මේ දිනවල රටේ පවත්නා කොරෝනා වසංගතය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා. තමන් විසින් සිදුකරනු ලබන නිවේදන හෝ […]
මද්දකට හසු වි තේ වත්තේ මිය ගොස් සිටි හොදින් වැඩුණු කොටියෙකුගේ සිරුරක් ඊයේ (02) දින පස්වරුවේ සොයගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලය පවසනවා. නාවලපිටිය පොලිස් වසමට අයත් බාකෙඩ් වතුයායේ බාකෙපල් කොටසේ මිය ගිය කොටියෙකුගේ සිරුර තිබෙන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරි දැනුවත් කිරීමෙන් පසු වතු පාලන අධිකාරි විසින් ඒ බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් […]
ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් අමෙරිකාව ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයින් 244,877 ද ඉතාලියෙන් ආසාදිතයන් 115,242 ක්, ස්පාඤ්ඤයෙන් 112,065 ක්, ජර්මනියෙන් 84,794 ක්, චීනයෙන් 81,589ක්, ඉරානයෙන් 50,468 ක්, ප්‍රංශයෙන් 59,105 ක් සහ එක්සත් රාජධානියෙන් 33,718 ක් හඳුනාගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය අසාදිතවීමෙන් ඉතාලිය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව මේ වන විට 13,915 ක් වන අතර ගතවු […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක්. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුත් , අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් ද ඉතාලියෙන් ඊයේ වාර්තාවූ කොරෝනා මරණ සංඛ්‍යාව 760 ක් ද ජර්මනියෙන් නව කොරෝනා මරණ 176 ක් ද ඉරානයෙන් […]
ප්‍රතිශක්තිකරණ ඖෂධයක් සහ විෂබීජ නාශකයක් ජනතාවට හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර අවදානම් සහගත පළාත් වලට මුලික වශයෙන් මෙම ඖෂධය සහ ගෙයින් ගෙට බෙදා හැරීමට කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
ඊයේ(02) උදැසන 6 සිට අද(03) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට පත්ව තිබේ. එම කාලය තුළ වාහන ද 325 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 10730ක්. දිවයින […]
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ(02) දිනය අවසන් වන විට පුද්ගල මරණ 52,982ක් සහ ආසාදිතයින් දස ලක්ෂ 14,296 ලෙස සටහන් වෙයි.ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 5790 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් […]
කොරෝනා ආසාධනය වී මෙරට සිදුවූ සිව්වෙනි මරණයත් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. මියගොස් ඇත්තේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව සදහන්. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම රෝගීයා මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සදහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු දින සිට අද (02) දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 10039 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන 2489 ක් ද අත්අඩංගුවට පත්වු බව පොලීසිය පවසනවා. ඒ අනුව අද මධ්‍යහන 12 සිට සවස 6 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305 ක් අත්අඩංගුවට […]
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම් ඇතුලු සියළු තොරතුරු, කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව ජල බිල්පත පිළිබඳ නවතම තොරතුරුද මෙම කෙටි පණිවිඩ සේවයෙන් ලබා ගත හැකියි. ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0779 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැකි […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද දිනයේ රෝගීන් 04 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා. එම රෝගීන්ගෙන් දෙදෙනෙකු ඊයේ මියගිය කොරෝනා ආසාධිත රෝගීයා ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙක් බව අනාවරණය වී තිබෙනවා.