දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද(30) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරිණි. එම පළාත් සඳහා අද දහවල් 2.00 සිට යළිත් ඇඳිරි නීතිය පනවනු ඇති. කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජනාධිපති […]
හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ. පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව වෙළඳ […]
නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරුවේ තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. මෙම දින දෙක තුළදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අයට අප්‍රේල් මස 6 වනදා වන විට අදාල ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එම කාර්යාලය පැවසුවේ. අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද පැවති අතර […]
ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී (29) එක් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කොළඹ […]
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබෙනවා. මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ(28) රාත්‍රියේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි. මේ වන විට මෙරටින් […]
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රීලාංකිකයෙකු මියගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රීලාංකිකයා මොහු වන බව වාර්තා වෙයි. 70 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙලෙස මියගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වාදෙයි. ඊයේ දිනයේ 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගියේය. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත […]
ඉතා හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.
කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු උදෑසන 11: 10 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණා. ඒ දැඩි සීමාවන් යටතේයි.
කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව ජනග්‍රහනය වැඩිම රටවල් 05 වාර්තාවෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවන්ගේ සටහනක් පහත දැක්වේ. 1 . චීනය ජනගහනය – 1,439,323,776 රෝගීන් – 81,439 මරණ – 3,300 2 ඉන්දියාව ජනගහනය – 1,380,004,385 රෝගීන් – 987 මරණ – 24 3 ඇමෙරිකාව ජනගහනය – 331,002,651 රෝගීන් – 123750 මරණ – 2227 4 ඉන්දුනීසියා ජනගහනය – 273,523,615 […]
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව බොහෝ රටවල් පුරා ව්‍යාප්ත ව ගොස් තිබෙනවා. කෙසේ නමුත් මෙම වෛරසයට ගොදුරු නොවුණු රටවල් එනම් මෙතෙක් කොරෝනා රෝගීන් වාර්තා වී නැති රටවල් කිහිපයක් පමණක් ඉතුරුව තිබෙනවා. මේ ඒ දූපත් හා රටවල් කිහිපයයි… Turkmenistan Tajikistan Western Sahara South Sudan Sierra Leone Yemen Botswana Malawi Burundi Lesotho Falkland Islands South […]
අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන අතර මේ තුලින් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත පාලනය කිරීම සැලකිල්ලට ගෙන බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ […]