News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

මහර බන්ධනාගාරයේ ගින්නෙන් එහි දේපළ රැසකට හානි

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී තත්ත්වය සමග ඇති වූ ගින්නෙන් එහි දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම බන්ධනාගාරයේ ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල ගින්නෙන් විනාශ වී තිබෙනවා. එමෙන්ම අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් 71 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අද […]


Nov
30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක්

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හා වේරහැර කාර්යාලය මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා මින් පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක ඇමතීම මගින් සේවාලාභීන් පත්වන අපහසුතාව අවම […]


Nov
30

නයිජීරියාවේ ගොවින් 43 දෙනෙකු කපාකොටා ඝාතනය කෙරේ

Generic placeholder image

නයිජීරියාවේ ගොවීන් පිරිසක් කපාකොටා ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. එලෙස ඝාතනය කර ඇති ගොවින් පිරිස 43 දෙනෙක් වන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. තියුණු ආයුධ යොදාගෙන මෙම ඝාතනය සිදු කර තිබෙන අතර එම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


Nov
30

දිගන යළිත් හෙළවෙයි

Generic placeholder image

මහනුවර, දිගන, අඹකොටේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යළිත් සුළු භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ, එම කම්පන තත්ත්වය රික්ටර් මාපක 2කට වඩා අඩු අගයක් ලෙස පල්ලේකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි. මින් පෙර ද අවස්ථා කිහිපයකදී මහනුවර ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් හටගත් අතර ඒ […]


Nov
30

තවත් 558 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Nov
30

රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට යළි විවෘත කෙරේ

Generic placeholder image

කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, නියමිත සෞඛ්‍ය උපදේශවලට අනුව හෙට සිට මහජනතාව වෙනුවෙන් එම කාර්යාංශය යළි විවෘත කරන බවයි.


Nov
30

යළි දැනුම් දෙනතුරු හෙට සිට මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

Generic placeholder image

හෙට සිට යළි දැනුම් දෙනතුරු දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන්නැයි දන්වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අනිද්දා නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි.


Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ තුවාල ලැබූ රැඳවියන් 71 දෙනෙකු මේ වනවිට රෝහල තුළ ප්‍රතිකාර ලබන බවයි.


Nov
30

නඩු දෙකකට අදාළව බැසිල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Generic placeholder image

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නඩු දෙකකට අදාළව පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෝසමක් ඉදිරිපත් කරමින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව එම තහනම් නියෝග ඉවත් කෙරුණා. 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් […]


Nov
30

“පවතින තත්ත්වය යටතේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ගැටළුවක්” – අධ්‍යාපන ඇමති

Generic placeholder image

පවතින තත්ත්වය යටතේ පාසල්වලින් සියයට 50ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු සිදු නොවීම තුළ නියමකර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අනුව සියලු ක්ෂේත්‍ර සමග සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් […]


Nov
30

ඊයේ හමු වූ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 496 ක් වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ආසාදිතයින් ගණන 167ක්. කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 78ක්,අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්,ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් ,මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසස්දිතයින් 56 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී තිබෙන්නේ වත්තල ප්‍රදේශයෙන් එම ගණන 17ක්. […]


Nov
30

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය කියයි

Generic placeholder image

රජය අපකීර්තියට පත් කරන යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීමට බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වත්මන් රජයේ ප්‍රතිපත්තිය මගින් මත්ද්‍රව්‍ය වැටලීම්වලට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වනවිට බන්ධනාගාරගත වී […]


News Articles
Latest Videos
Most Popular Post