මහරගම නගර සභාබල ප්‍රදේශයනේ කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ, නාගහවත්ත, පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත, නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙණිය සහ ජයගත් පාර යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ වරාය සේවකයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයින්. අදාළ පුද්ගලයින් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් […]
කොළඹ පොලිස් බල ප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතු කොටගෙන ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා. සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද ධාවනය අද සිට අත් හිටුවීමට තීරණය කර තිබෙනවා. මුුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර 06ක් පමණක්, ඒ අනුව ගාල්ල […]
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවේ, අදාළ කාල වකවානුව තුළ දඩ මුදල් අය නොකිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.
පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ugc.ac.lk වෙත පිවිසීමෙන් එම කඩඉම් ලකුණු ලබා ගත හැකියි.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රයෙන් මේ දක්වා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 1545දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 799 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින්. සෙසු ආසාදිතයින් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. ඊට අමතරව බේරුවල, ගාල්ල, […]
අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන අතර හෙට සහ අනිද්දා යන දෙදින තුළ ඔහු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය අතරතුරදී පොම්පෙයෝ මහතා මෙරට රාජ්‍ය නායකයින් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර […]
මිරිහාන පොලිස් ස්ථානයේ භෝජනාගාර සැරයන්වරයකුට කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනීමත් සමග ඔහු රාජකාරි කල බැරැක්කය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පොලිස් භෝජනාගාරයේ මුළුතැන්ගෙයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට අදාල නිලධාරියා පෑළියගොඩ මාළු වෙළෙඳසැලට ගොස් ඇති බවයි කරුණු අනාවරණය වන්නේ.
රත්නපුර, මල්වල, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාත්ස්‍යය වෙළෙන්දෙකුගේ පවුලේ තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදෙකලා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් තීරණය කළා. ඒ අනුව එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන යන ගම්මාන හුදෙකලා ගම්මාන බවට නම් කර ඇති අතර එම ගම්මානවලට දැඩි සංචරණ සීමාවන් පනවා තිබෙනවා. එමෙන්ම රත්නපුර […]
මෙහිදී අදාල පුද්ගලයා ගේ නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මගින් මෙම පරීක්ෂනය සිදු කරනු ලබන අතර විනාඩි 12වැනි පොඩි කාලයකින් ආසාදිත වාර්තා පිලිබදව තොරතුරු දැනගත හැකි වෙනවා. මෙහිදී රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පවා හදුනා ගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, දරුවන් සමග සිටි මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. මේ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු දෙකක දැරියකට […]
පවතින තත්වය හමුවේ අද දිනයේ කොළඹ නගරයේ දී යුද හමුදා විශේෂ මෙහෙයුමක නිරත වී තිබෙනවා. එහිදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙන අතර කොළඹ නගර සිමාවේ මෙලෙස යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් කිහිපයක් විසින් මෙලෙස මෙම මෙහෙයුම දියත් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත […]
මේ වන විට ශ්‍රී ලංකව තුල පවතින කොරෝනා වෛරසය යළි හිස එසවීම හමුවේ ධිවර කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමගයි. මේ හේතුවෙන් දැනට බේරුවල හා ගාලු ධිවර වරයන් ඇතුළු බොහෝ ධිවර වරායන් වසා දමා තිබෙන අතර කෙසේ වෙතත් එම ධිවර වරයන් වල තිබෙන […]