News Line| Off Air
Generic placeholder image

May
10

කළුතර සහ පුත්තලමේ ඇදිරි නීතිය ලිහිල් කරයි – කොළඹ සහ ගම්පහට දිගටම ඇදිරි නීතිය

Generic placeholder image

කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක දෙකෙහි ඇදිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම කි‍්‍රයාත්මකයි. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය හෙට (මැයි 11 සදුදා) සිට නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මක වනුයේ රාත‍්‍රි 8 සිට අළුයම 5 දක්වා පමණයි. කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික කි‍්‍රයාකාරිත්වය යථා තත්ත්වයට පත්කිරීම කළින් සැළසුම් […]


May
10

එංගලන්තයේ සිටින ලාංකිකයින් 25 දෙනෙකු කොරෝනා නිසා මිය ගොස් ඇති බව අගමැති තහවුරු කරයි

Generic placeholder image

හෙට සිට ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එංගලන්තයේ සිටින ලාංකිකයින් 25 දෙනෙකු කොරෝනා නිසා මියගොස් ඇති බව එතුමා එමගින් තහවුරු කළා.


May
10

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 321 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛසරය ආසාදනයෙන් පසු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද තවත් 61 ක් සුවය ලබා රෝහල් වලින් පිටව යෑමත් සමගයි. මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 847 ක් වාර්තා වී ඇති අතර ඉන් 517 ක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ කොරෝනා මරණ 09 වාර්තා […]


May
10

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

Generic placeholder image

ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි. දස මාසයක් කුස දරාගෙන ඉදලා අනේක දුක් කම්කටොලු මැදින් ආදරයේ තිඹිරිගෙයකදී ගැහෙන හදකට ජීවය දුන්නු මිහිපිට දෙවියන් වන්නේ ආදරණීය අම්මායි. මහාමායා දේවිය, ප‍්‍රජාපතී ගෝතමී දේවිය, මරිය මව්තුමිය ඇතුළු මාතාවන්ගේ කුලගෙයින් පැවතෙන මවකගේ සෙනෙහස කෙලෙස අකුරු කළ හැකිද? වැටී වැටී නැගිටින තම සිගිති පුතුගේ, දුවගේ දෑතීන් අල්ලා ඔසවා තැබූ ඇයව පියවරෙන් පියවර […]


May
10

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට(11) පැවැත්විමට නියමිතව තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි. මේ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා තිබේ. එහි දි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.


May
10

හෙට සිට සති 2ක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

Generic placeholder image

හෙට සිට තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා […]


May
10

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ දකුණු පලාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි […]


May
10

හෙට සිට අවධානම් දිස්ත්‍රික්කවල ජන ජීවිතය, ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්ත්වයට

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට(11) සිට යථාතත්වයට පත් කිරීමට නියමිතව තිබේ. එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවා හෙට සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. රාජකාරි සඳහා යළි සක්‍රීය වන ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා […]


May
9

රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීමට සහන කාලයක්

Generic placeholder image

ඇදිරි නීතිය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීමට තවත් සහන කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පති‍්‍රකා ගෙවීම සදහා පොලිස්පතිවරයාගේ එකගතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේඛම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබා දීමට සැළසුම් කර ඇති බව සදහන්. ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය […]


May
9

කොවිඩ් 19 වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් බදියුදීන්ගෙන් ජනාධිපතිට ලිපියක්

Generic placeholder image

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය […]


May
9

කොටුව දුම්රිය ස්ථානයට ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කළ හැකි විශේෂ කැමරා පද්ධතියක්

Generic placeholder image

මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළි‍වෙළට අදාළව පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන විෂබීජහරණය මෙන්ම ඒවා සේවා සඳහා සූදානම් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව අද(09) දිනයේ දී කොටුව දුම්රිය ස්ථානය පවිත්‍ර කිරීම හා විෂබීජහරණය සිදුකෙරුණා. කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා වන […]


May
9

පොදු ප‍්‍රවාහන භාවිතයේදී සහ සාප්පු යන විට ඔබ කළ යුතු දේ – නොකළ යුතු දේ

Generic placeholder image

කොවිඩ් 19 මර්දන වැඩසටහනට අදාලව නව ජීවන රටාවක් පවත්වාගැනීම සදහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් පොදු ප‍්‍රවාහන භාවිතයේදී කළ යුතු දේ සහ නොකළ යුතු දේත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා සාප්පු යන විට කළයුතු දේ සහ නොකළ යුතු දේ පිලිබද දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. එය පහත පරිදි වේ.


News Articles
Latest Videos
Most Popular Post