පාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඔහු මේ වන විටත් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ජනපති නිකුත් කළ නිවේදනය ගැසට් නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වීමට නියමිතය.හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කලේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන තෙක් ඔුහුට අගමැති පුටුවේ වාඩිවීමට අවස්ථාව තිබෙන බවයි.
නව රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද ඉදිරිපත් කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සියත 24 වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඒ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම අවසානයේදීයි. විජිත හේරත්ගේ අදහස් දැක්වීම පහතින්…
අද පැවැත්වෙන පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ සැසිවාරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් නොවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙනවා.නව සැසිවාරයක් ආරම්භ කිරීම ජනපතිවරයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු වුවත් ජනපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනපතිවරයා රාජාසන කතාව සිදුකළ යුතුවෙනවා.
දින ගණනාවක් තිස්සේ පැවති දේශපාලන අස්ථාවරභාවය අවසන් කරමින් මෙම කරුණෙහි පවත්නා ජාතික වගකීම සලකා අප්‍රමාදව ඊට සිය අවධානය යොමු කරමින් සුදුසු තීරණයක් ලබා දීමෙන් උත්තරීතර අධිකරණය කළ කැප කිරීම පිළිබඳව සතුටුවීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබී තිබෙන බව කතානායක කරු ජයසුරිය මහතා නිව්දනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සදහා ජනතා නියෝජිතයින්ට අවස්ථාව සැලසීමේ […]
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුම හරහා කියා සිටියා.
හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම සියලුම රජයේ සේවයකන්ට ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කලා. එසේම 15 දා ලිප්ටන් වටරවුමේදී නැවත වරක් දැවැන්ත විරෝධයක් පවත්වන බවත් ඔහු සඳහන් කලා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාව පළමු ජයග්‍රහණය ලැබූ බවයි. එක්ව ඉදිරියට ගමන් කරමින් ජනතාවගේ සෛවරීත්වය නැවත පිහිටවමු ලෙසත් ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් පැවසුවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමේ බලය ඇති බව ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න සියත 24 වෙත කියා සිටියා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් දෙසැම්බර් මස 07 වෙනිදා දක්වා නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිනි. අඛණ්ඩව දින දෙකක් පෙත්සම් විභාග කිරිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ […]
ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අධිකරණ සංකීර්ණය තුළට කැඳවා තිබේ. පාර්ලිමේන්තු විසුරුවා හැරීමට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් හි තීන්දුව තවත් සුළු මොහෙතකින් ලබාදීමට නියමිතය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය. ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබේ. ඒ අනුව පෙත්සම්කරුවන් සඳහන් කළ පරිදි මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳව පස්වරු 5.00 ප්‍රකාශ වීමට නියමිතය.