සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ගොනුකර තිබූ නඩුවෙන් චූදිතයින් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
ඉන්දියාවේ පැවැත්වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් මහතා සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී එහි දෙවන අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පස්සර මාරක බස් රථ අනතුරෙන් දෙමවුපියන් අහිමි වූ දරුවන් තිදෙනා භාරගෙන හදාවඩා ගැනීමට අම්පාර රෝහලේ වෛද්‍යවරයෙක් ඉදිරිපත්ව තිබෙනවා. ඔහු සදහන් කරන්නේ පස්සර සිදු වූ අනතුරෙන් මියගිය යුවලකගේ දරුවන් තිදෙනා හදා ගැනීමට කෙනෙක් අවශ්‍ය යැයි තමන් ප්‍රවෘත්ති තුලින් දැක ඒ දරුවන් හදාගැනීමට ඉන් පසු තම බිරිද හා කතිකා කොට තීරණයක් ගත් බවයි. එම වෛද්‍යවරයාට ද වයස […]
යාපනය නගරයේ තුළ කොරෝනා ආසාදිතයින් ඉහළ ගොස් තිබෙන බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා සදහන් කරනවා. ඒ අනුව ඉකුත් දින කිහිපය තුල පමණක් යාපනය නගර සිමාවෙන් ආසාදිතයින් 77ක් පමණ හමුවූ බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
කොල්ලකරුවන් දෙදෙනෙක් මුදල් පැහැරගත් බව සදහන් කරමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික සමාගමක නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එනම්,රුපියල් ලක්ෂ 23ක මුදලක් සහ රුපියල් 84,000ක චෙක් පතක් බැංකුවක තැන්පත් කිරීමට ඔහු රැගෙන යන අවස්ථාවක බැංකුව අසලදී පුද්ගලයින් දෙදෙනකු විසින් මුදල් කොල්ලකෑ බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය විසින් […]
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හන්දිය ආසන්නයේ දී ඊයේ දිනයේ පාසල නිමවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා ජිවිතක්ෂයට පත් වි තිබෙන බව වාර්තා වෙනවා. පරගහආරාව ඌවකරඳගොල්ල පදිංචි පස් හැවිරිදි දරුවකු මෙලෙස ජිවිතක්ෂයට පත් ව තිබෙන අතර ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් දරුවා එළියට […]
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබා ගත් අතර කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට ලකුණු 471ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 375ක පිළිතුරු දෙවෙනි ඉනිම ක්‍රීඩා කල […]
ඩුබායි සිට මෙරටට එවන ලද මත්පෙති 4962 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.
ඊයේ දිනයේ දී මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරනවා.ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අන්තවාදී මත පැතිරවීම සදහා කටයුතු කල පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බව මින් එක් පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙන අතර ඉකුත් දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් වන බව ද මේ වන විට කරුණු තහවුරු කරගෙන තිබෙනවා. […]
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම,සබරගමුව,ඌව […]
විදේශයන්ගෙන් ගෙන්වා පොල් තෙල් සහ පාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකක් සීල් තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව පැවසෙන අතර ඒ ස්ථානයේ තිබී පොල්තෙල් හා ෆාම් තෙල් ගබඩා ටැංකි පරීක්ෂා කොට බැලීමේදී ඒවායේ විවිධ මියගිය කෘමීන් ගේ කොටස් තිබී හමුව තිබෙනවා.