News Line| Off Air
Generic placeholder image

Apr
5

අලුත් අවුරුදු සමයෙන් පසු වෛරස අවදානමෙන් තොර ප්‍රදේශවලට දැනට පවතින සීමාවන් ඉවත් වෙයි

Generic placeholder image

එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ කොවිඩ් නයින්ටීන් වෛරස අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම නිසා අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වැඩසටහන පවත්වාගෙන ගොස් පවතින තත්ත්වය විමර්ශනය කර ඊලඟ පියවර තීරණය කිරීමට නියමිත බවයි මාධ්‍ය අංශය සඳහන් කළේ. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා […]


Apr
5

ඔබ වෙනුවෙන් අප හට කල නොහැක්කක් නොමැත සියත ලෙන්ගතුකම Diolog සමග අද සිට ඔබ සමීපයට

Generic placeholder image

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනතාවගේ ජන ජිවිතයට බලපැමක් එල්ල වී ඇති පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් විශේෂයෙන්ම එදා වේල හරි හම්බකරන් කන මිනිසුන් ඉතා අපහසු කාල පරිච්ජේදයක් මේ වන විට ගත කරනු ලබන බව නොරහසට කරුණක්. ඒ වෙනුවෙන් voice of asia මාධ්‍ය ජාලය සියත tv […]


Apr
4

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළට

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 166ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.


Apr
4

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 27ක්.


Apr
4

Lock down කරන බවට පැතිරෙන කට කතා අසත්‍යය බව නියෝජ්‍ය පොලිස්පති කියයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.


Apr
4

මෙරට කොරෝනා ආසාධිතයින් 162 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අද හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.


Apr
4

විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු විසදීමට හෙට සිට විශේෂ සේවාවක්

Generic placeholder image

විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නංවනු ඇති. […]


Apr
4

තවත් කොරෝනා ආසාධිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළදී අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ වන විට රෝගීන් 25 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. ඒ අනුව දැනට ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් 159 දෙනාගෙන් මේ වන විට රෝගීන් 129 දෙනෙකු තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.


Apr
4

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Generic placeholder image

ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන ගිය අදාල නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි පුද්ගලයින් 172 කු සිය නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස නිවෙස් වෙත පිටත් කර හැරුණු බව ගුවන් හමුදාව සඳහන් කළා. විදෙස් රටවල සිට පැමිණි අදාල පිරිස පසුගිය […]


Apr
4

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවයි

Generic placeholder image

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. ලොව වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය දෙලක්ෂ 76965 ක්. එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේ වන විට ලොව පුරා මරණ 59,140 දක්වා ඉහළගොස් තිබෙනවා. ලොව පුරා ආසාධිතයින් සංඛ්‍යාව දස ලක්ෂ 97810 ක් ලෙසයි වාර්තා වන්නේ.


Apr
4

දුව කොරෝනා – පුතා කොවිඩ් – ඉන්දියාවේ අලුත උපන් නිව්න් දරුවන්ට නම් තබයි

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා දින 21 ක අගුලු දැමීමකට (Lockdown) ලක්ව සිටින ඉන්දියාවේ දැඩි දුෂ්කරතාවයකින් රෝහල්ගත වී නිවුන් දරුවන් බිහි කළ මවක් සිය සැමියාද සමග එක්ව උපත ලැබූ දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඩ් යන නම් යෙදූ පුවතක් ඉන්දියාවේ රයිපූර් ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අනුව ඉකුත් 27 වනදා රයිපූර් ප‍්‍රදේශයේ බී ආර් අම්බෙඩ්කාර් අනුස්මරණ රජයේ […]


Apr
4

මෙරට 05 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට පස්වන කොරෝනා මරණයත් වාර්තා වු බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා. ඒ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා තත්ත්වය උත්සන්න විමෙන් මොහු මිය ගොස් තිබෙනවා. තවද මොහු ඉතාලියේ සිට පැමිණ හෝමගම පදිංචි පුද්ගලයෙක් බවත් වෙන කිසිදු රෝගයක් ඔහුට නොතිබු බවත් අනිල් ජාසිංහ මහතා පැවසුවා. තවදුරටත් ලංකාවේ කොවිඩ් 19 […]


News Articles
Latest Videos
Most Popular Post