News Line| Off Air
Generic placeholder image

May
11

උසස් පෙළ ශ්‍රේණි සඳහා පාසල් වලට අයඳුම් කිරීම හෙට සිට online ක්‍රමයට

Generic placeholder image

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකියි. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) […]


May
11

ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මෙලොවින් සමුගනී

Generic placeholder image

ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට අද පෙරවරුවේ ඔහු ඇතුළත් කළ බවත් පස්වරු 2 ත් 3 ත් අතර කාලයේදී අභාවප‍්‍රාප්ත වූ බවත් රෝහල සනාථ කළා.


May
11

කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වැසෙයි

Generic placeholder image

සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද එහි දෛනික කටයුතු අත්හිටුවා තිබෙනවා. ඒ මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම හේතුවෙන්. මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමක්. මේ අනුව දිනය තුළ S&P […]


May
11

සජිත් රජයෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දෛනික කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවයි. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ […]


May
11

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Generic placeholder image

මැතිවරණ දිනය සම්බන්ධයෙන් වන පෙත්සම් වලට අදාලව තමන්ට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.


May
11

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන […]


May
11

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

Generic placeholder image

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වැඩිම ප‍්‍රමාණයක් සිටින ප‍්‍රාන්ත අතරින් තමිල්නාඩු ප‍්‍රාන්තය 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා. එහි දැනට ආසාධිතයින් 7204 ක් වාර්තා වන අතර මරණ 47 ක් වාර්තා වනවා. මේ වන විට දිල්ලි නගරයට වඩා තමිල්නාඩුවේ ආසාධිතයින් වැඩි වී ඇති බව ඉන්දීම මාධ්‍ය වාර්තා කළා. ඊට හේතුව වූයේ මත්පැන් හල් අසල දිගු පෝලිම් පැවතීම බවයි ඉන්දීය […]


May
11

අවසන් වරට හමුවූ නව ආසාධිතයින් 07 දෙනාම නාවික හමුදා සාමාජිකයින්

Generic placeholder image

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් අතර නව රෝගීන් 07 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා. ඒ අනුව ඊයේ දිනයේ නව ආසාධිතයින් 16 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකුම නාවික හමුදාවේ සාමාජිකයින් බවයි ඔහු පැවසුවේ.


May
11

සේවයට එන අයට ප්‍රවාහන පහසුකම් දෙන්න අද සිට දුම්රිය සහ ලංගම සූදානම්

Generic placeholder image

අද(11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය මාසයේ වාර ප්‍රවේශ පත්‍ර මේ සදහා ද වලංගු බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය. දුම්රියෙන් ගමන්කළ හැක්කේ ආයතන ප්‍රධානීන් හරහා දුම්රිය ආසන වෙන්කර ගත් පුද්ගලයින් සඳහා පමණ වන බව […]


May
11

ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්

Generic placeholder image

වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිළිමතලාව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට (12 උදෑසන 8.00 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.


May
11

සාමාන්‍ය කටයුතු ආරම්භ කළත් වෛරසය පාලන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි

Generic placeholder image

රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදේශන මහජනතාව විසින් අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. මේ අතර සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ […]


May
11

අධිකරණ ඇතුළු රජයේ කාර්යාල අද විවෘත වෙයි

Generic placeholder image

අද සිට අධිකරණ ඇතුළු රජයේ කාර්යාල විවෘතව පවතින බව වාර්තා වේ. ඇදිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර අනෙකුත් සෙසු දිස්ත්‍රික්කවල අධිකරණ කටයුතු අද සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මීටරයේ දුර තබා ගනිමින් අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල කාර්යාලීය කටයුතු අද සිට ආරම්භ කරන […]


News Articles
Latest Videos
Most Popular Post