ඉන්දියාවට බල පැවැත්වෙන ගජ සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ ගුවන් යානා සංඛාව ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 30ක පමණ අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාවව ලැබී තිබෙනවා. ඊයේ (15) උදෑසනින් අවසන්වූ පැය 24 තුළ ජාත්‍යන්තර ගුවන් ගමන්හි යෙදෙනා ගුවන් යානා 200ක් පමණ ශ්‍රී ලංතා ගුවන් කලාපය තුළින් […]
කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින්පා ර්ලිමේන්තුව සහ අවට ප්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. පොලිස් කැරළි මර්දන ඒකකය ද එහි කැඳවා සිටි බවයි වාර්තාකරුවන් පැවසුවේ. කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය […]
තලවාකැලේ නගරයේ අද(16) අළුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබෙනවා. තලවාකැලේ නගරයේ ප්‍රධාන වීදියේ මිරිස් ඇඹරුම් වෙළඳසලක අද අළුයම 02.00 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසල හා යාබඳව පිහිටි ෆැන්සි භාණ්ඩ අලෙවිසලක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර […]
පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ, ඊයේ(15) පොලිස් හදීසි ඇමතුම් අංශය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්දයක් විමසිය යුතු බවට ඉල්ලීමක් ලැබීමෙන් පසු දෙපාර්ශවය අතර නොසනසුන්කාරී තත්ත්වයක් […]
පාර්ලිමේන්තුව අද(16) දිනයේ දී යළි රැස්වෙන බව වාර්තා වෙනවා. ඊයේ(15) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණා. ඒ අනුව අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතයි. එහිදී ආණ්ඩුවට එරෙහිව නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙනවා.
අද 2018 ,නොවැම්බර් මස 16 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.26 සිට සවස 11.55 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට රාත්‍රී 11.54 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය ජීවිතේට බලාපොරොත්තු ගණනාවක් එකතු වෙනවා. ඒ බලාපොරොත්තු සියල්ල ක්‍රමානුකුලව විසඳගන්න හැකියාව ශක්තිය අද ඔබ සතුව පවතිනවා. ජිවිතේ පිලිබඳ අලුත් […]
සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බවට පැවැසෙන සජිත් කුමාර (අඹ සුජී, ආනන්ද, ජගත්) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා. තංගල්ල කෝට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. සැකකරු මනුෂ්‍ය ඝාතන, කොල්ල කෑම් ආදි චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රීපීටර් වර්ගයේ ගිනි අවියක් එම උණ්ඩ පහක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය […]
පාර්ලිමේන්තුවේදී ඊයේ තමන්ට මුහුණ පෑමට වූ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට පැමිණියේ එම පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් අනුව බවයි. මෙසේ සාකච්ඡා කරමින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් […]
යුක්තියේ ජන හඬ ජන රැළියෙන් පසු ලිප්ටන් වටරවුම අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා.මේ එහි ඡායාරූප කිහිපයක්.
මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. “මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතර ඉන්න පැත්තට බලයදීම සුදුසුයි කියන එක මගේ හැඟීමයි. තවම හැබැයි ඒක හරියට සිද්ධවෙලා නෑ. ඒක කතානායකතුමාගේ දුර්වලකමක්. සීට් එකේ ඉදගෙන ඇගිල්ල තිබ්බානම් බෝඩ්එකට එනවා. මේ රට ගැන […]
කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. පැය දෙකක පමණ […]
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා දෙස අවධානයෙන් බලා සිටින බව චීනය පවසා සිටිනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්රකාශිකාවක් කියා සිටියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ යැයි විශ්වාස කරන බවයි. අදාළ සියලු පාර්ශවවලට මෙම තත්වයට මුහුණදීම සඳහා හැකියාව තිබෙන බවට ද විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකාව […]