News Line| Off Air
Generic placeholder image

Jul
12

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන්

Generic placeholder image

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 239ක්. දෙවැනියට වැඩිම ගම්පහින් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන දැක්වෙන්නේ ආසාදිතයින් 211ක් ලෙසයි.


Jul
12

පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට

Generic placeholder image

පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සදහන් කරනවා.


Jul
12

වසර 53 කට පසු ඉතාලිය යුරෝ කුසලානය දිනා ගනියි

Generic placeholder image

යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය තමන් සතුකර ගත්තේ සිය දෙවන යුරෝපා කුසලානයයි. එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය පැවැත්වුණු අතර ළමු ගෝලය වාර්තා කරමින් ඉතාලි කණ්ඩායමට ආරම්භයේදීම පීඩනයක් එල්ල කළා. ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ එකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. […]


Jul
12

කාබනික පොහොර නිෂ්පාදනයට වෘත්තිය පුහුණු ආයතනයත් එක්වෙයි

Generic placeholder image

රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ වී තිබෙන අතර එයට අවශ්‍ය විද්‍යාත්මක සහය වෘත්තිය පුහුණු ආයතනය මඟින් ලබාදීමට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ද එක්වුණා. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතීන් පසුගියදා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ හා වරකාපොළ කාර්මික විද්‍යාල පරිශ්‍රයන්හි ආරම්භ කෙරුණු අතර එය ආරම්භ වූයේ නිපුණතා […]


Jul
12

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41,000 කට නඩු පැවරේ

Generic placeholder image

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41,000 කට මේ වනවිට නඩු පවරා තිබෙනවා. ඒ අනුව ඒ සදහා රුපියල් දස දහසක දඩයක් සහ මාස 6 සිර දඬුවමක් ලබාදීමේ හැකියාව අධිකරණයට පවතින බවයි පොලිසිය සදහන් කරන්නේ. ගත වු පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jul
12

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත් වෙයි

Generic placeholder image

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ ගුරු වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හා ඉකුත්දා ගුරු සංගම් නායකයින් නිරෝධායන නීති උල්ලංඝණය කළ බව පවසමින් මර්දනය කිරීම ආදී හේතුකොටගෙනයි.


Jul
12

දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මකයි

Generic placeholder image

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මක කිරීමට කෙරෙන බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කරනවා.


Jul
12

හලාවත නගර සභාවේ සභාපති අත්අඩංගුවට

Generic placeholder image

හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරදීමක් පිලිබදව සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.


Jul
12

ගුරුවරුන්ටත් අද සිට කොරෝනා මර්දන එන්නත්

Generic placeholder image

ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත අද සිට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුවකොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ට නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බව පැවසෙනවා. මේ අතර අනුරාධපුරය, බදුල්ල, රත්නපුර ඇතුළු එන්නත්කරණය සිදු කෙරෙන දිස්ත්‍රික්කවලදී ද ගුරුවරුන් සඳහා එන්නත […]


Jul
12

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිරසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ […]


Jul
12

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කය කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස මහනුවර දිස්ත්‍රික්කය මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ,විහාර පටුමඟවිහාර මාවතකප්පර පල්ලිය පාර සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,නිවාස […]


Jul
12

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට රැගෙන එයි

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා. මීට පෙරද ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post