News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

විදුලි කප්පාදුව තව මාසයක්

Generic placeholder image

එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි. ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර […]


Mar
26

රථ වාහන වැරදි සඳහා රු 25000ක දඬය නැවතත්

Generic placeholder image

අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම‍ට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් […]


Mar
26

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නවත්වයි

Generic placeholder image

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී නොපැවැත්වීමට රජය තීරණය කර තිබෙන බ්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා. එතුමා මේ බව සඳහන් කර සිටියේ පොළොන්නරුවේ රාජකීය විදුහලේ පැවති උත්සවයක් අමතමින්.


Mar
26

“දික්වැල්ලයාණෙනි” අරවින්ද හඬ අවදි කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Mar
25

සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් අපි ණය දෙනවා

Generic placeholder image

කුමන පක්ෂයක වුනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ආණ්ඩුව වශයෙන් උදවු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය. එන්ටර්ප‍්‍රයිස් සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ ‘‘එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ඔබේ ගමට’’ ජංගම සේවයේ මාතර, වැලිගම නගර සභා පරිශ‍්‍රයේ සමාප්ති උත්සවයට ඊයේ (24) සහභාගි විමෙන් අනතුරුව එම ස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය . එහිදි […]


Mar
25

බැඳුම්කර සිද්ධියට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් හේතුව හෙළිවෙයි

Generic placeholder image

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අලුත්කඩේ අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළවයි. අත්අඩංගුවට ගත් පිරිස අතරට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද අයත්. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දී ඇත්තේ […]


Mar
25

හෙට උණුසුම වැඩිවෙන ප්‍රදේශ ගැන විශේෂ නිවේදනයක්

Generic placeholder image

කොළඹ, ගම්පහ, මන්නාරම යන දිස්ත‍්‍රික්කවලට සහ වයඹ පළාතට උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට (26) දිනයේ එම දිස්ත‍්‍රික්ක 03 සහ වයඹ පළාතට වැඩි උණුසුමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ පිළිබඳ එම ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


Mar
25

උපරිම උෂ්ණත්වය කුරුණෑගලින්

Generic placeholder image

කුරුණෑගල ප්‍රදේශයෙන් ඊයේ (24දා) සෙල්සියස් අංශක 37.5ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ ගොස් තිබේ. මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1ක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. උෂ්ණත්වය ඉහළ යෑම අනුරාධපුර/කටුගස්තොට/කුරුණෑගල/මහා – ඉලුප්පලම/වව්නියාව – සෙල්සියස් අංශක 03කින් බදුල්ල/යාපනය/රත්මලාන/ත්‍රිකුණාලමලය- සෙල්සියස් අංශක 2කින්.


Mar
25

සරසවි සිසු පාගමනක් නිසා කැලණියේ සිට කොළඹ දෙසට රථ වාහන තදබදයක්

Generic placeholder image

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් නිසාවෙන් නුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කැලණියේ සිට කොළඹ දක්වා රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. විරෝධතා පාගමනේ නිරත සිසුන් මේ වනවිට පෑලියගොඩ පාලම පසු කරමින් කොළඹ දෙසට ලඟා වෙමින් සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේය. ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනතට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් […]


Mar
25

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්ධි කරන වෙලාව මෙන්න

Generic placeholder image

දිවයින පුරා විදුලිය විසන්ඳිවන වෙලාවන් සහ ඒ හා අදාල ප්‍රදේශ සඳහන් කරමින් ලංකා විදුලිබල මන්ඩලය විසින් කාලසටහනක් නිකුත් කර ඇත.


Mar
25

ලංකාවේ වාහන ගණන මිලියන 7 ඉක්මවයි

Generic placeholder image

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය යටතේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (25) පෙරවරුවේ ආරම්භ වුණා. එහිදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ “අද වන විට අපේ රට තුළ මෝටර් රථ මිලියන 7කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේක නිසා තමයි මේ ප්‍රවාහන තදබදය ඇතිවෙලා තියෙන්නේ.” යනුවෙනි.


Mar
25

මීලඟ ජනපති ගැන රතන හිමිගෙන් ඉඟියක්

Generic placeholder image

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කරා. ගම්පහ සණස ශාලාවේදී පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් උන්වහන්සේ එසේ පැවසූවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමි ප්‍රකාශ කළේ, “මේ පුජනීය පින්බිම වස විසෙන් තොර කරලා […]


News Articles
Latest Videos
Most Popular Post