News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට විවෘතයි

Generic placeholder image

පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට විවෘතව පවතින බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා. හෙට උදෑසන 5 සිට තොග වෙළඳසැල් විවෘතව පවතින බවත් ඇඳිරි නීති බලපත්‍ර සහිතව පැමිණෙන තොග වෙළඳුන්ට භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් එම සංගමය ප්‍රකාශ කළා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද හෙට දිනය තුළ තොග වෙළඳසැල් විවෘත කිරීමට […]


Nov
2

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන තොරුතුරු මෙන්න

Generic placeholder image

මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11060ක්. ඉන් 5,700කට අධික පිරිසක් දිවයින පුරා රෝහල් 36ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දැනට රෝගීන් වැඩිම ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වන අතර එම සංඛ්‍යාව 659ක්. මේ අතර මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 496ක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 453ක්, […]


Nov
2

ගම්පහ කර්මාන්ත ශාලාවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා කිහිපයකින් ඊයේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 524 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්ත ශාලා 25කින් සේවකයින් 420ක් ද, බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 4කින් ආසාදිත සේවකයින් 12 දෙනෙකු ද, තවත් කර්මාන්ත ශාලා 11කින් ආසාදිත සේවකයින් 92දෙනෙකු ද එලෙස හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනා […]


Nov
2

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 3137ක්

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 3137 දෙනෙකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසනවා. එම ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 47,258ක්. ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ, ඊයේ දිනය තුළ පමණක් දිස්ත්‍රික්කය තුළින් ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වූ බවයි. ඒ අනුව ඊයේ දිනය තුළ කැළණිය කොට්ඨාසයෙන් 17 […]


Nov
2

කොරෝනා මරණ සංඛ්‍යාව 22ක් දක්වා ඉහළට

Generic placeholder image

පසුගිය 31 වැනිදා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුානාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. අදාළ මරණය සියදිවි නසා ගැනීමක් බවට තොරුතුරු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙරට සිදු වූ 22 වැනි කොරෝනා […]


Nov
2

විලියම් කුමරුටත් කොරෝනා – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාත් නිරෝධායනයේ

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus මහතා මේ දිනවල නිරෝධායනය වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, තමන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් වීම හේතුවෙන් මෙලෙස නිරෝධායනය වන බවයි. එහෙත් තමන්ට කිසිඳු සැක සහිත රෝග ලක්ෂණයක් මතු වී නොමැති බවත් තමන් මේ වන විට යහපත් […]


Nov
2

ආනයනික මාළු, කරවල හා උම්බලකඩවල බදු ඉහළට

Generic placeholder image

දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික මාළු, කරවල සහ උම්බලකඩ සඳහා වන බදු ඉහළ නැංවීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මත වන ලෙසයි. ඒ අනුව ආනයනික මාළු කිලෝ ග්‍රෑමයක් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 200ක් වන අතර ආනයනික කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 127ක බද්දක් අය කෙරෙනවා. උම්බලකඩ කිලෝ […]


Nov
2

ඇඳිරිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම සැපයීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ වනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සඳහා ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් අවසර ලබා ගත යුතු බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ වෙ⁣ළෙඳුන් 7000කට අධික පිරිසක් එම කටයුතු සඳහා ලියාපදිංචි වී තිබෙනවා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ද […]


Nov
2

ඊයේ ආසාදිතයින් හඳුනාගත් තැන්

Generic placeholder image

ඊයේ සිට අද උදෑසන දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 397 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව ආසාදිතයින් 179 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, 93 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 33 දෙනෙකු කළුතර දිස්ත්‍රිකක්යෙන් ද වාර්තා වුණා. එමෙන්ම ඇහැළියගොඩ, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින් ද ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වන […]


Nov
2

4,039 දෙනෙකු තවමත් නිරෝධායනයේ

Generic placeholder image

ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයින් 4,039 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයින් 228 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බවයි. ඒ අනුව පල්ලේකැලේ කෘෂිකර්ම පුහුණු පාසල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 69 දෙනෙකු ද, ගල්කිස්ස හෝටල් නිරෝධායන […]


Nov
2

අද උදෑසන වනවිට ආසාදිතයින් 397ක් හඳුනා ගනියි

Generic placeholder image

අද උදෑසන වනවිට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 397 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ආසාදිතයින් 7,582දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන්. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු කම්හලේ සේවකයින් වන අතර සෙසු 6,541 දෙනා එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. එමෙන්ම අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන […]


Nov
1

තවත් ආසාදිතයින් 204ක් හඳුනා ගනියි

Generic placeholder image

ආසාදිතයින් සංඛ්‍යාව 11,000 ඉක්මවමින් නව ආසාදිතයින් 204 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. නිරෝධායනය වෙමින් සිටි 35 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 169 දෙනෙකු එලෙස හඳුනාගත් බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. ඒ අනුව මෙරට සමස්ත වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 11,060ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post