තවත් නව කොරෝනා ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 553ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්තය දැක්වෙන්නේ 18,491ක් ලෙසයි.
මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද රාත්‍රී නිකුත් වුණා. එම වාර්තාවට අනුව ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. අද උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇද වැටීමෙන් ඔහු මිය ගොස් තිබුණා. මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ […]
ලංකා ප්‍රීමියර් ලීග් T20 ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කණ්ඩායම තීරණය කළේ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු රැකීමටයි. තරඟාවලිය දෙසැම්බර් […]
නිවෙස්ගතව නිරෝධායනය වන පුද්ගලයින් එම ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි සිදු කරන්නේ ද යන්න පිළිබඳ තහවුරුකර ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම වගකීම පැවරෙන්නේ, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙතයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් […]
සාක්ෂි වසන් කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලබන 7 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඔහුව මාරුකර යැවුණේ ඊයේ දිනයේදීයි.
නොවැම්බර් 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනයට අනුව ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනුණා. අද උදෑසන එම අමාත්‍යාංශ දෙකෙහි නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දුන් අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාත් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් එලෙස දිවුරුම් […]
2015 වර්ෂයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ රිට් අයදුම්පත අභියාචනාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සකස් කිරීම පාරිසරික නීති උල්ලංඝණය කිරීමක් වන අතර නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය නොකිරීමට එරෙහිව අදාළ රිට් අයදුම්පත ඉදිරිපත්කර […]
තවත් ආසාදිතයින් 342දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. මේ වනවිට දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 18,000 ඉක්ම වූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 18,280ක් ලෙසයි.
කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට පනවා ඇති නියමයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 30 වැනිදා සළකා බැලීමට අද නියම කළා. ඒ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී […]
ස්ථාන මාරු කළ වෛද්‍යවරයෙකු යළිත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අනුයුක්ත කිරීමට විරෝය පළ කරමින් කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වීමෙන්. කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එලෙස සිය රාජකාරීවලින් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් […]
නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, ආසාදිත ක්‍රීඩකයින් 6 දෙනාම නිරෝධායනය සඳහා යොමුකර කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබා දී තිබූ අවසරය ද අත්හිටුවා ඇති බවයි. නවසීලන්තයට පැමිණි පකිස්තාන සංචිතයේ සාමාජිකයින් 53 දෙනා කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ ක්‍රීඩකයින් ආසාදිතයින් බව හඳුනා […]
මේ වන විට උතුරු පළාතේ වසාදමා ඇති කර්මාන්තශාලා රැසක් ඉදිරියේදී යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරනවා. ඒ තුලින් උතුරේ විරැකියාවෙන් පෙලෙන බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.