වැලිකඩ බන්ධනාගාරයේ තිබෙන එල්ලූම් ගහේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට යොදා ගැණෙන කඹයේ ප‍්‍රමිතිය පිළිබඳ සොයා බැලීම සඳහා එය ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ. එම කඹය සුදුසු තත්ත්වයේ නොමැති නම් නව කඹයක් විදෙස් රටකින් මිල දී ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර […]
ජාතික කි‍්‍රකට් කණ්ඩායම සමඟ විදෙස් තරග සංචාරවලට එක්වන කි‍්‍රඩකයින්ගේ බිරිදෑවරුන්ට සීමා පැනවීමක් සිදුවනු ඇති බව කි‍්‍රකට් ආයතනයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. එ් අනුව දින 40කට වැඩි විදෙස් තරග සංචාර සඳහා පමණක් කී‍්‍රඩකයින්ගේ බිරින්දෑවරුන්ට එක්වීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම තීරණයත් එක්ක කෙටි විදෙස් තරග සංචාර සඳහා කී‍්‍රඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ […]
එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු 06 දෙනෙකු අද අගමැති රනිල් වික්‍රිමසිංහ අතින් තම පත්වීමේ ලිපි භාරගනු ලැබුවා.ඒ අරලියගහ මන්දිරයේදීයි. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවීන ගායක රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායකවරයා ලෙස පත් වූ අතර, පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍යය සෞඛ්‍ය ඇමති ධූරයේ කටයුතු කල ලලිත් දිසානායක අරණායක නව ආසන සංවිධායක ධූරයේත් දිවූරුම් දෙනු […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.මෙම හමුව සඳහා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, හිටපු එක්දින නායක තිසර පෙරේරා එක්ව තිබෙන අතර පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඩුබායිහීදී පාතාල නායක මදූෂ් සමග අත්අඩංගුවට පත් වූ කළාකරුවන් ගැන පලවෙන වාර්තා අසත්‍යය බව අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහාතා සියත 24 කල විමසීමකදී කියා සිටියා. මෙම සිද්දියට අදාළව ඩුබායි පොලීසිය විසින් කල රුධිර සාම්පල පරීක්ෂණයේ ප්‍රථිඵල තවම පොලිසිය විසින් කාහටවත් ලබා දී නොමැති බවත් […]
අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව රුපියල් 1000වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කිරීමට කටයුතු කරන බවයි වාණිජ බැංකු සඳහන් කරන්නේ.අදාළ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීමත් සමඟ රුපියල් 1000 ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් […]
මේ මස 13 වනදා ආරම්භ වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතය පසුගියදා නම් කරන ලද අතර එහි නායකත්වය ෆෆ් ඩූ ප්ලේසි හට හිමිව තිබේ. සංචිතය සඳහා තවත් හැඩ සහ වර්ණ දිනා නොමැති විසි හැවිරිදි තුන් […]
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ජී. නඩරාජා විසින් නව දෙමළ දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා වව්නියාවේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.ලංකා ප‍්‍රගතිශීලි පෙරමුණ නමින් එම පක්ෂය නම් කිරීමටයි තීරණය වී ඇත්තේ. එම පක්ෂයේ සලකුණ ලෙස ‘‘ මාළුවා’’ තෝරාගෙන තිබෙනවා.එම පක්ෂය පිළිබඳ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙන අතර එහිදී මධ්‍යම කාරක සභාවක් පිහිටුවා ගැනීම සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීම […]
දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා බවට සුමන්තිරන් මහතා පත් වන බවත් ඒ සඳහාඅවශ්‍ය මූලික වටපිටාව සකස් කිරීමට එළැඹෙන මධ්‍යම කාරක සභා වාරයේ සිදුකරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරවනබවන් මහතා පවසනවා. යාපනයේ දී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටියේ නායකයා වශයෙන් ආර් සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයට ඉතා විශිෂ්ට නායකත්වයක් ලබා […]
රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයෙන් 25% ක් ඉතිරි කරගත හැකි බව හැකිබව විගණකාධිපති ගාමිණි විජේසිංහ පවසනවා. ඒ මහතා මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවති ජාතික විගණන පනත පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්. ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය යහපත්ව පවත්වාගෙන යාමට නම් ලංකාවේ ප්‍රධාන […]
මාකදුරේ මදුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව, අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි බලා ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යට පවසා තිබෙනවා. ඒ සම්බන්ධව වැඩි දුරටත් වැඩිදුරටත් අදහස් දක්වන උදුල් ප්‍රේමරත්න …. ” සාදයේ සිට අත්අඩංගුවට ගත් පිරිස තවම පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරනවා උසාවියට ඉදිරිපත් කළේ නැහැ. […]
මෙරට තුල දායක ඇටමිදුලූ බද්ධය මේ වසරේ ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහල තීරණය කර තිබෙනවා.විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡුාවකදී සදහන් කලේ අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු එම කටයුතු ආරම්භ කිරීමට හැකි බවයි. දායක ඇටමිදුලූ බද්ධය ආරම්භ කිරිම සදහා මෙම රෝහලේ මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙදහෙදියන් 05 […]