ණය ගෙවීමට නොහැකිව අසරණ වූ ඉන්දීය ගොවියන් 1398 දෙනෙකු වෙනුවෙන් සිය පෞද්ගලික මුදලින් ඇමරිකන් ඩොලර් පන් ලක්ෂ හැට දහසක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වැය කරමින් ණය ගෙවා දැමීමට බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කටයුතු කර තිබෙනවා. ඒ බව ඔහු ඔහුගේ අන්තර් ජාලය ඔස්සේ පවත්වාගෙන යන තමන්ගේ බ්ලොග් අඩවිය […]
යාපනය විශ්ව විද්‍යාලය විසින් මෙවර මහා පරිමාණයෙන් දියත් කිරීමට සූදානම් වෙන මහවිරු සැමරුම් උළෙල අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස යාපනය පොලීසිය ඊයේ යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.යාපනය පොලීසිය විසින් යාපනය දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම මහවිරු සැමරුම් උළෙල නිසා පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බැවින් මේ සඳහා තහනම් නියෝගයක් […]
ලබන වසරේදී වාහන මිල ගණන් 10% – 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙනවා.ශ්‍රී ලංකාවෙ පවතින දේශපාලන අස්ථාවරත්වය, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන අවප්‍රමාණය මේ සඳහා හේතු වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඉල් පුර පසළොස්වක පොහොය අද (22) ට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී තිබෙනවා. ඒ අතර මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය, අගසව් සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑම, කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම ආදියයි.
පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධ වී එය පරාජය කළයුතු බවත් එසේ නොකොට පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එයින් පෙනී යන්නේ රාජපක්ෂ වාදීන්ට බහුතරයක් නොමැතිකම බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහපවසනවා.අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මේ බව කියාසිටියා. විශ්වාසභංගය තහවුරු වී ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කිරීමත් සමග […]
වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලා.අද පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව එයට එක්වූ ක්‍රියාකාරීහු සඳහන් කලේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි. අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්ව සිටි පර්ලිමේන්තු මන්ත්‍රි සාගල රත්නායක සඳහන් කළේ වඩිවේල් සුරේෂ් මහතා තමන් සමග සිටින බවට හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දෙන්නැයි සඳහන් කළ බවයි.
අමාත්‍ය වසන්ත සේනානායක ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.එසේම තම පක්ෂයට නැවතත් වසන්ත සේනානායක අවශ්‍ය නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පවා ඔහු අත්සන් කර නොමැති බවත් හර්ෂද සිල්වා මහතා පවසන්නේ. කෙසේ වෙතත් තමන්ට තවමත් 122ක […]
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබෙනවා. චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේදි ආබාධයකට ලක්වූ අතර ඒ වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට චරිත් අසංලක කැඳවීය. කෙසේ වෙතත් ඔහු වෙනුවට තෙවැනි ටෙස්ට් තරගයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබෙනවා. […]
ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ඊයේ (20) පැවති මාධ්‍යය හමුවකට සහග්අවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධූරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගන ඉඳීමට තිබුණු බව පැවසුවා. ඊයේ 20 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය, “පසුගිය වසර 49 ක […]
මේ දවස් වල දේශපාලනයෙන් උණුසුම් වෙලා තියන අපේ රට ගැන පල කරපු පෙස්ට් එකක් නිසා අපි අද කතාකරන ඇඩ්මින් ජාත්‍යන්තරයට ගිහින් තියෙන්නෙ. අන්න ඒ ගැන විස්තරය වගේම ඔයාලා කවුරුත් දන්න වෙබ් බුවා පේජ් එකේ නොදන්න දේවල් දැනගන්න අපි අද Chat With Admin තුලින් වෙබ් බුවා ඇඩ්මින් එක්ක කතා කලා. මේ තියෙන්නේ ඒ කතාබහ…
කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසනවා. මහවිරු සැමරුම සතිය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. […]