ඉකුත් වසරේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිර වී තිබු නැව වරාය අධිකාරිය විසින් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේද වනජීවි දෙපාර්තමේන්තුවේද නිර්දේශයන්ට යටත්ව කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. නැවේ තිබු තෙල් මුහුදට එකතු වීම තුලින් පරිසරයට වන හානිය වැලැක්වීම පිණිස සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධීක්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් මිට පෙර ඉවත […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
Facebook අධිපති මාර්ක් සකර්බර්ග් පවසන පරිදි 2020 ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණය ආසන්න කාල වකවානුව වන විට පරිශීලකයන්ට මැතිවරණ වෙළඳ දැන්වීම් අක්‍රිය කිරීමේ පහසුකම ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. USA Today පුවත්පත සඳහා ලියන ලද ලිපියක ඔහු කියා සිටින්නේ ඇමරිකානුවන් මිලියන 4 ක් නව චන්දදයකයින් ලෙස මෙම වසරේ ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර […]
වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් පැකට් 216 ක් රැගෙන යාමට වැරදිකාරිය වූ කාන්තාවකට අද කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 14 ක ජන්ද පත්‍රිකා මේ වන විට සම්පුර්ණයෙන්ම මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය සදහන් කරනවා. එමෙන්ම අනුරාධපුරය , මාතලේ , යාපනය , කිලිනොච්චිය , පොලොන්නරුව , මාතර , රත්නපුරය , යන දිස්ත්‍රික්ක වල ජන්ද පත්‍රිකා මේ වන විටත් ආදාල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාල වෙත භාරදී තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය විසින් අද එම පක්ෂයේ මහ ලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමීමට ඒකමතිකව අද (17) දින තීරණය කර තිබෙනවා. මේ අනුව එම මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරය පිරිනමා තිබෙන අතර ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් […]
ගත වූ පැය 24 තුල ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව එම මරණ සංඛ්‍යාව 2006ක්. එමෙන්ම ඊයේ දිනය තුල පමණක් එරට කොරෝනා ආසාදිතයින් 11,135ක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධිකයි. මේ වන විට ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන ආකාරයට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින හෙයින් එරට […]
කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් මේ වන විට චීනයේ බීජිං නුවර ආශ්‍රිත ප්‍රදේශ ගණනවක ආරම්භ වී තිබෙනවා. වෛරස් රෝගීන්ගේ වැඩිවීම අඛණ්ඩව සිදුවන බැවින් බීජිං හි මිලියන සංඛ්‍යාත ජනතාවක් නව සීමාවන් යටතේ නැවතත් ජිවත් වීමට සිදුව තිබෙනවා. මෙම වෛරසය යලි හිස ඔසවා තිබෙන්නේ නගරයේ මස් හා එළවළු වලින් 80% ක් සපයන දැවැන්ත ෂින්ෆන්ඩි ආහාර වෙළඳපොලේදී බව වාර්තා […]
කොරෝනා වෛරසය අසාදනය වී ප්‍රතිකාර ලබා නිවෙස් වෙත යන ඇතැම් රෝගීන් යලි වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වුවත් ඒ අසදිතයින්ගෙන් වෛරසය ව්‍යප්ත නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා. රෝගියෙකු සුව වූ පසු ඔහු හෝ ඇය pcr පරීක්ෂණ දෙකකට භාජනය කොට සුව වූ බව තහවුරු කරගන්නා අතර එවැනි පුද්ගලයෙකුට යලි […]
දශක කිහිපයකට පසු හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සහ ඉන්දීය හමුදා අතර ඇති වූ මාරාන්තික ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි හමුදාව ප්‍රකාශ කරනවා. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් ඉකුත් දින කිහිපයේදී වැඩි වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් මෙලෙස ඉන්දීය සෙබළුන් 20 දෙනෙකුගේ ජිවිත අහිමි වී තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළ අතර ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය […]