News Line| Off Air
Generic placeholder image

Jan
6

අදත් තරමක තද වැසි

Generic placeholder image

ඌව පළාතේත්, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. . සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුවතැනින් තැනින් වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. ඇතැම්ස්ථානවලටමි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Jan
5

අල්ලස් ගත් මහනුවර නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වැඩ වරදියි

Generic placeholder image

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ කළ වැටලීමකදීයි. මහනුවර, කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුවරුවක් සවිකිරීම සඳහා මහනුවර මහනගර සභාව මූලික අනුමැතියක් ලබා දී තිබුණා. එම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ මන්ත්‍රීවරුන් පැමිණීලිකරුගෙන් රුපියල් […]


Jan
5

වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර 100ක් ඇතුළත හුණුගල් කැනීම තහනම් වෙයි

Generic placeholder image

මහනුවර, වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වූ භූ චලන සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව අද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දුන්නා. මේ වනවිට සිදුව ඇති සියලු භූ චලන රික්ටර් මාපකයේ දෙකකට අඩු අගයකින් වාර්තා වී ඇති බවත් ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවලදී සිදු වන ස්වභාවික කම්පන බවත් අදාළ […]


Jan
5

මනුස්සයෙකුට කාගේවත් පිහිටක් නැතිව ජීවත් වෙන්න පුළුවන් ද?

Generic placeholder image

මිනිස්සු බොහෝ දෙනෙක් හැම තිස්සෙම වගේ කියන කතාවක් තමයි “මං අද මෙතන ඉන්නේ මගේ ශක්තිය නිසා, වෙන කාගෙවත් උදව්වක් මට ලැබුණේ නෑ” කියන කතාව.. එහෙම කියන එක තමන්ට පොඩි ආඩම්බර ගතියක් එකතු කරනවා තමයි. හැබැයි ඇත්තටම වෙන්නේ ඒකම ද? මේ ගැන පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් රචනා කරපු “වනකතා” කතා පොත කියවපු කෙනෙක් ඉන්නවා නම් […]


Jan
5

කොරෝනා ආසාදිතව සිටි තවත් 445කට සුවයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 38,000 පසු කළ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 38,262ක් ලෙසයි. කොරෝනා වෙෙරසය ආසාදනය වූ මුළු රෝගීන් ගණන 41,476ක්. ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ […]


Jan
5

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් හටන අතරතුර දිමුත් 10 වැනි ශතකය රැස් කරයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. ජෝහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන තරගය අතරතුර සිය 10 වැනි ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද සමත් වුණා.


Jan
5

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයකින්

Generic placeholder image

කොළඹ – 01, කොළඹ – 02 සහ කොළඹ – 03 යන ප්‍ර්‍රදේශවලට අද දහවල් සිට හෙට පස්වරු 3 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වන ජල නලයක සිදු කෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් පැය 15ක කාලයක් අදාළ ප්‍රදේශවලට එලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි […]


Jan
5

හපුතලේට නව නගරාධිපතිවරයෙක් (ඡායාරූප)

Generic placeholder image

හපුතලේ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස උපුල් දිසානායක මහතා අද දිවුරුම් දුන්නා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරට උපුල් දිසානායක මහතා පත් කෙරුණු අතර මින් පෙර ද ඒ මහතා හපුතලේ නගරාධිපතිවරයා ලෙස කටයුතුකර තිබෙනවා.


Jan
5

නව වසරේ උදාව සමරන්න ගිය 18 වියැති සිසුවා මෝටර් රථයකට බිලි

Generic placeholder image

2021 නව වසරේ උදාව සැමරීම සදහා කොළඹ – ගාලු මුවදොර පිටියට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, ඔහු සිය ඥාතීන් සමග ගාලු මුවදොරට ගොස් ඇති අතර සිසුවා සහ ඥාතීන් වෙන් වෙන් වශයෙන් එහි ගොස් තිබූ බවයි. ඥාතීන් ත්‍රිරෝද රථයකින් ද සිසුවා සිය යතුරුපැදියෙන් ද අදාළ ස්ථානයට ගොස් තිබුණා. […]


Jan
5

ජැක් මා අතුරුදන් වී ඇති බවට සැකයක්?

Generic placeholder image

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන චීන ජාතික ව්‍යාපාරික ජැක් මා මාස දෙකකට අධික කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අතුරුදන්ව ඇතැයි සැක කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සැඟව සිටින බවට සැක කරන බවත් ඊට හේතුව චීනයේ පාලන තන්ත්‍රය විවේචනය කිරීමේ සිද්ධියක් විය හැකි බවට අනුමාන කරන බවත් විදෙස් පුවත්පත් වාර්තාවක සහදන්. ජැක් මා පසුගිය […]


Jan
5

ජනවාරි 23 සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට පියවර

Generic placeholder image

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ මස 23 වැනිදා සිට සංචාරකයින් සදහා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.


Jan
5

කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබා ගැනීමට හැකි ද?

Generic placeholder image

කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කොවැක්ස් ක්‍රියාවලියට මෙරට ද ඇතුළත් වන අතර එමගින් කොරෝනා එන්නත් මාත්‍රා ලබා ගැනීම සහදා ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post