ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 526ක්.කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී තිබෙනවා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද සිට ආරම්භ වනවා. ඒ අනුව ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙන අතර මීගමුවේ පවුල් 6,042ක්, වත්තල පවුල් 1,409ක්, කටානේ පවුල් 233ක් සහ ජා-ඇල පවුල් 69ක් අදාළ වන්දි මුදල් ලබ ගැනීමට නියමිතයි.
ඊයේ දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ කිහිපයක් පහතින්,
ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 31,440 කට ලබා දී තිබෙන අතර ඒ අනුව මේ වන විට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබා දී තිබෙනවා. එම ගණන දහතුන් ලක්ෂ 26,784ක්.
ගත වූ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2324ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ විසිපන්දහස් නවසිය විසි දෙකක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම ඉකුත් 13 වන දින මෙරටින් තවත් කොරෝනා මරණ 57 තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 2203ක් දක්වා ඉහල ගියා.
අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී අදාල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
නිරෝධායන රීති කැඩූ පිරිස ඊයෙත් දහස ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 1,356 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්. ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කැඩීමෙන් අත් අඩංගුවට ගත් සමස්ත පිරිස පුද්ගලයින් 33,949 ක් .
මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. […]
ඉකුත් දින කිහිපය හා ඊයේ දිනය තුල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට දිනය දක්වා එම නිවේදනය බලපැවැත්වෙනවා. මේ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ , යටියන්තොට, රඹුක්කන , දෙහිඕවිට, මාවනැල්ල , බුලත්කොහුපිටිය, වරකාපොල, අරණායක, ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් , රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, […]
සර්බියාවේ නොවැක් ජොකෝවිච් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අවසන් මහා තරගයේදී ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් වට 3ට 2ක් ලෙස පරාජය පත් කරමින්. 2016 වසරේදී ද ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ඔහු සමත් වුණා.
පසුගියදා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් කපිතාන්වරයා රුසියානු ජාතිකයෙක් වන අතර මේ වනවිට ඔහුව කොළඹ මහාධිකරණය අංක 01 හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මියගිය ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සහ කැස්බෑවන් 05 දෙනෙකුගේ සිරුරු අදත් හලාවත අඹකදවිල, උඩප්පුව උනපිටිය පාරිපාඩු සහ කළුතර අලුත්ගම මොරගොල්ල මුහුදී තීරවලින් හමුව තිබෙනවා. ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ බලපෑමෙන් මිය යන සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බව වනජීවි අමාත්‍යාංශය සදහන් කරනවා.