News Line| Off Air
Generic placeholder image

Jul
23

සුනඛයින්ට සමාන ඩයිනෝසර් විශේෂයක් සොයාගැනේ. එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා

Generic placeholder image

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ.දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම නව ඩයිනෝසර් විශේෂය Labrador Retriever වර්ගයේ සුනඛයෙකුගේ ශරීර ප්‍රමාණයට සමානතාවක් ඇති බව පවසයි.එමෙන්ම මෙම විශේෂය එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා ලෙස නම් කර තිබේ.පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා යනු […]


Jul
23

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වාර්තාගත පැමිණීමක්. ජූලි මාසයේ සංචාරකයින් ලක්ෂය ඉක්මවයි.

Generic placeholder image

අපේ රටේ සංචාරක කර්මාන්තයට තවත් සුබ ආරංචියක්! ශ්‍රී ලංකාව බොහෝ දෙනාගේ සිත් දිනාගත් සංචාරක ගමනාන්තයක් බවට විවාදයක් නැහැ. 2025 ජූලි මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 126 000 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා.අපගේ සංචාරක අංශයේ විශිෂ්ට ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම සංචාරක පැමිණීම පෙන්වා දෙන්නට පුලුවන්.සංචාරක පැමිණීමේ මේ කැපී පෙනෙන වර්ධනය, […]


Jul
22

ශ්‍රී ලංකාවේ AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහයෝගය

Generic placeholder image

සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන (AI Singapore) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන අරමුණු සඳහා දායක විය හැකි, සක්‍රීය හවුල්කාරිත්වයන් සහ දැනුම හුවමාරු අවස්ථා ගවේෂණය කිරීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක වන “AI Singapore” වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.දෙරට අතර සහයෝගීතාව විධිමත් කිරීම සඳහා අවබෝධතා […]


Jul
22

කොරියාවට යන්න හීන දකින ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්

Generic placeholder image

කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන සෘතුමය සේවක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් හිමිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම වැඩසටහනට අමතරව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කොරියාවට යැවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක […]


Jul
21

බංග්ලාදේශයේ හමුදා ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි

Generic placeholder image

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් F-7 BGI ප්‍රහාරක ජෙට් යානයක් අද (ජූලි 21) සවස ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය කඩා වැටීමෙන් පසු පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ වන […]


Jul
21

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි හිමියෝ අපවත් වෙති

Generic placeholder image

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබුණා. අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන […]


Jul
18

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ කෝටි 47ක දැවැන්තම සුපිරි ත්‍යාගය හිමිකරගත් අවස්ථාව

Generic placeholder image

ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ත්‍යාගය වු රු.කෝටි 47 දිනා ගත් මෙගා පවර්, මෙගා සුපිරි ත්‍යාගලාභියා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මයාදුන්න මහතා වෙත චෙක් පත ලබා දීම අද දින කොළඔ මහ නගර සභා පරීශ්‍රයේදී කොළඔ පුරපතිනිය ව්‍රායි කැලී බල්තසාර් මහත්මියේ ප්‍රධානත්වයෙන් සිදු කලා. මේ අවස්ථාවට නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා , ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති – M.D.C.A. […]


Jul
18

ශාරුක් ඛාන් එන්නේ නෑ: රසිකයන්ට කණගාටුදායක පුවතක්

Generic placeholder image

එළඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිතව තිබු City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බව කියැවෙන පුවතක් පසුගියදා City of Dreams ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර තිබුණා. එහෙත් ඊයේ (17) දිනයේදී ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ තම පෞද්ගලික හේතුවක් මත […]


Jul
18

ශ්‍රී ලංකාවේ විවෘත කෙරුණු පළමු ඉටි රූ කෞතුකාගාරය

Generic placeholder image

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වළව්වේ ඉටි රූප කෞතුකාගාරය ඊයේ (17) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අතින් විවෘත කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේ ප්‍රතිසංස්කරණය වුණු ඇහැලේපොළ වළව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දීමෙන් පසු එහි ඇති පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කොට තිබෙනවා.ඇහැලේපොළ වලව්ව අයත් වන කන්ද උඩරට රාජධානියේ එවකට තිබූ ගෘහ නිර්මාණ […]


Jul
16

” මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන් “

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිණියක් කිව්වොත් හරියටම හරි. ඇය හැම වෙලාවකම බොහෝ දෙනා අතරට ගේන්නේ වෙනස්ම විදිහෙ විලාසිතාවන්. මේ නිසාම ඇය කරන විලාසිතාවන් හරි ඉක්මණින් කතාබහට ලක් වෙනවා. පසුගිය දිනෙක ඇගේ ෆේස්බුක් ගිණුමට ඇය එක්කර තිබුණ ලා රෝස පැහැති ගවුම් විලාසිතාව ගැනයි මේ කතාබහ. සුන්දර මලක් වගේ සැරසිලා හිටපු […]


Jul
15

භාතිය මියයයි.

Generic placeholder image

දකුණු පාදයට වෙඩි වැදී රෝගාතුරව දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි “භාතිය හස්තියා” අද (15) උදෑසන මියයයි.


Jul
14

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ ගුවන් යානයක් කඩා වැටේ.

Generic placeholder image

ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ ඊයේ (13) සවස 3.48ට පමණ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. ගුවන්ගත වී තත්පර කිහිපයක් ගත වනවිට යානය කඩාවැටී ගිනිගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙනෙ විම‍ර්ශන කටයුතු හේතුවෙන් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති අතර සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post