ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතු කොටගෙන ගත් පිරිසක්. මේ වන විට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 358 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නීරෝධායන නීති යටතේ නඩු පැවරිමට කටයුතු කරන බවයි […]
කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. අවදානමක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවීම සමස්ත දිවයිනටම ගැටළුවක් බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට වන අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතලත් වෙනවා.
කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ IDH රෝහලෙන් පළා ගිය මව සහ දරුවාගෙන් වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුව තිබෙනවා. පළා ගිය කොරෝනා ආසාදිත වයස අවුරදු 25 ක් වන මව සිය දරුවා අදාල නිවසට ලබා දී නැවත එම ස්ථානයෙන් ද පැන ගොස් තිබෙනවා. එම පැන ගිය මව සොයා ගැනීමට පොලිසිය ජනතා සහය පතනවා
සති අන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවානය නොවේ.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එහි වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත අතරමීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය […]
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් දේශියව පුද්ගලයින් 437 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි එක් පුද්ගලයෙකු ලෙස වාර්තා වෙනවා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 305 ක් වාර්තා වන අතර […]
ඊයේ රාත්‍රී 9.00 ට පමණ කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් මෙලෙස රෝහලෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පොලීසිය සදහන් කලේ.
බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. උතුර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වන බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියා. ඒ, මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමගයි. එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 10, කොළඹ 15″ කළුතර – පොකුණුවිට සහ කළුතර – හල්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :
වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ දින සැමරුම්, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම අත්හිටුවමින් එම ප්‍රදේශවලට අදාළ අධිකරණ මගින් තහනම් නියෝග නිකුත්කර තිබෙනවා. පොලිසිය කළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ එම තහනම් නියෝග නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඒ අනුව, මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශවල පුද්ගලයින් 22 දෙදෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝග නිකුත්කර […]