News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

අගමැති නිසා ක්‍රිකට් සභාපති ගෙදර යයි.

Generic placeholder image

ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටක නායකත්වයට පත්වුණා. ඒ පාකිස්තානයේ ඉම්රාන් ඛාන්. ලෝකය පුරා ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් වගේම ක්‍රිකට් ලෝලීන්ගෙන් තාමත් ඉම්රාන් ඛාන්ට සුභ පැතුම් ගලා ගෙන එනවා. හැබැයි ඉමරාන් අගමැති ධූරයට පත්වෙනවත් එක්කම පාකිස්ථාන ක්‍රිකට් පාලක සභාපති නජාම් සේදී සිය ධුරයෙන් ඉල්ලා වෙලා තියෙනවා. ඉම්රාන් ඛාන් නොහොඳ නෝක්කාඩුවක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. […]


Aug
21

සුපිරි කණ්ඩායම් 4 ක් තරඟ වඳින SLC T20 තරඟාවලියේ කාලසටහන මෙන්න.

Generic placeholder image

එක කුසලානයක් වෙනුවෙන් කණ්ඩායම් 4 ක් තරඟ වඳින SLC T20 තරඟාවලිය අද ආරම්භ වෙනවා. පළවෙනි තරඟය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පිටියේදී පැවැත්වෙනවා. කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල්, ගාල්ල කණ්ඩායම සුරංග ලක්මාල්, දඹුල්ල කණ්ඩායම තිසර පෙරේරා සහ නුවර කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවනවා. තරඟාවලියේ පළවෙනි තරඟ 4 අද සහ හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 25 සහ 26 […]


Aug
21

කාන්තා රැඳවියන් වැලිකඩ යකා නටයි. ගුටිකාපු නිලධාරීන් 8 ක් රෝහලේ.

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ ගැටලුව තාමත් අවසන් වෙලා නෑ. ඊයෙත් කාන්තා රැඳවියන් පිරිසක් ආයෙත් වහලට නැග්ගා. මේ නිසා බන්ධාගාරය ඇතුලේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. මේ නිසා බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කරලා තියෙනවා. ඒ වගේම කාන්තා රැඳවූවන් 52ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරලා යවලා. තුවාල ලබපු කාන්තා රැඳවියන් 3 දෙනෙකුත් වෛද්‍යවරුන් වෙත යොමු කරලා […]


Aug
21

පෙරහැර කරඬුව වැඩමවන්න කතරගම වාසනා සූදානම් කරන හැටි. – Photo

Generic placeholder image

පෙරහැර කරඬුව වැඩමවන්න හස්තිරාජයෙක් වුනත් ගොඩක් පිං කරලා තියෙන්නේ ඕන. කරඬුව වැඩමවන ඇතා පෙරහැරේ යද්දී බොහොම තේජාන්විතව පේනවා. හැබැයි කරඬුව වැඩමවන හස්තියා ඊට සූදානම් කරන එකත් පහසු දෙයක් නෙවෙයි. දළදා මාලිගාවේ කුඹල් පෙරහැරට කතරගම වාසනා හස්තියා සූදානම් කරවන ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා. බලන්නකෝ අපි හිතන තරම් ලේසි නෑ නේද කියලා. ඡායාරූප තරංග ජයවික්‍රම.


Aug
20

“බුදුන්ගේ රස්තියාදුව” නවත්වන්න…. – විජේදාසගෙන් ඉල්ලීමක්.

Generic placeholder image

පහුගිය දවසක රටේ ලොකු කතා ලක්වුන පොතක් තමයි “බුදුන්ගේ රස්තියාදුව”. මේ පොතෙන් බුදුන් වහන්සේට අවමානයක් වෙනවා කියලයි වැඩි දෙනාගේ මතය වුණේ. බුදුන්ගේ රස්තියාදුව තහනම් කරන්න කියලා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පතිතුමාට ලිපියක් යවලා තියෙනවා. මේ පොතේ කතෘට, මුද්‍රණකරුට, බෙදාහරින්නන්ට සහ අලෙවිකරන්නන්ට එරෙහිව පරීක්ෂණයක් කරලා දඬුවම් කරන්න කියලත් එතුමා මේ ලිපියෙන් […]


Aug
20

වැලිකඩ රැඳවියන් ආයෙත් වහලට නගී.

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආයෙත් බන්ධනාගාරයේ වහලට නැගලා විරෝධතාවයක නිරත වෙනවා. පහුගිය දවසකත් ඔවුන් මේ විදයට බන්ධාගාරයේ වහල උඩට නැගලා විරෝධතාවක් කරා. ඒ පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට එරෙහිව. කොහොම විරෝධතාවය ආරම්භ කරන්න හේතුව තවම වාර්තා වෙලා නෑ.


Aug
20

අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට හොරෙන් ඇතුල්වුණ 16 හැවිරිදි තරුණයෙක් කොටු වෙයි.

