කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හමුවීම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට එම දුම්රිය ස්ථානයේ දුම්රියන් නතර කිරිම සිදුවන නමුත් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරිම හා පරික්ෂාකිරීම ආදිය කිසිවක් තාවකාලිකව නවතා තිබෙන අතර දුම්රිය ස්ථානය විෂබීජහරණ කටයුතු වලින් අනතුරුව යළි විවෘත කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් සදහන් කරන්නේ.
මහර ගැටුමේ මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ පත් කල විද්වත් කමිටුව විසින් සැකසු වාර්තාව අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අදාල ගැටුමෙන් පුද්ගලයින් 11 දෙනකු මිය ගිය අතර එයින් 08 දෙනකුම කොරෝනා ආසාදිතයින් බව පසුව අනාවරණය වූණා. කෙසේ වෙතත් එහිදී ඉන් සිව් දෙනෙක්ගේ දේහ භූමදාන කිරීමට එම රැඳවියන්ගේ ඥාතීහු අධිකරණයෙන් […]
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ පැන ගිය කොරෝනා අසදිතයාගේ ජායා රූපයක් මේ වන විට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබෙන අතර ඒ අනුව අදාල පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය මහ ජනයාගෙන් ඉල්ලා සිටිනවා. අදාල සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන […]
එංගලන්තය තුල කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග ලන්ඩන් නගරයේ කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු මට්ටමකට ඉහළ යමින් පවතින බව ලන්ඩන් නගරාධිපති වරයා සදහන් කරනවා. ඒ හේතුවෙන් , මිලියන 34 ක පමණ ජනතාවකට සංචරණ සිමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සිනමා ශාලා , ක්‍රීඩාංගන, ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටත් […]
ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 688 දෙනකු හදුනා ගත් අතර එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 309ක්. මේ අතර කළුතරින් ආසාදිතයින් 119 ක් ද ,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 ක් ද වාර්තා වී තිබෙන අතර ඊයේ දිනය තුල ආසාදිතයින් වාර්තාවී තිබෙන ප්‍රදේශ පහතින් දැක්වේ,
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද(16) දිනයේ සිට යළි විවෘත කර තිබෙනවා. තොග වෙළෙඳාම පමණක් දැනට මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ සිදු කරනු ලබන බවයි ධීවර අමාත්‍යාංශය සදහන් කරන්නේ.
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 157 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ගොකරැල්ල ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පැවසෙන්නේ
ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කළම්බු කිංග්ස් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම […]
ඊයේ පස්වරුවේ වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු පළා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට පැමිණි අවස්ථාවේ ඔහුට සිදු කළ pcr පරීක්ෂණ යෙදී අදාල පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනුණා. පළා ගිය සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
දකුණු පළාතේ වාර්තා වන කොරෝනා ආසාදිත ගණන මේ වන විට 500 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 31 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික් බල ප්‍රදේශ තුල ඉකුත් සති දෙකක කාලය තුල පමණක් හමු වී ඇති කොරෝනා රෝගීන් ගණන 113 ක්. මේ අතර දකුණු පළාතේ පුද්ගලයින් 3074 ක් මේ වන […]
ඊයේ පස්වරු 6.30 ට පමණ අනුරාධපුර පාදෙණිය ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී මවක් හා ඇයගේ අවුරුදු තුනහමාරක් වයසැති දරුවා මියගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ අදාල කැබ් රථයේ පුද්ගලයින් 11 දෙනෙකු ගමන් කර තිබෙන අතර රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර […]