News Line| Off Air
Generic placeholder image

Apr
20

ඉදිරි සති දෙක තුළ ජනතාව ප්‍රවේශම්ව කටයුතු කළ යුතුයි

Generic placeholder image

කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් රෝග ලක්ෂණ නොමැති රෝගය පතුරුවන්නන්ගේ ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ පවතින බව ඔහු පෙන්වා දුන්නා. අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර […]


Apr
20

ඉන්දියාවෙන් දිනකදී වාර්තා වන වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි

Generic placeholder image

ගතවු පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 1,553 දෙනෙක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කළා. එක් දිනයක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවා. මේ වන විට එරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 543ක් වන අතර ආසාධිතයින් ගණන 17,265ක්. […]


Apr
20

කොරෝනා රෝගීන් ගණන 303ක් දක්වා ඉහළට

Generic placeholder image

අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙම ආසාදිතයින් 8 දෙනාද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් බවට වාර්තා වෙයි ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 303 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ […]


Apr
20

දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල්යයි

Generic placeholder image

ලබන ජූනි මාසයට යෙදි තිබූ දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල් දමා තිබෙනවා. දැනට පවතින කොරෝනා වෛරසය මීට හේතු වූ බව සදහන්. දෙරටෙහි කි‍්‍රකට් ආයතනය විසින් මෙම ඒකාබද්ධ තීරණය ගෙන ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම මෙම තත්ත්වය සමථයකට පත් වූ පසු මෙම තරගාවලිය සැළසුම් කිරීමට නියමිතයි. එක්දින […]


Apr
20

ප්‍රබල අකුණු සහ තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Generic placeholder image

ප්‍රබල අකුණු සහ තද වැසි ඇති වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව හා උතුරු මැද පළාත්වලත් යාපනය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථාවලට මිලිමීටර 100 කට වැඩි […]


Apr
20

නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසෙයි

Generic placeholder image

නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව සදහන්. එම ආසාදිතයින් සමඟ අදාළ ආරක්ෂක නිලධාරිනිය සෘජු සබඳතා පවත්වා ඇති බැවින් විෂබීජහරණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා.


Apr
20

රන්ජන්ට ඇප

Generic placeholder image

රන්ජන් රාමනායකට ඇප ලබා දි තිබෙනවා. ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය(13) පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීමට අවශ්‍ය බව එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ […]


Apr
20

අදත් සවස් වරුවේ තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.75 පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් […]


Apr
20

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

Generic placeholder image

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා […]


Apr
20

මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරින් අතර විශේෂ හමුවක් අද

Generic placeholder image

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් හා මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද(20) පැවැත්වෙයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සහ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිලිබද මෙහිදි වැඩි අවධානයක් […]


Apr
20

මෙරට ‌කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළට

Generic placeholder image

අද (20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුුව ‌මෙරට ‌කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළ ‌ගොස් තිබේ. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි. මේ අතර පුද්ගලයින් 96 […]


Apr
20

දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව – හම්බන්තොට දක්වා විවෘත කරයි

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එය අද(20) සිට ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුටත් සඳහන් කළේය. මේ අතර අධිවේගී මාර්ගය ලබන බදාදා(22) සිට කටුනායක සිට හම්බන්තොට දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post