කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් දැනට විදිමත් ව ලබා දීමක් සිදු නොකරන බැවින් මාස දෙක තුනක බිල්පත් එකතු කර අමතර ගාස්තුවක් ද සහිතව එක්වර විශාල මුදලක් තමන්ට ගෙවන්නට සිදුවේ යැයි මේ දිනවල නිරන්තරයෙන් මහජනතාව විදුලිබල අමාත්‍යාංශය හා විදුලි බල මණ්ඩලයෙන් විමසීම් කරනු ලබයි. මෙම කාරණය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් මස 26 වනදායින් පසුව බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව […]
මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ(24) රාත්‍රි තහවුරු වුණා. මෙරටින් වාර්තා වූ 416 වැනි වෛරස ආසාදිතයා මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා යි. ඒ පිළිබඳ තවදුරටත් කරුණු දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා මේ බව සඳහන් කළා. මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් දෙදෙනෙකු […]
මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළගොස් තිබෙනවා. මෙයින් රෝගීන් 109 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර දැනට රෝහල් වල ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 304 ක්.
අද(24) දිනයට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 417 දක්වා ඉහළගොස් තිබෙනවා.
ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 416 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා ආසාධිතයින් සංඛ්‍යාව 48 ක්. එක් දිනක් තුළ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ අදයි.
කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම ගැබිණි මවට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ කුසේ සිටි බිළිඳා මිය ගොස් ඇති බවයි.
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟයි. මේ වන විට අද දිනය තුල නව රෝගීන් 46 ක් හදුනා ගෙන තිබේමේ අතර අද […]
නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව පවසනවා. නාවික භටයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම කදවුරේ නාවිකයින් 4000 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෛරස ආසාදිත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සදහන් […]
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින්ට කොරෝනා ආසාදිතව නැති බවට හඳුනා ගෙන ඇති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට […]
තේ වත්තක සැරිසරමින් සිටි තවත් කදුකර කොටියෙකු අද දින මන්දකට හසුව ඇති බව නල්ලතන්නි වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්‍ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා. හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ මෙසේ කදුකර කොටියා මන්දකට හසුවී ඇති බවයි වනජීවි නිළධාරීන් කියා සිටියේ. තේ වත්තේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරීමට කිසියම් පිරිසක් විසින් ගසක අටවන ලද […]
කොරෝනා වෛරසය තහවුරු කෙරෙන පී.සී.ආර් පරීක්‍ෂණය සදහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රජයට වැයවන පිරිවැය රු.6000 කට අධික බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කළා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයකද ඉදිරියේදී පී.සී.ආර් පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පැවසුවා. පී.සී.ආර් පරීක්‍ෂාව සදහා පෞද්ගලික අංශ සම්බන්ධ කරගැනීමේ අරමුණ […]