News Line| Off Air
Generic placeholder image

Jan
16

තිරප්පනේ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

Generic placeholder image

අනුරාධපුර, තිරප්පනේ, ගල්කුලම ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද (16) පස්වරු 2.30 ට පමණයි ගින්න ආරම්භ වී ඇත්තේ. එම ගින්න නිවා දැමීම සදහා ගිනි නිවීම් රථ දෙකක් යොදවා තිබෙනවා. ගින්නට හේතුව තවමත් අනාවරණ වී නැහැ .


Jan
16

දේශපාලනඥයින්ට එරෙහිව වු සරසවි විරෝධය

Generic placeholder image

සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්‍ධ කර ගැනීමට විරෝධය පළකරමින් එම විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (16) දහවල් පැයක කාලයක් බලන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන මැතිඇමතිවරුන් අතින් හෙට (17) පෙරවරුවේ සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත […]


Jan
16

මුහුදුබඩ මාර්ගයේ කාටත් පොදු ගැටළුවක් ගැන අරවින්ද බීරි අලින්ට විණා වාදනය කරයි | Video

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Jan
16

2003 මම BnS ලඟට ආවෙ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට – හැමෝම ඉදිරියේ දිනේෂ් BnSලට වැඳපු වීඩියෝව මෙන්න

Generic placeholder image

පසුගිය දිනයන්වලදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ භාතිය සංතුෂ්ගේ “ඔබ නිසා” ප්‍රසංගය ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණා. මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි අයගෙන් නෙළුම් පොකුණ රඟහල පිරී ගොස් තිබුණු බවයි අපට දැනගන්නට ලැබුණේ. මේ ප්‍රසංගය බලන්න ආසාවෙන් හිටපු අයටත් මේ ප්‍රසංගය මග හැරිලා තිබුණේ සියලුම ප්‍රවේශපත්‍ර පවා විකිණී අවසන්ව තිබූ නිසාවෙන්. කෙසේ වූවත් මේ ප්‍රසංගයේදී හරි අපූරු […]


Jan
16

සරසවි වරම් අහිමිවූවන්ට උසස් අධ්‍යාපනයට පොළී රහිත ණය

Generic placeholder image

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් දියත් කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 2017 අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවද රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරී පත් නොවූ ශිෂ්‍යයන් හට ඔවුන්ගේ උසස් අධ්‍යාපන අපේක්ෂාවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් මගින් […]


Jan
16

නාමල්ට, විමල්ට හා බිරිඳට CID කැඳවීමක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කළ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (16දා) අධිකරණයට වාර්තා කළා. දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා විසින් හෙළි කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිදුවිම පිළිබඳව ප්‍රකාශයක් […]


Jan
16

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ වීඩියෝ පටය එළියට – පරීක්ෂණ පවත්වන්න තලතාගෙන් උපදෙස්

Generic placeholder image

මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (2019.01.21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු […]


Jan
16

ටී.එන්.ඒ. නායකයින් කියන කතා

Generic placeholder image

උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරනු ලැබුවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (15) දින යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා, ‘අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]


Jan
16

කතානායක මයික්‍රෆෝනයට කළ ලක්ෂ 3ක හානිය මහජන මුදලින් පියවයි ?

Generic placeholder image

පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම මයික්‍රෆෝනය ආනයනය කිරීමට සූදානම් බව  අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙසේ මයික්‍රෆෝනයට සිදු කළ හානිය තුන් ලක්ෂ විසිදහසක් බව නිශ්චය කොට තිබෙනවා. එසේ හානිකළ මුදල නැවත මහජන මුදලින්ම පියවීමට නියමිතව තිබෙනවා. එම මුදල හානිය සිදු කළ […]


Jan
16

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සඳ මත සිටවූ බීජ දළු දමලා

Generic placeholder image

සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ ප්‍රථම අවස්ථාව ලෙස ලෝක ඉතිහාසයට එක්වෙමින්, සඳ මත සිටවූ පුළුන් බීජ දළු දමා තිබෙන බව චීන රජයේ මාධ්‍ය අද (15දා) අනාවරණය සිදු කළා. චීනය විසින් පසුගිය 3දා සඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ ඡන්ග්’එ 4 අභ්‍යවකාශ යානා මෙහෙයුම අතරතුර ඔවුන් මේ වැදගත් පියවර සනිටුහන් කර තිබෙනවා. සඳෙහි පෘෂ්ඨයේ […]


Jan
16

සංගාගේ හා මහේලගේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් පිලිපීනයටත් යයි

Generic placeholder image

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබෙනවා. ප්‍රථමයෙන්ම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ ලන්දේසි රෝහල් පරිශ්‍රයේදි ආරම්භ කළේය. දැන් ඔවුන් එය ලෝකයේ රටවල් කිහිපයකම විවෘත කර තිබෙනවා. මීට පෙර ඉන්දියාවේත්, ඉන් අනතුරුව චීනයේත් […]


Jan
16

බල්ලන්ට පැනලා මැරෙන්න හිතෙන මරණයේ අත්භූත පාලම – මේ වන විට බල්ලන් 600 ක් පමණ මැරිලා

Generic placeholder image

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ඉදන් උතුර දෙසට පැය බාගයකභාගයක පමණ වාහන ගමනාගමනය කින් පසුව හමුවන වෙස්ට් ඩම්බර්ෂයන් පළාතෙන් දහ නව වැනි සියවසට අයත් මන්දිරයක් පිහිටා තිබෙනවා. මෙම මන්දිරය හදුන්වන්නේ ඕවර්ටවුන් යනුවෙනුයි . ඕවර්ටවුන් සාමි වරයා සතු මේ මන්දිරයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා 1895 – 1895 දී පාලමක් ඉදිකර තිබෙනවා. පසුගිය වසර 160 කට එකසිය හැටකට පමණ […]


News Articles
Latest Videos
Most Popular Post