අදත් පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ක පමණ වැසි ඇතිවිය […]
අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයක් හුදෙකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ඒ අනුව එම පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය සහ ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ යන මාර්ග හුදෙකලා තත්ත්වයට පත් වනු ඇති. මේ අතර හුදෙකලාකර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම ඊයේ රාත්‍රී සිට […]
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ අනූෂ පැල්පිට මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. ඔහු මින් පෙර රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අයෙක්.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි.
විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළු වීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ජනතාව හැකි උපරිම අයුරින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර […]
ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවූගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය පසුගිය 30 වනදා ජනතා අයිතියට පත් කෙරුණා. යුදහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා එක් කරමින් අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යාන ව්‍යාපෘතිය ඉදි කිරීම සදහා වැය කල මුදල […]
මාතර, වලස්මුල්ල ඕමාරේ ප්‍රදේශයේදී පෞද්ගලික් ආරවුලක් මත ඇති වූ ගැටුමකදී පහර කෑමකට ලක් වූ දරුවෙකු රෝහල්ගතකර තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි දරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කළ බව දරුවාගේ ඥාතීන් පැවසුවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ සිද්ධිය පිළිබද ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කරන්නැයි වළස්මුල්ල පොලිසියට උපදෙස් දී ඇති […]
තවත් යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද ළඟා වුණා. යුක්රේන ජාතිකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් එලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.
“කාලී” කිව්වම මතක් වෙන්නේ පහුගිය දවස්වල කොයි කව්රුත් කතා කරපු කොරෝනා පැණියත් එක්ක මතු වුණ “කාලී” කතාව.. ඒ අය මේ අය ඔය කොයි කව්රුත් ඒ නම එක එක දේවල්වලට ඈඳගත්තට “කාලී” ගැන ඉතිහාසය දන්න අය නම් ඒ නම එහෙම ආවට ගියාට පාවිච්චි කරන එකක් නෑ. ඒ වගේම කාලි ලෙඩ සුව කරනවා කියන එකත් පහුගිය කාලේ […]
එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු කොරෝනා අසාදනය වී තිබියදී හොර වෛද්‍ය වාර්තාවක් සකසා ඉදිරිපත් කර ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙනවා. අදාල පුද්ගලයා ඉකුත් 24 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර එහිදී එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු බව හදුනා ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාල පුද්ගලයා නැවත වරක් […]
මසකට පමණ ඉහතදී රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත ජිනවංශ හිමිනමගේ අභිරහස් මරණය පිළිබඳ විමර්ශනය කරන කණ්ඩායම්වලට නව හෝඩුවාවන් කිහිපයක් ලැබී ඇතැයි වාර්තා වනවා. ජිනවංශ හිමියන් පරිහරණය කළ දුරකතන සිම්පත් හා මෙමරි කාර්ඩ්පත් ඇසුරින් ද සාක්ෂි කිහිපයක් ලැබී ඇති බවයි එම කණ්ඩායම් පවසන්නේ. මළ සිරුර දියේ පාවෙමින් තිබී හමුවන අවස්ථාවේ භික්ෂුවගේ දකුණු කකුලට කම්බියකින් […]
මේ වසරේ කොවිඩ් ව්‍යාප්ත වීම පාලනය කිරීම රඳා පවතින්නේ මෙරට සිටින බුද්ධිමත් ජනතාව තුළ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙරට ජනතාව වගකීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.එමෙන්ම කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කිරීම විද්වත් කමිටු නිර්දේශ මත කළ […]