2019 වසරේදී ස්ථාන 14ක් පසුපසට ගොස් ඇත. 2018 වසරේදි එම දර්ශකයේදී ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාව 130 දක්වා […]


Mar
19

අරුන්දිකගෙන් රන්ජන්ට අභියෝගයක්

Generic placeholder image

තමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අද (19දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ” එතනෝල් ගෙන්වන ප්‍රධාන කෙනෙක් ලෙස මගේ නම කියලා තිබුණා. මම අභියෝග කරනවා මෙය ඔප්පු කර පෙන්නුවොත් මම […]


Mar
19

කාන්තාවන්ටම වෙන් වූ බස් රථ සේවාවක්

Generic placeholder image

කාන්තාවන් සඳහාම වෙන් වූ බස් රථ සේවාවක් ආරම්භක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.


Mar
19

වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමු වෙයි

Generic placeholder image

වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමුවූ බව ඔස්ටේ‍්‍රලියා විද්‍යාඥයන් ප‍්‍රකාශ කළා. ඒ නැගෙනහිර ඔස්ටේ‍්‍රලියාවේ සිදුකළ කැණීම්වලදී. ඕනිතොපෝඩ් වර්ගයට අයත් මම පොසිලය නව ඩයිනෝසර් විශේෂයකට අයත් බවටයි තොරතුරු හෙලිවුණේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් විද්‍යාඥයන් සඳහන් කළා.


Mar
19

ලොව ළාබාලතම කෝටිපතිනිය- කයිලී ජෙනර්

Generic placeholder image

ඇමෙරිකානු ජාතික 21 හැවිරිදි රංගන ශිල්පිනී කයිලී ජෙනර්, ස්වෝත්සාහයෙන් නැගී සිටි ලොව ළාබාලතම කෝටිපතිනිය බව ෆෝබ්ස් සඟරාව විසින් පසුගිය දා නම් කර තිබුණා. ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක හා නිරූපණ ශිල්පිනියක වන කිම් කාඩේෂියන්ගේ ළාබාල නැගණිය වන කයිලී ජෙනර් තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයකින් මෙලෙස කොටිපතිනියක් බවට පත් වී තිබෙනවා. මේ අනුව 23 වන වියේ දී කෝටිපතියෙකු […]


News Articles
Latest Videos
Most Popular Post