තමන් සිරගත කළත් ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු නොකරන බව හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමන්ට අධිකරණය හමුවේ නඩු 21ක් ඇති බවත් ඒයින් ඒකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද ඇති බවයි. “ගනුදෙනු කරන්නනට මම කියන්නේ ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි.”
මේ දවස් වල බොලිවුඩයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන්නේ බිංදුව ගැනයි. ඒ තමයි ශාරුක් රංගනයෙන් දායකවෙන අලුත්ම චිත්‍රපටය. එය නම්කර ඇත්තේ ‘Zero’ නමින්. ආනන්ද් L.රායි අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටයට ශාරුක් ඛාන්, කැත්රිනා කෛෆ් සහ අනුෂ්කා ශර්මා රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය ඩොලර් මිලියන 28ක මුලදලක් වැය වෙලා තියෙනවා කියල තමයි දැනගන්න ලැබුනේ. ‘Zero’ චිත්‍රපටය 2018 දෙසැම්බර් […]
අගමැති මාරුවීම රටේ හැම කොනටම බලපාපු හොට්ම හොට් නිවුස් එකක් වුණා. ගොඩක් අය දෙපැත්තට බෙදිලා මේ ගැන වාද විවාද කරගන්නකොට හැමදේම ආතල් එකක් කරගන්න බුකියෙ කට්ටිය දාපු රස කතා ටිකක් තමයි පහතින් තියෙන්නෙ.
ශ්රී ලංකා මහ බැංකුව අද (1) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි. ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ හෙලවුණ දත් ටික වැටිලා ඉවරයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී කිව්වා. පාර්ලිමේන්තුව නැවත කැඳවු වහාම ජනතාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිථතකරන බව කියපු මන්ත්‍රීවරයා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භ දිනය පාර්ලිමේන්තුව කැඳවන දිනය බවට පත් කරගන්නා බවද පැවසුවා.
පාර්ලිමේන්තුව නොවැම්බර් 05 දා කැඳවීමට ජනපති ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ තමන්ට එහිදී බහුතරය පෙන්වීමට හැකියාව තිබෙන බවයි. මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 124ක් සිටින බවත් එහිදී බහුතරය පෙන්වන බවයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් වුණා. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිට වූවා. ඒ කෑගල්ල ශාන්ත මරියා විදුහලට එරෙහිව එක් ලකුණකට කඩුලු 08ක් බිඳ හෙළමිනුයි. සිංගර් අන්තර්පාසල් 19න් පහළ ක්‍රිකට් […]
මේ වෙනකොට පවතින දේශපාලන තත්වයත් එක්ක පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කාටද කියල හැමෝගෙම අවදානය යොමු වෙලා තිබෙනවා. මේ ඊයේ රාත්‍රී 8.00 වන විට ආසනවල තත්වයයි.
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම තමන් අනුමත කරන්නේ නැහැ කියලයි ධීවර, ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියන්නේ. ඔහු මේ ගැන මාධ්‍යට කිව්වේ අද මහනුව ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුවයි. “මම කිසිසේත් අනුමත කරන්නේ නෑ හිටපු අගමැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන. එතුමට නිසි ආරක්ෂාව දෙන්න […]
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග නැවත් කොණ්ඩය කපන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමෙන් පසුව බව කියූ තරුනයෙක් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමත් සමග කොණ්ඩය කපා තිබෙනවා. මෙපමණ කාලයක් තමන් වැවූ කොණ්ඩය කපා ඔහු විසින් අපේක්ෂා රෝහලට දන් දී තිබෙනවා. මෙම ක්‍රියාවලියෙන් පසුව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් දැමීමටද මේ තරුණයා අමතක කර තිබුණේ […]
ශ්රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හා වේග පන්දු පුහුණුකරුවෙකු වන නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුව තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල කර ඇති චොඑදනා […]
නව අගමැතිගේ පත්වීමත් සමග නව පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වෙනිදා පවැත්වෙන බව ජනාධිපතිතුමා තමාට ප්‍රකාශ කල බව නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති උත්සවයයකදී සදහන් කරා.