හපුතලේ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස උපුල් දිසානායක මහතා අද දිවුරුම් දුන්නා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරට උපුල් දිසානායක මහතා පත් කෙරුණු අතර මින් පෙර ද ඒ මහතා හපුතලේ නගරාධිපතිවරයා ලෙස කටයුතුකර තිබෙනවා.
2021 නව වසරේ උදාව සැමරීම සදහා කොළඹ – ගාලු මුවදොර පිටියට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, ඔහු සිය ඥාතීන් සමග ගාලු මුවදොරට ගොස් ඇති අතර සිසුවා සහ ඥාතීන් වෙන් වෙන් වශයෙන් එහි ගොස් තිබූ බවයි. ඥාතීන් ත්‍රිරෝද රථයකින් ද සිසුවා සිය යතුරුපැදියෙන් ද අදාළ ස්ථානයට ගොස් තිබුණා. […]
ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන චීන ජාතික ව්‍යාපාරික ජැක් මා මාස දෙකකට අධික කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අතුරුදන්ව ඇතැයි සැක කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සැඟව සිටින බවට සැක කරන බවත් ඊට හේතුව චීනයේ පාලන තන්ත්රය විවේචනය කිරීමේ සිද්ධියක් විය හැකි බවට අනුමාන කරන බවත් විදෙස් පුවත්පත් වාර්තාවක සහදන්. ජැක් මා පසුගිය […]
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ මස 23 වැනිදා සිට සංචාරකයින් සදහා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කොවැක්ස් ක්‍රියාවලියට මෙරට ද ඇතුළත් වන අතර එමගින් කොරෝනා එන්නත් මාත්‍රා ලබා ගැනීම සහදා ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.
කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු මළ සිරුර තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ දෙනමක් විසින් හදුනා ගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට පත් වූවන් අතර ආරණ්‍යයේ වාසය කරන කුඩා හිමි නමකගේ මව සහ පියා ද වන බවයි. එම […]
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කොළඹ මහනගර සභාවට අයත් මහජන පුස්තකාලයේ ළමා සහ වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය නැවත විවෘත කළ බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණි දිසානායක මහත්මිය දැනුම් දෙනවා. ඊයේ සිට එම කටයුතු යළි ආරම්භ කෙරුණු අතර සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා පාඨකයින් සදහා එය විවෘතව පවතිනවා. රජයේ ප්රවෘත්ති […]
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා නම් කෙරුණු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට සුළු මොහොතට පෙර දිවුරුම් දුන්නා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දුන්නේ සිව්වැනි වරටයි. දිවුරුම් දීමෙන් අනතුරුව උන්වහන්සේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සදහා වෙන්කර ඇති මුල් පෙළ අසුනක අසුන් ගත්තා.
මහනුවර, හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක අභිරහස් ලෙස පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මිය ගිය පුද්ගලයා ඇතුළු සිව් දෙනෙකු අදාළ ලැගුම්හල වෙත පැමිණ තිබුණේ ඉකුත් 31 වැනිදායි. පසුව පසුගිය 2 වැනිදා තිදෙනෙකු ඉන් පිටත්ව ගොස් තිබුණා. අනතුරුව එම කාමරය පිරිසිදු කිරීමට ගිය කම්කරුවා එහි නාන කාමරයේ තිබූ මළ […]
පසුගියදා පැහැර ගැනුණු තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ 65 හැවිරිදි හිමිනමගේ දේහය පුළුස්සා දමා තිබියදී සොයා ගැනුණා. ඒ, කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමියේදීයි. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට දින කිහිපයකට ඉහතදී කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් […]
මුහුණු ආවරණ නොපැළදීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළදීම මගින් කොරෝනා වෙෙරසය ව්‍යාප්ත විය හැකි බවට වන සෞඛ්‍ය උපදෙස් මතයි. මේ අතර පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය […]
ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ ගණන 215 දක්වා ඉහළ ගියා. එලෙස මිය ගියේ රත්නපුර ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර ඔවුන් 71 හැවිරිදි සහ 86 හැවිරිදි වියෙහි පසු වූවන්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් : මේ අතර අද උදෑසන වන විට මෙරටින් කොරෝනා […]