Generic placeholder image

ලෝකයේ තියෙන ආරක්ෂිතම පරිගණක ජාලයක් තමයි Apple පරිගණක ජාලය. හැබැයි අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට රිංගුවා තරුණයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඕස්ට්‍රේලියානු ජාතික තරුණයාට තාම අවුරුදු 16 ක් විතරයි. හැබැයි ඔහු අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට හොරෙන් ඇතුල් වෙලා තොරතුරු ලබා ගෙන තියෙනවා. මේ විදියට සොරා ගත්ත 90GB තොරතුරු ප්‍රමාණයක් ඔහුගේ පරිගණකයේ තිබිලා හොයාගෙන තියෙනවා. […]


Aug
20

ඉන්දියාව සහ එංගලන්තය අතර 3 වන ටෙස්ට් තරඟයේදී තෙවන විනිසුරු දුන්න ආන්දෝලනාත්මක දැවී යාම. – Video

Generic placeholder image

මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ වැඩිම අවදානය යොමු වෙලා තියෙන්නේ ඉන්දියා – එංගලන්ත ක්‍රිකට් තරඟාවලියට. මේ වෙද්දී පවත්වලා තියෙන ටෙස්ට් තරඟ 2 ම එංගලන්තය ජයග්‍රහණය කරා. තුන්වෙනි ටෙස්ට් තරඟය මේ වෙද්දී පැවැත්වෙනවා. මේ තරඟයේ ජෝයි රූට්ගේ දැවී යාම ගැන. රූට් ලකුණු 16ක් ලබාගෙන සිටියදී හර්ඩික් පන්ඩ්‍යාගේ පන්දුවකට කේඑල් රාහුල් අතට උද පන්දුවක් ලබා දුන්නා. ඒ වෙලාවේ […]


Aug
20

හොලිවුඩයේදී මුදු මාරු කර ගත්ත ප්‍රියංකා බොලිවුඩයට ඇවිත් කරපු දේ. – Photo

Generic placeholder image

මේ දවස්වල හොලිවුඩයේ වගේම බොලිවුඩයේත් අවදානය යොමු වෙලා තියෙන්නේ ප්‍රියංකා චොප්රා වෙතට. ඒ ඇය කාටත් හොරෙන් ලාබාල පෙම්වතා එක්ක විවාහ ගිවිස ගත්ත නිසා. හොලිවුඩයේදී විවාහ ගිවිස ගත්ත ප්‍රියංකා ඉන්දියාවට ආවා. ඒ පවුලේ අය මුණගැහෙන්න. බොලිවුඩයේදීත් ඇය ආයෙම විවාහ ගිවිස ගත්තා. ඒ හින්දු චාරිත්‍ර අනුව. පහුගිය 18 වෙනිදා තමයි මේ උත්සවය පවත්වලා තියෙන්නේ.


Aug
20

ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියේ හතරවන දිනයේ විශේෂ අවස්ථා… – VIDEO

Generic placeholder image

Grand Strawberry Fest 2018 සැණකෙළියේ හතරවන දවස තමයි අද. ඉතින් අද දවස වෙන්කරලා තිබුනේ ස්ට්‍රෝබෙරි වලින් හදන රසවත් අතුරුපස තරඟය වෙනුවෙන්. මේ සැණකෙළිය සංවිධානය කරපු නුවර එලිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ ස්ට්‍රෝබෙරි වලින් හදන රසවත් අතුරුපස තරඟයක් පැවැත්වුණා. මේ තරඟයට නුවර එළිය නගරයේ ප්‍රධාන පෙලේ හෝටල් වල සුපවේදීන් සහභාගී වුණා. මේ තරඟය නම් කරලා තිබ්බේ Grand […]


Aug
20

සියල්ලන්ම පුදුම කරමින් ඉන්දුනීසියානු ජනපති ආසියානු ක්‍රීඩා උළෙලට යතුරුපැදියකින් ආව හැටි. – Video

Generic placeholder image

ආසියාවේ දක්ෂයින් සොයා යන ආසියානු ක්‍රීඩා උළෙල පහුගිය 18 වෙනිදා ආරම්භ වුණා. මෙවර ආසියානු ක්‍රීඩා උළලේ සත්කාරකත්වය දරන්නේ ඉන්දුනීසියාව. එහි සමාරම්භක උත්සවය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පැවැත්වුණා. නවීන තාක්ෂනය යොදා ගෙන අපූරු උත්සවයක් ඉන්දුනීසියාව පැවැත්වුවා. මේ සමාරම්භක උළලේ කාගේත් වැඩි අවදානයට ලක්වුණේ ඉන්දුනීසියාවේ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය. ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ සමාරම්භක උත්සවයට ආවේ යතුරුපැදියකින්. මේ තියෙන්නේ සියල්ලන්ම […]


Aug
20

උමාරියා රහසේම ආයෙත් විවාහ වෙයි. – Photo

Generic placeholder image

උමාරියා සිංහවංශ කියන්නේ මියුරු ස්වරයෙන් මුළු රටම වශී කර ගත්ත ගායිකාවක්. ඒ වගේම අමරදේව ශූරින් සමඟ අවසන් ගීතය කරන්න වාසනාව ලැබුනෙත් ඇයට. උමාරියා රහසේම ආයෙත් විවාහ වෙලා කියලා හෝඩුවාවක් අපිට ලැබුණා. ඇයගේ Instagram පිටුවේ තමයි ඇය මේ හෝඩුවාව පළකරලා තිබුණේ. මේ ගැන බලපු සියත 24 වෙත දැනගන්න ලැබුණේ ඇත්තටම උමාරියා ආයෙත් විවාහ වෙලා කියලා. යුරෝපා […]


News Articles
Latest Videos
Most Popular Post