News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්දයෙන් මාධ්‍යය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්…


Nov
17

” රන්ජන් රාමනායක බය නැහැ ” ඊයේ සිද්දිය ගැන රන්ජන් කියපු කතාව

Generic placeholder image

ඊයේ පාර්ලිමේන්තු සිද්දිය ගැන රන්ජන් රාමනායක මාධ්‍යවේදීන් හමුවේ පලකලේ මෙවන් අදහසක්. අපි ජනාධිපතිතුමාට ඊයේ 122 ක අත්සන් තිබෙන බව කිව්වා. නමුත් එතුමා එය පිළිගන්න බෑ කිව්වා. ඊට පස්‌සේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් 122 කම ජනපති හමුවට ගෙන එන බව කීවා. ජනාධිපතිතුමා එයට අකැමැති වෙලා පක්‌ෂ නායකයන් පමණක්‌ එවන්න කිව්වා. අපි අද පාර්ලිමේන්තු ආවේ 122 […]


Nov
17

යාපනයේ මුහුදු වෙරලේ ජලය අසාමාන්‍ය ලෙස අඩි 5කින් අඩුවෙයි

Generic placeholder image

යාපනය දිස්ත්‍රීක්කයට ගජ සුලි කුනාටුවේ බලපෑම හේතුවෙන් ඩෙල්ෆ් දූපතේ මුහුදු වෙරලේ ජල මට්ටම අද උදෑසන අඩි පහකින් පමණ පහළ බැස ඇති බවටත් දූපත් අතර මගී නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවටත් යාපනයේ දූපත්වාසීන් කියා සිටියා.ඩෙල්ෆ් මුහුදු ජැටියේ ඊයේ සවස මගී නෞකා නවතා තිබූ ජැටියේ ජල මට්ටම අඩි 5 කින් පමණ අද උදෑසන පහල යාම හේතුවෙන් […]


Nov
16

මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමත් ලොකුවෙලා

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී “මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ මේවා පාඩම් බවට පත්කර ගන්න. ප්‍රජතන්ත්‍රවාදී දේශපාලනයක් වෙනුවෙන් එක්වන්නැයි ජනතාවට කියනවා” යැයි පැවැසීය.


Nov
16

පාර්ලිමෙන්තුවේ සිදුවූ දේ ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින නැවත වතාවක් පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරි වතාවරණය පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ තම නිල ෆේස්බුක් පිටුව හරහායි. අද දින පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප්‍රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අත්තනෝමතික පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයයි. වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කරගනිමු යනුවෙනි. දේ ගැන මහින්දගෙන් විශේෂ […]


Nov
16

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා – කථානායක

Generic placeholder image

කථානායක කරු ජයසූරිය මහතා කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව පවසනවා. මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකවරයා සඳහන් කරන බව කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


Nov
16

ජනපතිත් පාර්ලිමේන්තුව බලාගෙන ඉන්නේ කිව්වා

Generic placeholder image

“පාර්ලිමේන්තුවේ සිට මම ජනපතිතුමාට කථාකළා. ඔහුත් ඒක බලාගෙන ඉන්නවා කිව්වා.” යැයි රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් පැවැසීය. එසේම කටහඩින් ඡන්දය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. සිය පාර්ලිමේන්තු දිවියේ මෙවැනි හැසිරීමක් කිසිම අවස්ථාවක දැක නොතිබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.


Nov
16

පොලිස් නිලධාරීන් තුවාල ලබයි

Generic placeholder image

කතානායක කරු ජයසූරිය මහතාගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඔවුන්ට එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලබා තිබෙනවා. ඔවුන්ට පාර්ලිමේන්තුවේදී මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරිණා.


Nov
16

ජනපති – අගමැති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා. “නීත්‍යානුකූල නොවන ආණ්ඩුව අද නැත. පරාජය වූ ආණ්ඩුව තුළ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට කියන්නේ මැති ඇමතිබලතල අපේ. නීත්‍යානුකූල නොවන තීරණ ක්‍රියාත්මක කරන්න එපා”


Nov
16

මහින්ද රාජපක්ෂ තවදුරටත් ආණ්ඩුව කරනවා

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේය පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.


Nov
16

ජොන්ස්ටන් කතානායක දෙසට පුටුව විසි කර අයුරු දැක්වෙන ඡායාරූප මෙන්න

Generic placeholder image

අද පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු ගර්භය තුළ ඉතා උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතානායකවරයාගේ දෙසට පුටුවක් විසි කරන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණේ මේ ආකාරයටයි.  


Nov
16

අද පාර්ලිමේන්තු ගැටුම අතරතුර තුවාල ලැබූ මන්ත්‍රීවරුන් ඇතුළු පොලිස් නිළධාරීන්ගේ ඡායාරූප

Generic placeholder image

අද පාර්ලිමේන්තු සභා රැස්වීමේදී දැඩි කලහකාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී පාර්ලිමේන්තු ගර්භය තුළ ඉතා උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර මේ එහි ඡායාරූප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post