අද(08) දිස්ත්‍රික්ක 10ක ස්ථාන 53කදී එන්නත්කරණය සිදු කරනු ලබනවා. එම එන්නත්කරණය සිදු කරන ස්ථාන පහතින් ,
වරායෙන් සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස ලබාගන්නා ආහාර ද්‍රවය සතොස හරහා අඩු මිලකට මහජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා. එලෙස රජය විසින් මිලදී ගන්නා එළවළු හා පලතුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලූම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පදිරි නොමිලේ ලබාදීමට ද කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විශ්‍රාම වැටුප්ලාභීන්ට ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබෙනවා.
තවත් කොරෝනා මරණ 47 ක් තහවුරු කර තිබෙනවා. ඒ මැයි 17 වනදා සිට ජුනි 6 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති කොරෝනා මරණ ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 1789 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (07) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැත. අදාල නිවේදනය පහතින්,
පාර්ලිමේන්තුව අද උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වායි. මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද දිනට පමණක් කිරීමට ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තිරණය කර තිබෙනවා.
ගත වූ පැය 24 තුල නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිමපිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් . එම ගණන 158ක්. ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 25,886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද සහ හෙට (08 සහ 09) දිනවලදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. […]
අද මේ දක්වා නව ආසාදිතයින් 1,960ක් අලුතින් හදුනාගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,293ක්.
සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා හෙට සහ අනිද්දා දිනයන්හි දී විවෘත වනවා.
මේ වන විට ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තව දුරටත් පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සදහා අද ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ගින්න මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,830ක් හෙළු බව ගුවන් හමුදා මූලස්ථාන නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. මේ අනුව එක්ස්ප්‍රස් පර්ල් […]
පාකිස්තානයේ සින්ද් පළාතේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.