News Line| Off Air
Generic placeholder image

Jun
18

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා , විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 -50 ත් අතර විය හැකියි.


Jun
18

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ. ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි. කැලණි ගඟ දකුණ ඉවුර ජල […]


Jun
18

කොරෝනා රෝගීන් ගණන 1924 ක් දක්වා ඉහළට

Generic placeholder image

ඒ ඊයේ (17) දිනයේ වාර්තා වූ නව රෝගීන් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 1924 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.රෝගීන් 05දෙනෙකු චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වන අතර දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් වනවා. මේ අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් ලෙස හදුනා ගැනුනා. මේ වන විට සුවය ලබා රෝහල් […]


Jun
17

සිරියානු ජනාධිපති Bashar al-Assad ගේ මාමාට වසර 4 ක සිර දඬුවමක් නියම වෙයි

Generic placeholder image

මෙසේ Rifaat al-Assad ට ප්‍රංශ අධිකරණයෙන් ඉදිරිපත් වූ චෝදනාව වනුයේ ප්‍රංශ දේපල ඉදිකිරීමක් සඳහා මුදල් විශුද්ධිකරණය කිරීමයි. මොහු 1984 වසරේ සිය සහෝදර හෆීස්ගෙන් බලය අත්පත් කර ගැනීමට අසාර්ථක උත්සාහයක් දැරූ බැවින් ඔහු පිටුවහල්ව සිටියි. එමෙන්ම ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳ විමර්ශනයකට ඔහුගේ දේශපාලන අතීතය අදාල නොවන බව ඔහුගේ නීතීඥයින් විසින් ප්‍රකාශ කර සිටිනවා. නමුත් ප්‍රංශ අධිකරණ […]


Jun
17

කවුද මේ අරුම පුදුම සොෆියා ?

Generic placeholder image

Hanson Robotics සමාගම විසින් හඳුන්වා දුන් මිනිස් පෙනුමට බෙහෙවින්ම සමාන සොෆියා විසින් (Sophia) කෘතීම බුද්ධියේ (AI – Artificial Intelligence) අනාගත සිහින වලට නව මං පෙත් විවර කර ඇත. විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ කලාත්මකත්වයේ අද්විතීය සංයෝජනයක් ලෙස සොෆියා එකවරම AI සහ රොබෝ තාක්ෂණයන්හි අනාගතය නිරූපණය කරන මිනිසා විසින් නිෂ්පාදිත විද්‍යා ප්‍රබන්ධ චරිතයක් වන අතර උසස් රොබෝ […]


Jun
17

හේමසිරි සහ පූජිත්ට එරෙහි මුලික විමර්ශන අවසන්

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඔක්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරි බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල කර තිබේ. […]


Jun
17

ඉන්දු – චීන දේශසීමා ගැටුමේ සුල මුල

Generic placeholder image

පසුගිය සඳුදා දින ලඩාක් දේශසීමාවේ ඇති වූ ගැටුම වසර 45 කට පසුව ඉන්දීය හමුදා සහ චීන හමුදා අතර සිදු වූ පළමු ගැටුම වේ. අවසාන වශයෙන් 1962 දී ඉන්දියාව චීනය හමුවේ නින්දිත පරාජයක් ලැබූ පසුව දෙරට අතර ඇති වී ඇත්තේ එක් එක සටනක් පමණකි. මෙම ගැටුමට හේතු වී ඇති ලඩාක් දේශසීමාව (LAC) දුර්වල ලෙස සලකුණු කර […]


Jun
17

හිරුණිකාට සිතාසි

Generic placeholder image

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව සදහා ලබන ජුලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට කොළඹ මහාධිකරණ විසින් අද (17) නියම කළා. මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා […]


Jun
17

වසරක් තිස්සේ රූමස්සල කඳු පාමුල හිර වී තිබු නැව කපා ඉවත් කරයි

Generic placeholder image

ඉකුත් වසරේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිර වී තිබු නැව වරාය අධිකාරිය විසින් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේද වනජීවි දෙපාර්තමේන්තුවේද නිර්දේශයන්ට යටත්ව කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. නැවේ තිබු තෙල් මුහුදට එකතු වීම තුලින් පරිසරයට වන හානිය වැලැක්වීම පිණිස සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධීක්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් මිට පෙර ඉවත […]


Jun
17

ජනපති සැරටම අමතයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


Jun
17

facebook තුල දේශපාලන ප්‍රචාරණයට ඉඩක් නැතිවන ලකුණු

Generic placeholder image

Facebook අධිපති මාර්ක් සකර්බර්ග් පවසන පරිදි 2020 ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණය ආසන්න කාල වකවානුව වන විට පරිශීලකයන්ට මැතිවරණ වෙළඳ දැන්වීම් අක්‍රිය කිරීමේ පහසුකම ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. USA Today පුවත්පත සඳහා ලියන ලද ලිපියක ඔහු කියා සිටින්නේ ඇමරිකානුවන් මිලියන 4 ක් නව චන්දදයකයින් ලෙස මෙම වසරේ ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර […]


Jun
17

කාන්තාවකට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් පැකට් 216 ක් රැගෙන යාමට වැරදිකාරිය වූ කාන්තාවකට අද කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post