ඉන්දියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් ඇතුළු පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව, මීටර් 4 X 400 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:08.02ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගෙන තිබෙනවා. එමෙන්ම, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග පතිරගේ මීටර් 86.65ක දක්ෂතාවක් දක්වමින් නව ජාතික වාර්තාවක් සමඟ රන් […]
ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාතියා ඊයෙ(09) සවස මෙරටට පැමිණියා. වෙළඳ දැන්වීමක් සඳහා අනුරාධපුරයේදී සිදු කිරීමට නියමිත රූගත කිරීම් සඳහායි ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. මෙය Big Momma Productions (ඉන්දියාව) සහ ASIAN FILM CREW Productions (ශ්‍රී ලංකාව) එක්ව කරන නිර්මාණයකි. ඇය දින කිහිපයක් දිවයිනේ රැඳී සිට නැවත ඉන්දියාව බලා පිටත් වීමට බලාපොරොත්තු වන බවයි ආරංචි මාර්ග […]
නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත මීට සුළු මොහොතකට පෙර Miss Tourism Universe 2025 කිරුළ දිනාගෙන තිබෙනවා. මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් තරඟාකාරිනියන් පස් දෙනෙකු සහභාගී වී තිබෙනවා. සියළු තරඟකාරියන් අභිබවා තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 League තරඟාවලිය අද (07) සිට ආරම්භ වීමට නියමිතයි. අද දින තරගය සඳහා, දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් Team Blues කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Greens කණ්ඩායම තරග වදිනු ඇත. මෙම තරගය අද දහවල් 1.30 ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
WhatsApp වංචාවලින් ආරක්ෂා වන්නේ කෙසේද? පසුගිය වසරේ පළමු භාගයේදී WhatsApp විසින් වංචනික ක්‍රියාවලට සම්බන්ධ ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර තිබෙනවා. මෙම ගිණුම් බොහොමයක් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් පවත්වාගෙන ගිය වංචා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ බවයි Meta ආයතනය ප්‍රකාශ කර ඇත්තේ . මෙම වංචාකරුවන් ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා සඳහා WhatsApp කණ්ඩායම් චැට් […]
අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (අගෝස්තු 6) දින ජපානයේ නිහඬ යාඥාවක් පවත්වා තිබෙනවා. ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා ඇතුළු ලොව පුරා නිලධාරීන් රැසක් මෙම උත්සවයට සහභාගී වී තිබෙනවා. හිරෝෂිමා නගරාධිපති කසුමි මට්සුයි එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ ඇත්තේ, “යුද්ධයකදී පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක් වූ එකම ජාතිය ජපානයයි. ජපාන […]
වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙනවා. මෙම පියවර මූලික වශයෙන් දේශීය දරුවන් තුළ සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ඔවුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ […]
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පළමු රන්දෝලි පෙරහැර අද (04) පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ නැවතත් ඩී. එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් […]
ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් ඊයේ (02) පස්වරුවේ දිවයිනට පැමිණියා. දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙනුයි රිතික් රෝෂන් මෙලෙස දිවයිනට පැමිණ තිබෙන්නේ. ඔහු සමඟ තවත් බොලිවුඩ් සහය නළුවන් කීපදෙනෙක්ද මෙරටට පැමිණ ඇති බවයි තවදුරටත් ආරංචි මාර්ග පවසන්නේ. සමාරම්භක උළෙල සඳහා […]
ශ්‍රී ලංකාවේ Miss Teen Tourism කිරුළ දිනූ අංජානා හීනටිගල, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වීම සඳහා ඊයේ( (ජූලි 30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා. ලොව පුරා රටවල් 40ක තරඟකාරියන් සහභාගී වන මේ තරඟාවලියේ අවසන් මහා තරගය, එළඹෙන අගෝස්තු මස 08 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිතයි. ඇයට අපෙන් උණුසුම් සුභ […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් WhatsApp සමාජ ගිණුම් භාවිතා කරන සියළු පරිශීලකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙනවා. ඒ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද නැතහොත් OTP අංකය හොරකම් කිරීම සඳහා ව්‍යාජ ඇමතුම් සහ කෙටි පණිවිඩ යොදා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙනුයි . සයිබර් අපරාධකරුවන් WhatsApp හරහා අනවසරයෙන් සම්බන්ධ වී එනම් හඬ ඇමතුම් හෝ නොමඟ යවනසුළු […]
නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe 2025 සඳහා Miss Tourism Sri Lanka ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පිලිපීනයට පිටත්ව ගොස් තිබෙනවා. තරඟාවලිය සඳහා මාස 8ක කාලයක් පමණ පෙර සූදානම් වූ බවයි ඇය පවසා ඇත්තේ. තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ බබළවන්නට ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!