News Line| Off Air
Generic placeholder image

Jun
10

උපකාරක පන්ති ජුනි 29 සිට නැවත ඇරඹීමට අවසර

Generic placeholder image

උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ ජුනි මස 15 දින නොව 2020 ජුනි 29 වැනි දින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත. අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ […]


Jun
10

ආගමික ස්ථානවල පුද්ගල එක්රැස්වීමට ජූනි 12 සිට අවසර

Generic placeholder image

ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජූනි මස 12 වන සිකුරාදා සිට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා […]


Jun
10

මහ මැතිවරණය අගෝස්තු 5 වැනිදා

Generic placeholder image

මහමැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය


Jun
10

දිස්ත්‍රික්ක 6ක ඩෙංගු මර්දනයට පියවර

Generic placeholder image

දිවයිනේ ඩෙංගු අවදානම සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 06ක හෙට (11) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එම වැඩසටහන් ආරම්භ කෙරෙන බවය. ‍මේ අතර අද (10) සිට […]


Jun
10

මෙයා කරපු දේ දන්නවද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


Jun
10

Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක්

Generic placeholder image

ලොව ප්‍රමුඛපෙළේ ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වෙන Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ආයතනය සඳහන් කළේ, මින් පරිගණක සේවා භාවිතය, ඊ මේල් භාවිතය මෙන්ම අභ්‍යන්තර සේවා භාවිතයට බලපෑම් එල්ල වී ඇති බවය. ජපානයෙන් පිටත නිෂ්පාදන ක්‍රියාවලි වෙත ද මින් බලපෑම් එල්ල වූ බව එම අයතනය වැඩිදුරටත් පැවසුවා. වෛරසය සිය ජාලය පුරාම පැතිරගොස් ඇතැයි […]


Jun
10

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හා රියැදුරු අත්අඩංගුවට

Generic placeholder image

මොරටුව, සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් බුද්ධි අංශය විසිනි.


Jun
10

නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර STF අණදෙන නිලධාරී තනතුරට

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.


Jun
10

රාජිතට ඇප

Generic placeholder image

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග […]


Jun
10

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩි ආසාදිතයින් දස දහස ඉක්මවයි

Generic placeholder image

මාරන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එරටින් ඊයේ දිනය තුල පමණක් හදුනාගත් නව අසාදිතයින් ගණන දස දහස ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වුයේ 10,218 ක් ලෙසයි. එමෙන්ම ඊයේ දිනය තුල කොරෝනා ආසාදනයෙන් මිය ගිය ගණන 277 ක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන මේ […]


Jun
10

මැතිවරණ කොමිසම අද යළි රැස්වෙයි

Generic placeholder image

ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. තැපැල් ඡන්ද අයැදුම්පත් භාරදීම මෙන්ම ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති.


Jun
10

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. දීවයින හරහා, […]


News Articles
Latest Videos
Most Popular Post