News Line| Off Air
Generic placeholder image

Jun
18

සෙවනගල අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 15 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට

Generic placeholder image

පසුගියදා තණමල්විල සෙවනගල ප්‍රදේශයේදී හමු වූ කොරෝනා ආසාදිත නාවික සෙබලා වාර්තා වීමත් සමග ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගනු ලැබුවා. ඊට සමගාමිව අද එම ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 15 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට කෙරුණා.


Jun
18

රථ වාහන දඩ මුදල් ගෙවන්න සහන කාලයක්

Generic placeholder image

රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ජුනි 30 වැනි දා දක්වා එම සහන කාලය දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා පොලීසිය විසින් 2020 පෙබරවාරි මස 16 දින හෝ ඊට පසුව නිකුත් කර ඇති එහෙත් කොවිඩ් 19 වසංගතය නිසා ගෙවීමට […]


Jun
18

චීනය තුළ සැමන් මත්ස්‍ය භීතිකාවක් හටගනී

Generic placeholder image

පසුගිය සතියේ බීජිං හි කෝවිඩ් 19 රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණි. මේ සියල්ලම පාහේ විශාල තොග ආහාර වෙළඳපොළකට සම්බන්ධ වී තිබේ. ෂින්ෆාඩි වෙළඳපොලේ (Xinfadi market) ආනයනය කරන ලද සැමන් කැපීම සඳහා භාවිත කරන පුවරු මත තිබී මෙම වෛරසය සොයා ගත් බව රාජ්‍ය මාධ්‍ය පවසයි. බිජින්හි සුපිරි වෙළඳසැල් සහ අවන්හල් ඔවුන්ගේ රාක්ක වලින් සැමන් මසුන් ඉවත් කිරීමට […]


Jun
18

කොරෝනා වයිරසයට එරෙහි හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් (Hydroxychloroquine) පරීක්ෂණය නතර කරයි

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති පරිදි COVID-19 රෝගීන් සඳහා බහු රටවල කෙරෙන මැලේරියා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිතයෙන් කෙරෙන පරීක්ෂණ නවතා තිබේ. එසේ සිදුකර ඇත්තේ නවතම දත්ත හා වාර්තා වලට අනුව කිසිදු ප්‍රථිපලයක් නොලැබී යාම හේතුවෙනි. New England Journal of Medicine වාර්තා කරන අන්දමට COVID-19 රෝගීන්ගේ ජානමය විශ්ලේෂණයකින් කියැවෙන්නේ යමෙකුට දරුණු රෝගයක් වැළඳී ඇත්නම් රුධිර […]


Jun
18

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1421 දක්වා ඉහළට

Generic placeholder image

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 24ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 1421 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1924 කි.


Jun
18

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාලව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ අදාල විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි. මේ වන විට පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ […]


Jun
18

පැසිෆික් ලයිට් කේබල් ජාලය එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

එක්සත් ජනපදය හොංකොං හා සම්බන්ධ කරන දිය යට දත්ත කේබලයක් චීන දත්ත සොරකමට ඇති බිය නිසා එක්සත් ජනපද රජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. ගූගල් සහ ෆේස්බුක් හි සහාය ඇතිව පැසිෆික් ලයිට් කේබල් ජාලය නිර්මාණය කර ඇත්තේ අන්තර්ජාල වේගය සහ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ය. එහෙත් “Team Telecom” නමින් හැඳින්වෙන එක්සත් ජනපද රජයේ කමිටුවක් නිර්දේශ කර […]


Jun
18

Huawei ජාතික ආරක්ෂාවට අභියෝගයක් වන බවට චෝදනාවක්

Generic placeholder image

Huawei ජාතික ආරක්ෂාවට අභියෝග කරන අතර පිළිගත නොහැකි ක්‍රියාවන්හි නිරත වී ඇති බව ගූගල් සමාගමේ හිටපු අධිපති Eric Schmidt පවසනවා. ඔහු මෙසේ කියා සිටියේ බීබීසී පුවත් සේවය හා කල සාකච්චාවකදීය. එහෙත් ඔහු පවසන්නේ බටහිර රටවල් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ චීනය හා එහි තාක්ෂණයන් සමඟ තරඟ කිරීමෙන් බවයි. Eric Schmidt මහතා වර්තමානයේ පෙන්ටගනයේ ආරක්ෂක නවෝත්පාදන මණ්ඩලයේ […]


Jun
18

සියලූම බන්ධනාගාර අධිකාරිවරුන් අද කොළඹට

Generic placeholder image

එක්දින විශේෂ පුහුණු සැසියක් සඳහා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කලේ බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. විධිමත් ලෙස රාජකාරි සිදුකළ යුතු ආකාරය, අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය, නායකත්වය පුහුණුව ආදී කරුණු සම්බන්ධයෙන් එහිදී බන්ධනාගාර අධිකාරිවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට […]


Jun
18

කොරෝනා පැතිරීමේ තවත් අවධානමක් ගැන පර්යේෂකයින් තහවුරු කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා ජිවිත දහස් ගණනක් බිළිගෙන හමාරය. එසේම ලොවම බියගන්වමින් පවත්නා මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ තවත් අවධානමක් ගැන චීනයේ Yangzhou සරසවියේ සිදුකල නවතම ප්ර්යේෂන්යකින් තහවුරු වී තිබෙනවා. ඒ මෙම වෛරසය වැසිකිලි හරහාද මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති බවට අනතුරු අගවමින්. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ නොනැසී පවත්නා මෙම වෛරසය මිනිස් […]


Jun
18

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උසස් වීමක්

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ සභාවේ අනුමැතිය මත පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ඩබ්.ජේ.එව් සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.


Jun
18

චීනයේ ඉඩම් හිමිකම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

ඉකුත් සදුදා ඉන්දියාව හා චීනය මතභේදාත්මක හිමාලයානු දේශ සිමා ප්‍රදේශයේදී ඇති වූ ගැටුම පිලිබදව දෙපාර්ශයම එකිනෙකාට චෝදනා කරගනු ලබනවා. ඒ අනුව අසල්වැසි රාජ්‍ය දෙක අතර ඇති වූ ගැටුම ගැලවන් ගංගා නිම්නයේ හිමිකාරිත්වය පිලිබදව චීනය විසින් කරනු ලබන ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දියාව විදේශ අමාත්‍යංශය සදහන් කලේ ගැල්වන් ගංගා නිම්නය පිලිබදව චීන ප්‍රකශ අතිශයෝක්ති සහගත් […]


News Articles
Latest Videos
Most Popular Post