මහ මැතිවරණය සදහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(13) පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය. මේ අතර සන්ධානගතව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ(12) දින පැවැත්වුණි.
ඊයේ(12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
අද (11) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 879 ක් වනවා.
කොරෝනා ආසාධිතයින් වැඩිම දෙවන රට බවට රුසියාව පත්ව තිබෙනවා. ඒ අද දිනයේදී තවත් ආසාධිතයින් 10,899 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව එහි සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 232,000 ක්. එය දෙවැනි වන්නේ අමෙරිකාවට පමණයි. පසුගිය පැය 24 දී මොස්කව් අගනුවරින් වාර්තා වී ඇති ආසාධිතයින් ගණන 5000 කට ආසන්නයි.
තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට ආසාධිතයින් සංඛ්‍යාව 879 දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
දිවයින ආශී‍්‍රතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරෝත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වල අද රාති‍්‍ර කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලත් අම්පාර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථාන […]
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබෙනවා. තලගල මංගලාරාම මහා විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන හිමි රුපියල් ලක්ෂයක්, ශ්‍රී ශාන්තිධාර පානබොක්කේ පදනමේ සභාපති, මහාචාර්ය වෛද්‍ය එස්.කේ. පානබොක්කේ භික්ෂුණින් වහන්සේ රුපියල් මිලියනයක්, හිටපු පළාත් සහා මන්ත්‍රීනි ඒ.එම්.ඒ. මානෙල් බණ්ඩාර මහත්මිය රුපියල් පනස්දහසක් […]
මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 872 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේත් ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට දින (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධව අද දින (12) විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද […]
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් පරිශ්‍ර පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව මෙම චක්‍රලේඛය සම්පාදනය […]
මෙරට කොරෝනා ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව යාමත් සමගයි.
කොවිඩ් 19 වෛරසය හමුවේ මහ මැතිවරණය කල් නොදමන බව නවසීලන්තය ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සැළසුම් කළ අයුරින් ලබන සැප්තැම්බර් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බව සදහන්. කොරෝනා වසංගතය පාලනය කළ ක‍්‍රමවේදය හමුවේ අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මියගේ ජනපි‍්‍රයත්වය ද සීඝ‍්‍රයෙන් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.