News Line| Off Air
Generic placeholder image

Jun
18

ලෝක කුසලාන තරගවලදී හොදම කඩුලු රකින්නන් අතර මුල් තැන සංගක්කාරට

Generic placeholder image

අන්තර ජාතික ක්‍රිකට් කවුන්සොලය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබු නවතම වාර්තාවලට අනුව ලෝක කුසලාන තරගාවලි වලදී හොදම කඩුලු රකින්නන් අතර පළමු ස්ථානය කුමාර් සංගක්කාරට හිමිව තිබෙනවා. ඒ අනුව සංගක්කාර ( 2003 – 2015 ) ඉකුත් ලෝක කුසලාන තරග 04 කදී කඩුල්ල පිටුපස සිට දවාගැනීම් 54 ක් සිදු කර තිබෙනවා. මෙම වාර්තාවේ දෙවන හා තෙවන […]


Jun
18

අගමැති සමග වතු සංගම් වැටුප් ගැන සාකච්ඡාවක්

Generic placeholder image

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දීරයේ පැවැති මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වතු සේවක වෘත්තිය සමිති කිහිපයක් සහ වතු හාම්පුතුන් එක්ව සිටියේය. වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී තවත් සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික එම්.රාමේෂ්වරන් මහතා […]


Jun
18

තවමත් ලොව සුපිරිම පරිගණකය ලෙස මුල් තැන රැකගත් “ SUMMIT ”

Generic placeholder image

සුපිරි පරිඝණකයක් එහෙමත් නැත්නම් supercomputer කියන්නේ මොකද්ද. හොයල බැලුවොත් ලෝකයේ ගොඩාක් දත්ත සංසරණය වන විශාල ගණනය කිරීම් සිදු කරන පර්යේෂණාගාර වල වැඩ කරගන්න තමයි මේවා පාවිච්චි කරන්නේ. මේ වන විටත් ලොව සුපිරිම පරිගණකය ලෙස නම් දරා සිටින්නේ SUMMIT ය. මෙම පරිඝණකය වර්තමානයේ ඇත්තේ ඕක් රිජ් ජාතික රසායනගරයේය (Oak Ridge National Laboratory). මෙම පරිඝණකය නිර්මාණය කිරීම […]


Jun
18

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේ දී කල්වේලා ඇතිව දින වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. මෙම ක්‍රියාවලියෙන් පරිභාහිරව කිසිවෙකුටත් දෙපාර්තමේන්තුව තළුට ඇතුළු වීමට අවසර නොලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. වෙන් කර ඇති දුරකථන අංක කාර්ය බහුල අවස්ථාවන් නිරීක්ෂණය වන […]


Jun
18

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා , විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 -50 ත් අතර විය හැකියි.


Jun
18

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ. ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි. කැලණි ගඟ දකුණ ඉවුර ජල […]


Jun
18

කොරෝනා රෝගීන් ගණන 1924 ක් දක්වා ඉහළට

Generic placeholder image

ඒ ඊයේ (17) දිනයේ වාර්තා වූ නව රෝගීන් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 1924 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.රෝගීන් 05දෙනෙකු චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වන අතර දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් වනවා. මේ අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් ලෙස හදුනා ගැනුනා. මේ වන විට සුවය ලබා රෝහල් […]


Jun
17

සිරියානු ජනාධිපති Bashar al-Assad ගේ මාමාට වසර 4 ක සිර දඬුවමක් නියම වෙයි

Generic placeholder image

මෙසේ Rifaat al-Assad ට ප්‍රංශ අධිකරණයෙන් ඉදිරිපත් වූ චෝදනාව වනුයේ ප්‍රංශ දේපල ඉදිකිරීමක් සඳහා මුදල් විශුද්ධිකරණය කිරීමයි. මොහු 1984 වසරේ සිය සහෝදර හෆීස්ගෙන් බලය අත්පත් කර ගැනීමට අසාර්ථක උත්සාහයක් දැරූ බැවින් ඔහු පිටුවහල්ව සිටියි. එමෙන්ම ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳ විමර්ශනයකට ඔහුගේ දේශපාලන අතීතය අදාල නොවන බව ඔහුගේ නීතීඥයින් විසින් ප්‍රකාශ කර සිටිනවා. නමුත් ප්‍රංශ අධිකරණ […]


Jun
17

කවුද මේ අරුම පුදුම සොෆියා ?

Generic placeholder image

Hanson Robotics සමාගම විසින් හඳුන්වා දුන් මිනිස් පෙනුමට බෙහෙවින්ම සමාන සොෆියා විසින් (Sophia) කෘතීම බුද්ධියේ (AI – Artificial Intelligence) අනාගත සිහින වලට නව මං පෙත් විවර කර ඇත. විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ කලාත්මකත්වයේ අද්විතීය සංයෝජනයක් ලෙස සොෆියා එකවරම AI සහ රොබෝ තාක්ෂණයන්හි අනාගතය නිරූපණය කරන මිනිසා විසින් නිෂ්පාදිත විද්‍යා ප්‍රබන්ධ චරිතයක් වන අතර උසස් රොබෝ […]


Jun
17

හේමසිරි සහ පූජිත්ට එරෙහි මුලික විමර්ශන අවසන්

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඔක්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරි බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල කර තිබේ. […]


Jun
17

ඉන්දු – චීන දේශසීමා ගැටුමේ සුල මුල

Generic placeholder image

පසුගිය සඳුදා දින ලඩාක් දේශසීමාවේ ඇති වූ ගැටුම වසර 45 කට පසුව ඉන්දීය හමුදා සහ චීන හමුදා අතර සිදු වූ පළමු ගැටුම වේ. අවසාන වශයෙන් 1962 දී ඉන්දියාව චීනය හමුවේ නින්දිත පරාජයක් ලැබූ පසුව දෙරට අතර ඇති වී ඇත්තේ එක් එක සටනක් පමණකි. මෙම ගැටුමට හේතු වී ඇති ලඩාක් දේශසීමාව (LAC) දුර්වල ලෙස සලකුණු කර […]


Jun
17

හිරුණිකාට සිතාසි

Generic placeholder image

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව සදහා ලබන ජුලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට කොළඹ මහාධිකරණ විසින් අද (17) නියම කළා. මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා […]


News Articles
Latest Videos
Most Popular Post