News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
8

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Generic placeholder image

සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. මෙවර ජත්‍යන්තර කාන්තා දිනයේ තේමාව නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යන්නයි. සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහාය. එහි මූලාරම්භය ඇති වූයේ, […]


Mar
8

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසිවාර කිහිපයක් ඇතිවියහැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි […]


Mar
7

මුලතිව් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

Generic placeholder image

ලද තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කල විමර්ශනයකදී මුලතිව් – චලෙයි ප්‍රදේශයේ කැළෑ බද ප්‍රදේශයකින් උණ්ඩ 06ක් මෝටර් උණ්ඩ 07ක් පුද්ගල නාශක පීඩන බෝම්බයක් ඇතුළු බෝම්බ 04ක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය පිලිබදව විමර්ශන ක්‍රියාත්මක අතර ඒවා නිෂ්ක්‍රිය කර විනාශ කර දැමීමට ද කටයුතු කිරීමට ද නියමිතයි.


Mar
7

ගිනි අවි හා කඩු සමග පුද්ගලයෙක් රත්ගම ප්‍රදේශයේදී අත් අඩංගුවට

Generic placeholder image

රත්ගම, මොන්රෝවියාවත්ත ප්‍රදේශයේදී 32 හැවිරිදි පුද්ගලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සහ කඩු 02 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Mar
7

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල හිගයක් ? ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල හිගයක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. කෙසේ වෙතත් ජල කප්පාදුවක් සිදු කිරිමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව පවසන එම මණ්ඩලය ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


Mar
7

හැටන් නගරයේ වෙළෙද සැලක් ගිනි ගනී

Generic placeholder image

හැටන් නගරයේ පිහිටි රෙදි පිලි මැසිමේ වෙළෙද සැලක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර විදුලි කාන්දුවක් මෙම ගින්න ඇති වීමට හේතු වී ඇති බවටයි සැක පළ කරන්නේ. ගිනි ගැනීමට හේතුව පිලිබදව විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Mar
7

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Generic placeholder image

ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා. පාසල් විවෘත කිරීමේදී පළමුව 05, 11 සහ 13 යන ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


Mar
7

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි යළිත් සේවයට කැදවයි

Generic placeholder image

හෙට සිට යළි සියලු රාජ්‍ය සේවකයින් ආයතන වලට කැදවමින් සාමාන්‍ය පරිදි රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ලෙසට රාජ්‍ය පාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා. ඒ පිලිබද සදහන් කරමින් අදාල චක්‍ර ලේකනය ඉකුත් 05 වෙනිදා නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.


Mar
7

ඊයේ දිනයේත් මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
7

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මෙරටට එයි

Generic placeholder image

යුනිසෙෆ් සංවිධානයේ ජාත්‍යන්තර එන්නත් සැපයීමේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවන එන්නත් තොගයේ පළමු තොගය ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ගෙනවිත් තිබෙනවා. මේ අනුව පළමු තොගයේ දී එන්නත් මාත්‍රා 264000ක් ඊයේ රැගෙන එන ලද අතර මෙම එන්නත් තොගය වයස අවු 60ට වැඩි ජනතාව ඉලක්ක කර ගනිමින් අවදානම් සහගත ප්‍රදේශ වල බෙදා හැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Mar
7

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර දෙන ලෙස බල කරමින් ප්‍රකාශයට පත් කල කළු ඉරිදා දිනය අදයි

Generic placeholder image

කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්. මේ අනුව දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කිතුණු ජනතාව දැනුවත් කර ඇති අතර විශේෂ දේව මෙහෙයක් දේවස්ථානවල පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post