නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලය තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. එම කාල සටහනට අනුව හෙට සිට ලබන පළමුවැනිදා දක්වා රඹුක්කන සිට කොළඹ කොටුව තෙක් බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද, හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වූ කිසිදු දුම්රියක් […]
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ කොරෝනා ආසාදිතයින් හමු වීම නිසා බොහෝ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයන් වසා දැමීමට තීරණය කෙරුණා. මේ හේතුවෙන් මාළු අලවිය ක්‍රමයෙන් අඩු වීම සහ ජනතාවද පරිභෝජනය සදහා මාළු මිලදී ගැනීම අවම වීම හේතුවෙන් ආනයනික මාළු, කරවල, සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී තවත් කොරෝනා පොකුරු නිර්මාණය වුවහොත් රටම දැඩි අපහසුතාවකට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, පෑලියගොඩ කොරෝනා පොකුරට වඩා විශාල පොකුරක් නිර්මාණය වුවහොත් එය සෞඛ්‍ය අංශයවලට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි. එවැනි පොකුරු නිර්මාණය නොවීම සම්බන්ධයෙන් වන වගකීම විශාල වශයෙන් පැවරෙන්නේ […]
මේ වන විට ශ්‍රී ලංකව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගෙන රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
දිවයිනට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණා. එහිදී පොම්පේයෝ මහතා චීනය සම්බන්ධයෙන් දැක්වූ අදහසකට චීනය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ප්රජාතන්ත්රවාදය ගරු කරන රටවල් දෙකක් ලෙස ඇමෙරිකාවට සහ ශ්‍රී ලංකාවට සමාන දැක්මක් ඇති බවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය […]
ලබන සතියේ 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයින් තීරණය කළ බව පාර්ලිමේන්තුව නිවේදනය කළා. ඒ අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. 4,5,6 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ සභාවාර අත්හිටුවීමටයි එහිදී තීරණය වී ඇත්තේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ, අද උදැසනයි.
කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික අංශයේ සේවකයින් 07 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ කොල්ලුපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ආයතනයේ සේවකයින් 05 දෙනෙක් සහ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික සේවකයින් 02 දෙදෙනෙකුටයි.
පාර්ලිමේන්තු වාර්තාකරණය ආවරණය කල පුවත්පත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව ඔහු සිදු කරගන්නා ලද pcr පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු වාර්තාකරණය කිරීම සදහා මාධ්‍ය වෙත අවසර ලබා දීම සිදු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.
කොරෝනා මරණ ඉහළ යාමත් සමග ප්‍රංශය සහ ජර්මනිය යළිත් වසා දැමීමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබෙනවා. ප්‍රංශ අග්‍රාමාත්‍ය එමානුවෙල් මැක්රෝන් ඊයේ නිවේදනය කළේ, මාසයක කාලයක් සඳහා රට වසා දැමීමට තීරණය කළ බවයි. එම නිවේදනයෙන් පැය කිහිපයකට පසු ජර්මනියේ බලධාරීන් ද සඳුදා සිට රට මාසයක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව ප්‍රකාශ කළා. ලෝක සෞඛ්‍ය […]
කාත්තණ්කුඩි ප්‍රදේශයේ සියලු දේවස්ථාන සහ බාබර් සාප්පු අද සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණයකර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයේ පැතිර යාමත් සමගයි. කාත්තණ්කුඩි කොරෝනා මර්දන බලකාය පැවසුවේ, ප්‍රදේශයේ ආහාර වෙළඳසැල්වලින් ආහාර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර සැපයෙන්නේ ද පාර්සල් ක්‍රමයට බවයි.
කොළඹ ඇතුළු පිටස්තර ප්‍රදේශවල සිට ජනතාව වතුකරයට පැමිණීමත් සමග එහි ජන ජීවිතයට ද කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වීමේ අවදානමක් මතුව ඇතැයි වතු අධිකාරීවරුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මත්ස්‍ය කර්මාන්තයේ රැකියාවල නිරත වූ වතුකරයේ පිරිස් කිසිඳු පරික්ෂාවකින් තොරව මේ දිනවල විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි. එවැනි පසුබිමක වතුකරයේ ජනතාව දැඩි අවදානමකට මුහුණ පා ඇති බවයි වතු […]
පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයන් 17දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙන බව පිළියන්දල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරනවා. ඒ අතර අවුරුදු 07 ක දරුවෙකුද සිටින බවයි පැවසෙන්නේ..එම දරුවාට මෙම වෛරසය ආසාදනය වී තිබෙන්නේ ඔහුගේ පියාගෙන් වන අතර පියාද කොරෝනා අසදිතයෙකු බවට මිට පෙර හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.