විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ , ඊයේ දිනයේ ඒ පිළිබඳව සියලු උපකුලපතිවරුන් කැඳවා සාකච්ඡා කළ බවයි. ඔවුන් ඉදිරිපත් කළ කරුණු අද දිනයේ නැවත සමාලෝචනය කරනු ඇති. විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අවසන් වසර විභාග ලබන 15 […]
මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (11) දිනයේ ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබු අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් වෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම නාවික හමුදා සාමාජිකයින් ඉයක්කච්චි , මුලතිව් සහ විදත්තපළේ නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බවය. පසුගිය සිකුරාදා සිට අද දක්වා ගතවු සතිය […]
විශ්වවිද්‍යාල වසා තැබුණ ද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මඟින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන බැවින්, නේවාසිකාගාර ගාස්තු, දුරකථන ගාස්තු වැනි වියදම් දැරිය යුතුව ඇති බැවින් මහපොළ ශිෂ්‍යත්වලාභීන් වෙත අදාළ ගෙවීම් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. යෝග්‍ය පරිදි අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව ගෙවීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් තීරණ දැනුම් දීම […]
පසුගිය ජනවාරි 03 වනදා ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන කුද්ස් බලකායේ අණදෙන නිලධාරි ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් බවට ඉරාන ජාතිකයෙකුට ඉරාන අධිකරණ විසින් මරණ දඬුවම ලබා දී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මරණ දඩුවම හිමිව ඇති ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ් නැමැත්තා විසින් ඉරාන හමුදා ප්‍රධානි රැදී සිටි තැන් ගැන තොරතුරු […]
සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුගියදා මැතිවරණ කටයුතු වලින් ඉවත් වීමට කිරීමත් සමග පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට ලබා දීම අද සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
තවත් කොරෝනා ආසාදිතයින් 28 සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව මාරාන්තික කොරෝනා වෛරස අසාදනයෙන් මෙරට සුවය ලැබූ පිරිස 1150 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ආන්දෝලනයට ලක් වූ ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර සහ අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන එක් පොලිස් නිලධාරීයෙක් බැඳුම්කරයක් මත බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා. තෝමස් ලේන් නම් මෙම පොලිස් නිලධාරියා පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනා අතරින් එක් අයෙකි. කෙසේ වෙතත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි […]
ඉදිරි මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම ජූලි 13 සිට පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව ජූලි 13, 14, 15 සහ 16 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙවර මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් එම අවදානම් කලාප හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අද සිට තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලේ.
මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1869 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අතරින් 7 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්ය.
2020 ගෝලීය සාම දර්ශකය නිකුත් කර තිබේ. මෙවරත් ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි. නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් එම දර්ශකයේ පළමු ස්ථාන 10 අතර පසුවේ. එම දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එම දර්ශකයේ 72 වැනි ස්ථානය හිමිව […]
පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරිමට රජය තීරණය කර තිබේ. ඊයේ (10) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම වෙනුවට “වව්චර් පත් “ ලබාදීමට පසුගිය රජය කටයුතු කරනු ලැබීය. කෙසේවෙතත් “වව්චර් පත්“ ලබාදීම […]