News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

විරාත් කෝලිත් පිතෘ නිවාඩු ගනි

Generic placeholder image

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී සිය බිරිද වන අනුෂ්කා ශර්මා ගේ පළමු දරු ප්‍රසුතිය සිදු කිරීමට සැරසෙන කාල වකවනුවාක ඇය සහ ලැබෙන්නට සිටිනා දරුවා සමග කාලය ගත කිරීම සදහා පිතෘ නිවාඩු ගෙන තිබෙනවා. ඒ ඔහු විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කල ඉල්ලීමකට අනුවයි. ඒ සදහා එම පාලක මණ්ඩලය විසින් ඔහු හට නිවාඩු ලබා දීමට […]


Dec
30

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Generic placeholder image

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකතන අංකය තාවකාලිකව අකර්මණ්‍ය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එය යථා තත්ත්වයට පත් වන තෙක් එම දෙපාර්තමේන්තුව ඇමතීම සදහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇති අතර හදිසි තත්ත්වයකදී අදාළ අංක ඇමතීම මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා […]


Dec
30

වැසි ජලයට හසු වී කොල්ලුපිටියේදී පුද්ගලයෙකු මරු දකියි

Generic placeholder image

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාවත් සමග කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යට වී තිබුණා. එම අවස්ථාවේ එහි සිටි අදාළ පුද්ගලයා ඊට හසු වී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Dec
30

කොරෝනා අවදානම් පිරිස මිලියන 4 පනියි – වෙෙරස මර්දන එන්නත ලබන මාර්තුවේ සිට

Generic placeholder image

මෙරට කොරෝනා මර්දන එන්නත් කිරිම් එළැඹෙන මාර්තු මාසය පමණ වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඇය පැවසුවේ, මේ වනවිට නිෂ්පාදනය ආරම්භ කර ඇති එන්නත් අතුරින්, යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඇණවුම්කර ලබා ගන්නා බවයි. කොරෝනා මර්දන එන්නත මුලින්ම […]


Dec
30

බලපිටියේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ දී අහුන්ගල්ල පොලිසිය විසින් ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.ඒ බලපිටිය ප්‍රදේශයේදී. එහිදී ගිනි අවි කිහිපයක් සහ එය සැදීමට ගන්නා යකඩ පටි , ලී කපන කියතක් , යාන්ත්‍රික විදිනයක් , ආදී උපකරණ කිහිපයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනවරණය වී ඇත්තේ ගිනි අවි […]


Dec
30

ජනපතිගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාවට විශේෂ යුද කණ්ඩායම් කැඳවයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාව සදහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථානය කිරීමට සැළසුම්කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ඒ සදහා අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් පාතාල ගණයේ රැඳවියන් වෙන්කර, ඔවුන්ව දැඩි අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා […]


Dec
30

බස්නාහිරින් පිටව යෑමට උත්සහ කල තවත් පිරිසකට කොරෝනා

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිටව යෑමට උත්සහ කල පුද්ගලයින් 13 දෙනෙකු කොරෝනා ආසාදිත බව ඔවුන්ට සිදු කල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ දිනයේ හදුනා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව දෙසැම්බර් මස 18 වන දින සිට බස්නාහිරෙන් පිටවන පිරිසට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 අතරින් කොරෝන ආසාදිතයින් ගණන 74 දෙනකු හදුනා ගෙන තිබෙන බවයි පොලිසිය සදහන් […]


Dec
30

කොරෝනා ආසාදිතයින් ගණන 42,000 පසු කරයි – වැල්ලම්පිටියෙන් තවත් මරණයක්

Generic placeholder image

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණයක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා. එලෙස මිය ගියේ, වැල්ලම්පිටියේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයයි. එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 28 වැනිදා […]


Dec
30

කොරෝනා වෛරස් නව ප්‍රභේදය ඉන්දියාවෙන් හා පකිස්තානයෙනුත් හමු වෙයි

Generic placeholder image

එංගලන්තයේ හමු වූ කොරෝනා වෛරස් නව ප්‍රභේදය මේ වන විට ලොව පුරා රටවල් ගණනාවකින්ම වාර්තා වී තිබෙනවා. මේ අනුව අසල්වැසි ඉන්දියාවෙන් ද මෙම වෛරස් ආසාදිතයින් හදුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම වෛරස් ආසාදිතයින් හය දෙනකු පමණ එරටින් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියලු දෙනා හුදකලා කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමටත් කටයුතු […]


Dec
30

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පස්වරු 7.00 ට ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිත අතර පවතින දේශපාලන තත්වය පිලිබදව මෙහිදී වැඩි දුර සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඒ පිලිබදව අදහස් දක්වමින් සඳහන් කළේ.


Dec
30

අදත් සවස් වරුවේ වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර, උතුරු-මැද,මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම […]


Dec
29

අදත් දිවයින පුරා තද වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර,උතුරු-මැද,වයඹ සහඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න්පමණපසුවතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]


News Articles
Latest Videos
Most Popular Post