News Line| Off Air
Generic placeholder image

Apr
4

තවත් කොරෝනා ආසාධිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළදී අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ වන විට රෝගීන් 25 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. ඒ අනුව දැනට ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් 159 දෙනාගෙන් මේ වන විට රෝගීන් 129 දෙනෙකු තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.


Apr
4

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Generic placeholder image

ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන ගිය අදාල නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි පුද්ගලයින් 172 කු සිය නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස නිවෙස් වෙත පිටත් කර හැරුණු බව ගුවන් හමුදාව සඳහන් කළා. විදෙස් රටවල සිට පැමිණි අදාල පිරිස පසුගිය […]


Apr
4

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවයි

Generic placeholder image

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. ලොව වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය දෙලක්ෂ 76965 ක්. එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේ වන විට ලොව පුරා මරණ 59,140 දක්වා ඉහළගොස් තිබෙනවා. ලොව පුරා ආසාධිතයින් සංඛ්‍යාව දස ලක්ෂ 97810 ක් ලෙසයි වාර්තා වන්නේ.


Apr
4

දුව කොරෝනා – පුතා කොවිඩ් – ඉන්දියාවේ අලුත උපන් නිව්න් දරුවන්ට නම් තබයි

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා දින 21 ක අගුලු දැමීමකට (Lockdown) ලක්ව සිටින ඉන්දියාවේ දැඩි දුෂ්කරතාවයකින් රෝහල්ගත වී නිවුන් දරුවන් බිහි කළ මවක් සිය සැමියාද සමග එක්ව උපත ලැබූ දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඩ් යන නම් යෙදූ පුවතක් ඉන්දියාවේ රයිපූර් ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අනුව ඉකුත් 27 වනදා රයිපූර් ප‍්‍රදේශයේ බී ආර් අම්බෙඩ්කාර් අනුස්මරණ රජයේ […]


Apr
4

මෙරට 05 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට පස්වන කොරෝනා මරණයත් වාර්තා වු බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා. ඒ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා තත්ත්වය උත්සන්න විමෙන් මොහු මිය ගොස් තිබෙනවා. තවද මොහු ඉතාලියේ සිට පැමිණ හෝමගම පදිංචි පුද්ගලයෙක් බවත් වෙන කිසිදු රෝගයක් ඔහුට නොතිබු බවත් අනිල් ජාසිංහ මහතා පැවසුවා. තවදුරටත් ලංකාවේ කොවිඩ් 19 […]


Apr
3

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අද (03) රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා ‍ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ‍ගොස් තිබේ.


Apr
3

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 156 දක්වා ඉහළට

Generic placeholder image

මේ වන විට දිවයිනෙන් තවත් කොරෝනා ආසාධිතයින් 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


Apr
3

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11607 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට අද(03) දක්වා පුද්ගලයින් 11607 දෙනෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන 2878 ක් ද පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා. මේ අතර අද උදෑසන 6 සිට අද සවස 6 දක්වා පමණක් පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන ද 151 ක් […]


Apr
3

මෙරට කොරෝනා ආසාධිතයින් 152 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.


Apr
3

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 54,000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 54, 207 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම ලොව පුරා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 30,324 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Apr
3

උදයංග වීරතුංග ඇප මත නිදහස් වෙයි

Generic placeholder image

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මෙලෙස ඔහුට ඇප ලබා දුන්නා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් රුසියානු හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගණදෙනුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකටයි.


Apr
3

කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදයේ වෙනසක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. රෝගීන් හමුවන ප්‍රදේශ අවට පිරිස් පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post