News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Generic placeholder image

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව හෙට(16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළ යුතු වෙයි.


Nov
15

හුදකලා කළ ප්‍රදේශවල BOI සහ EDB කර්මාන්ත ශාලා වෙත දැනුම් දීමක්

Generic placeholder image

කොවිඩි 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් හුදකලා කළ ප්‍රදේශවල BOI සහ EDB කර්මාන්ත ශාලා වෙත දැනුම් දීමක් කර තිබේ.


Nov
15

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ තද වැසි

Generic placeholder image

අද(15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි […]


Nov
14

කැළණියත් සඳුදා සිට හුදෙකලා කෙරේ – ගම්පහ ප්‍රදේශ කිහියක් හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

Generic placeholder image

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිය පොලිස්බල ප්‍රදේශය ද හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශ අතරින් මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා […]


Nov
14

තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට හුදෙකලා කෙරේ

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව කොළඹ – කොටුව, පිටකොටුව, කොම්මපඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ මරදාන යන ප්‍රදේශ සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.


Nov
14

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 214ක් වාර්තා වෙයි

Generic placeholder image

පෑලියගොඩ කොරෝනා ආසාදනය වූ පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර එම පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 12,909ක් ලෙසයි.


Nov
14

බූස්ස බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආසාදිතයින්ගේ සමස්තය දැක්වෙන්නේ 329ක් ලෙසයි.


Nov
14

ලෝකයටම තර්ජනයක් වූ කොරෝනා වෛරසයේ විවිධ පැතිකඩ ගැන ඔබ දැනුවත් ද?

Generic placeholder image

දරුණු කොරෝනා වෛරසය මුළු ලොවක් ගිල ගනිමින් ඇති මොහොතක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට අනුව අප පසුවන්නේ තුන්වැනි අවදානම් මට්ටමේයි. දිනෙන් දින සීඝ්‍රයෙන් පැතිර යන වසංගතය මේ දිනවල ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනිමින් සිටින්නේ බස්නාහිර පළාතයි. මෙතෙක් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කය ද පසු කරමින් අඛණ්ඩව දින පහක් පුරා වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් […]


Nov
14

ඩොනල්ඩ් ට්‍රම්ප් වක්‍රාකාරයෙන් සිය පරාජය පිළිගනියි

Generic placeholder image

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරාජයෙන් පසු පළමුවරට ඊයේ එරට ජනතාව ඇමතුවා. ඒ, ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේදීයි. එහිදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ, සිය පාලන කාලය තුළ රට අගුලු දැමීමට කිසි විටෙකත් තමන් කටයුතු නොකළ බවයි. එහෙත් ඉදිරි කාලයේදී කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ. එමෙන්ම ජනාධිපතිවරණ පරාජය […]


Nov
14

තවත් 293 දෙනෙකුට සුවයි

Generic placeholder image

කොරෝනා ආසාදනය වූ තවත් 293 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 11,324ක් ලෙසයි.


Nov
14

කොරෝනා මරණ ගැන අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ්

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මහමඟ වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. අද උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්. එවැනි අසත්‍යය පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක […]


Nov
14

නොමිලේ පැවැත්වෙන ජංගම වෛද්‍ය සායන ගැන කොළඹ මහනගර සභාවේ නිවේදනය

Generic placeholder image

පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ නගරය තුළ හුදෙකලාකර ඇති ප්‍රදේශ, නිවාස සංකීර්ණ ඇතුළු ස්ථානවල නොමිලයේ ජංගම සායන පැවැත්වීමට තීරණයකර ඇතැයි කොළඹ මහනගර සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය පවසන්නේ, අදාළ ස්ථානවල බෝනොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම සායන පවත්වන බවයි. එමෙන්ම කොළඹ නගරයේ ජනතාවට සිය සෞඛ්‍ය ගැටළු විමසීමට […]


News Articles
Latest Videos
Most Popular Post